Thursday 11 October 2012

ගැහැණියක් නිසා තම සීලය බිඳගත් තාපසවරයා


     
 මේ මම කිසිම පරීක්ෂණයක් නොකරන කාලයක්. ඉතිං මම හිතුවා කම්මැලිකමටත් එක්ක මගේ කාලය ප්‍රයෝජනවත් වැඩක යොදවන්න. මම පටන් ගත්තා පොතක් කියවන්න. ඒක ගොඩක් වටිනා ආදර්ශ සහිත පොතක්. ඒ පොතේ තියෙන කවුරුත් එච්චර අහලා නැති කතාවක් තමයි මම අද ලියන්න හිතුවෙ.

     එකමත් එක කාලෙක ඉන්දියාවේ විශාල රාජ්‍යයක් තිබුණා බරණැස් නුවර කියලා. මේ බරණැස් නුවර රජ කාළේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක්. ඒ රජතුමා රජ කරන කාලේ එක බමුණෙකුගේ පුතෙක් සසර කළකිරිලා කාමයේ ආදිනව වැටහිලා හිමාල වනයට ගිහිල්ලා තපස් රැක්කා. ඔහොම ටික කාලයක් යනකොට වර්ෂා කාලය ආවා. වර්ෂා කාලයේ වනයට වෙලා තපස් රකින්න අමාරු බව දන්න බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ අර තවුසට තමන්ගේ රජ උයනට වැඩලා තපස් රකින්න කියලා ආරාධනා කළා. ඉතිං තවුසත් ඒ ආරාධනාව පිළි අරගෙන රජ උයනට වැඩියා වර්ෂා කාළේ තපස් රකින්න. 

ඔහොම ටික දවසක් යනකොට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ බරණැස් රාජ්‍යයට සතුරු තර්ජනයක් එල්ල වුණා. ඉතිං රජ්ජුරුවො කළේ සටන් කරපු එක. ඒ හින්දා රජ්ජුරුවන්ට සටන් කරන්න සටන් බිමට යන්න සිද්ධ වුණා. ඉස්සර දැන් කාළේ වාගේ මන්දිර වල ඉඳගෙන සටන් කරන්න පුළුවං කමක් තිබුණෙ නෑ. රජ්ජුරුවොත් සටනට යන්න ඕනෑ. ඒත් ඒ වෙනකොට අර උයනේ තපස් රැකපු තාපසයට උපස්ථාන කළේ බ්‍රහ්ම දත්ත රජ්ජුරුවෝ. ඉතිං රජ්ජුරුවන්ට සටනට යන්න සිද්ධ වෙච්ච නිසා තාපසයට උපස්ථාන කරන එක භාරදීලා ගියේ තමන්ගේ අගබිසවට.

     තාපසයත් අගබිසවගෙන් උපස්ථාන ලබමින් ඉන්න කොට මොකක් හරි හේතුවකින්  අගබිසවගේ නිරුවත දැක්කා. ඒකෙන් තාපසයගේ සැඟවිලා තිබුණු  කෙලෙස් සිතුවිලි මතුවෙලා අග බිසවත් එක්ක අනාචාරයේ හැසිරෙන්න පටන් ගත්තා. මේ විදිහට දිගටම වෙන්න ගත්තම රටේ ජීවත් වෙන රට වැසියනුත් තාපසයාගෙයි අග බිසවගෙයි අතරෙ තියෙන මේ අනිසි සම්බන්ධය ගැන දැනගත්තා.

රජතුමා තමන්ගේ සටනින් දිනලා ටික දවසකින් ආයෙත් රාජධානියට ආවා. රජතුමා ආපු ගමන්ම රටේ ඉන්න කේළාම් කාරයෝ ඔක්කොම තාපසයගෙයි බිසවගෙයි සම්බන්ධය ගැන රජතුමා කිව්වා. ඒ වුණාට රජතුමා ඒ කතාව විශ්වාස ක‍ළේ නෑ. ඒත් රජතුමාට ඒ කතාව විශ්වාස කරන්න වුණේ තාපසයයි බිසවයි ඒක ඇත්ත කියලා පිළිගත්ත නිසා.

ඒක නිසා රජ්ජුරුවො ගොඩක් දුකට පත්වුණා. ඒත් එතුමා කෝප අරගත්තේ නෑ. රජතුමා ශාන්ත විදියට තාපසයගෙන් ඒ වගේ දෙයක් කරන්‍න හේතුව මොකක්ද කියලා ඇහුවා. එතකොට තාපසයා සිද්ධ වෙච්ච දේ රජතුමාට කිව්වා. ඒ ගැන රජතුමාගෙන් සමාව අරගෙන ආයෙත් ඉස්සර විදිහටම බණ භාවනා කරලා මාර්ගඵල ලබාගෙන ආයෙත් හිමාල වනයටම වැඩියා.

ඔයාලා දැනටමත් දන්නවා ඇති මම මේ කතාව කියෙව්වේ පන්සිය පනස් ජාතක පොතෙන් කියලා.  මම දැන් මේ කියපු ජාතක කතාව පන්සිය පනස් ජාතක පොතේ එන  424 වෙනි ජාතක කතාව වන හාරිත ජාතකය.

දැන් මම ජාතක කතාවේ සමෝධානය කොටසට එන්නම්. ඒ කාළේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බුද්ධ කාලයේ සිටිය ආනන්ද මහරහතන් වහන්සේ. තාපසවරයා තමයි බෝධිසත්වයෝ. ඒ කියන්නේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ.

දැන් ඔයාලට පුදුම හිතෙනවා ඇති බෝධිසත්වයන් වහන්සේත් එහෙම දේවල් කළාද කියලා. බෝධිසත්වයෝ කියන්නෙත් අපි වගේ මනුස්සයෙක් හින්දා එතුමා අතිනුත් ගොඩාක් වැරදි වුණා. ඒ වුණාට බෝධිසත්වයෝ කිසිම ආත්ම භවය නොකරපු දේ තමයි බොරු නොකියපු එක.  ඒක මේ ජාතක කතාවෙත් පැහැදිලිව පේනවා.

මේ ජාතක කතාවෙන් අපට ලැබෙන ආදර්ශය තමයි අපි අතින් කොච්චර වැරදි වුනත් ආයෙත් අපට යහපත් ජීවිතයක් ගත කරන්න ඒක බාධාවක් නොවෙයි කියන එක.

පෝස්ට් එක ගැන ඔයාගේ හිතේ තියෙන දේ පහල කමෙන්ට් කරලා යන්න. කමෙන්ට් නොකෙරුවයි කියලා මම තරහා වෙන්නේ නෑ. මම දන්නවා ඔයාලට හැම තත්පරයක්ම හුඟක් වටින බව.

6 comments:

  1. හොඳ පෝස්ට් එකක් යාළුවