දිනක් මා විස්මයට පත්වන යමක් සිදුවිය.
මම විසල් ගෙන් ඔහු ගේ මේ අමුතු හැසිරීම ගැන විමසීමට ඔහුගේ කාමරයේ දොර අසලට ගියෙමි.
මම එතනට යන විට ඔහු කාමරය තුළට වී දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් සිටියේය. මොහු කතා කරන්නේ කුමක් ගැන දැයි දැනගැනීමට මම
කාමරයේ ජනේලය අසලට ගොස් සෙමින් එබී බැලුවේය. ඔහු ජනේලයට පිටුපා කතා කරමින්
සිටියේය. මම එක්වරම පහත් වී ඔහුගේ කතාවට
ඇහුම්කන් දෙමින් සිටියෙමි.
“මේකයි. මට ඔය සුරංග බොතේජු කියන මිනිහගෙ
ඩීටේල්ස් ටිකක් අරගන්න ඕනෙ. ඒ කියන්නෙ එයාගේ ෆෝන් රොකෝඩ්ස්, ආගිය තැන්, ඉන්න තැන
හැමදෙයක්ම................................... බෑ කියලා බෑනෙ. කොහොම හරි හොයාගන්න
ඕනෙ. ............................................... වොරෙන්ට් එකක් ඕනෙ? හැමදේම නීත්‍යානුකූල විදිහට
කරන්න බෑ. නීතිය අකුරටම පිළිපදින්න ගියොත් නීතිය, සාධාරණය ඉටුකරන්න බෑ. ඔය මිනිහගේ
නොම්බරේ (දුරකතන සමාගමක නමක් කියයි) එකක්නෙ. මම අඳුනන කෙනෙක් ඉන්නවා ඒකෙ වැඩ කරන.
මම ම ඩීටේල්ස් ටික ගන්නම්. ....................................... තාම එච්චර ප්රොගෙස් එකක් නෑ. මොකද මේ මිනිහා
වැඩේ කරලා තියෙන්නෙ මාර ප්ලෑන් එකකට. පොඩ්ඩක් ලයින් එකේ ඉන්න. ”
“අනුන්ගේ ප්‍රයිවට් දේවල් වලට හොරෙන්
ඇහුම්කන් දෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා අදවත් ඉගෙන ගන්න කවිෂ්ක.”
මා එක්වරම පිටුපස හැරී බැලුවෙමි. විසල් මාගේ
අසලට පැමිණ තිබුණි. මේ සිදුවීමෙන් මට මහත් කම්පනයක් දැනුනි. මට සිදුවූයේ මහත්
ලැජ්ජාවකි. මට ඔහුට කියන්නට යමක් මුවට ආවේ නැත.
“මම මේ............... මම..............
මේ.............. ආවෙ.........මේ.... ඔයා රෑට කන්නෙ මොනවද කියලා අහන්න. මේ.......
මම යනවා.”
මෙසේ පැවසූ මා සූදානම් වූයේ කෙසේ හෝ එතැනින් පැනගන්නටය.
“ඔහොම ඉන්න කවිෂ්ක. මම කාටවත් මේ සිද්ධිය
ගැන කියන්නේ නැහැ. මනුස්සයා කියන්නේ කුතුහලයෙන් පිරිච්ච කෙනෙක්නේ. මම ඔයා වෙලා
හිටියොත් මම කරන්නෙත් ඔය දේම තමයි. එන්න ඇතුලට මම ඔයාට මේ දේවල් පැහැදිලි කරලා
දෙන්න.”
මම ඔහුගේ එම කතාවෙන් ප්‍රීතියෙන් පිනා
ගියෙමි. මොහු කවුද, කරන්නේ මොනවාද යන්න දැනගැනීමට මට තිබුණේ මහත් ආසාවකි.
“හරි. හැබැයි ඔයා මට බොරු කියන්න බෑ.
ඇත්තම කියන්න ඕනෙ.”
“යමුකො ඇතුලට ඔයාට මේ සිද්ධවෙන දේවල්
තේරුම් කරලා දෙන්න.”
මම විසල් සමග ඔහුගේ කාමරය ඇතුලට ගියෙමි.
තවමත් හරිහැටි අස්කර නොගත් කාමරය තිබුණේ අපිළිවෙලටය. පුටුවක් මත තිබුණු විවිධ බඩු
භාණ්ඩ ඉක්මණින් ඉවත් කර දැමූ ඔහු එම ආසනය මට ලබාදී ඔහු ඇඳ මත වාඩි වුණේය. ඔහුම
කතාව ඇරඹීය.
“ඔයා දැනටමත් දන්නවා ඇති මගේ රස්සාව
මොකක්ද කියලා.”
“ඔවි. ඔයා ෂුවර් එකට වැඩ කරන්නේ සී.අයි.ඩී
එකට. මම හිතන්නේ ඔයා ඒකෙ ඔත්තු කාරයෙක්.”
“අපෝ නෑ. මම කරන්නේ ස්වයං රැකියාවක්. මම
ඔයගොල්ලන්ට මම හවුස් ප්ලෑන් අඳින එක්කෙනෙක් කිවුවෙ බොරුවට. ඇත්තටම මම රහස්
පරික්ෂකයෙක්!”
“මොකක්! රහස් පරික්ෂකයෙක්?”
“මම මේ මං ගැන ලොකුකම් කියවනවා කියලා
හිතන්න එපා. මම දැනට ලංකාවේ වෙච්ච මිනිමැරුම්, අපරාධ, මංකොල්ලකෑම් පනහකට වැඩි
ගානක් විසඳලා තියෙනවා. මම හින්දා අපරාධකාරයෝ තුන්දෙනෙක් එල්ලුම්ගහට නියම වෙලා තියෙනවා.”
“ඇත්තටම? හරි පුදුමයි. ඒක තමයි ඔයා මෙහෙට
ආපු දවස්වල මැජික් බලේකින් වගේ හැම අපි ගැන විස්තර දෙයක්ම කිව්වේ.”
“ඒක මගේ හැකියාව. මම කැමතියි ඒක පාවිච්චි
කරලා මිනිස්සුන්ව පුදුම කරන්න.”
“ඔයා කොහොමද අපි දිහා බලල හැමදේම කියන්නෙ?”
“ඕගොල්ලො දිහා බලලම තමයි.”
“මට තේරුණේ නැහැ. මමත් දැන් ඔයා දිහා බලන්
ඉන්නවනේ මට බැහැනෙ එහෙම විස්තර කියන්න.”
“මම එහෙම කරන්නෙ කිසිම ගුප්ත බලේකින්
නෙමෙයි. මම ඔයාට ඒක පැහැදිලි කරන්නම්. දැන් මම මේ කාමරේ බලන්න ආපු වෙලාවෙ කිව්වා
ඔයා මේ පාර ඒ ලෙවල් ලියපු කෙනෙක් කියලා. මම ඒක දැනගත්තෙ කොහොමද දන්නවද? මම ඔයාගෙ
ගේ ඇතුලට ආපු වෙලාවෙ මම දැක්කා කැබිනට් එක උඩ තියෙනවා පොත් වගයක්. ඒ පොත් උසස් පෙළ ගිණුම්කරණ විෂයට අදාල පොත්. ඔයා මේ අවුරුද්දේ ඒ ලෙවල් ලියනවනම් ඔයා මෙහෙම
ෆ්‍රී එකේ ඉන්නෙ නැහැනෙ. ඒ කියන්නේ ඔයා
විභාගේ ලිව්වේ ගිය අවුරුද්දේ. ඔයාගෙයි
අම්මගෙයි මුහුණෙ පෙනුම දැක්කම කියන්න පුළුවන් රිසල්ට් අවුලක් නෑ කියලා. ඒත්
එකවුන්ට් වලට රිසල්ට් අඩුයි කියලා කියන්න පුළුවන් වුණේ කැබිනට් එක උඩ තිබුණු පොත්
එකවුන්ටන්ට් පොත් හින්දා. ඒ සබ්ජෙක්ට් එකට රිසල්ට් අඩු වුණ හින්දා තමයි ඔයා ඒ පොත්
ආයිත් බලන්න එළියට අරං තියෙන්නේ. එතන අනිත් සබ්ජෙක්ට්, ඒ කියන්නේ ආර්ථීක විද්‍යාව
වගේ විෂයන් වල පොත් තිබුණෙ නැත්තේ ඒවයේ රිසල්ට් හොඳ හින්දා. ඒකෙන් තව දෙයක් කියන්න
පුළුවන්. ඔයා හොඳට ඉගෙගන්න, හොඳට පාසලේ වැඩ කරන කෙනෙක්. නැත්තං වෙන කෙකෙන් නම්
එක්සෑම් වලින් පස්සේ පොතක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නැහැ.”
“දැනුයි තේරෙන්නේ ඔයාගේ ඔය මැජික් බලේ ආවෙ
කොහොමද කියලා. බලං යනකොට ඒකෙ එච්චර රහසක් නෑ. ඒත් මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔයා
මෙහෙ හිටපු ලෝයර් ගැන දැනගත්තෙ කොහොමද?”
“මම මේ කාමරේ බලපු වෙලාවෙ දැක්කා මෙන්න මේ
කබඩ් එකේ තියෙනවා ලෝයර්ස්ලා පාවිච්චි කරන කොළ වගයක් තියෙනවා. ඒක දැකලා තමයි මම
කිව්වෙ මෙහෙ කලින් ලෝයර් කෙනෙක් හිටියා කියලා. තව මේ කබඩ් එකේම තවත් ලාච්චුවක
තිබුණා බැංකු වලින් එවපු ලියුම්. ඒවයෙ තිබ්බෙ ක්‍රෙඩිඩ් කාඩ් වල සල්ලි ආපහු ගෙවන්න
කියලා, උකස් කරපු එක එක බඩු බේරන්න කියලා, සමහර බඩු සින්න වෙලා කියලා ආපු ලියුම්.
ඉතින් ඒවා දැක්කම කියන්න පුළුවන් ඒ මනුස්සයා ලොකු ආර්ථීක අර්බුදයක හිටියෙ කියලා.
තව මේ කාමරේ හදිසියෙන් බඩු අස් කරපු ළකුණු තිබ්බා. ඒ කියන්නෙ එයා හදිසියෙන්ම ගියපු
ලකුණු තියෙනවා. සල්ලි වලින් අමාරුකම් තියෙන කෙනෙක් හදිසියෙම තැන් මාරු කරන්නේ
කුළියට හිටපු තැනින් යන්න වුණාම. ඒ කියන්නෙ එයා මාස ගාණක සල්ලි ගෙවලා තිබුණෙ නැහැ.”
විසල් අනිත් නිගමන වලට ආ හැටි හතරවන කොටසින් බලන්න
ලස්සනට ගලපලා තියෙනවා මචන් නියමයි
ReplyDeleteදිගටම ඔහොම ලියන් යන්
ස්තූතියි, ලන්ඩන් ඇවිල්ලා යනවට.
Deleteමෙන්න මේ කතාව හුඟාක් හොදයි අළුතෙන් ලිව්ව ඒවට වඩා. එත් කෝ මේක ලියලා නම් නෑ නොවැ. ඉස්සරහට ලියන්නේ නැතෙයි මේ කතාව?
ReplyDeleteආ...ඒ කතාව ලියලා තියෙන්නේ. මම හිතුවා මේ කොටසට එච්චර කමෙන්ට්ස් නැති හින්දා කතාව චාටර් වෙලා ඇති කියලා. ඒකයි ඉතුරු කොටස නොදැම්මේ. ළඟදිම හතරවෙනි කොටසත් දාන්නම්.
Deletemachan maarama asawen kiyawanawo pin godaaak.....
ReplyDeleteබොහොම ස්තූතියි කමෙන්ට් එකක් දාලා ගියාට!
Delete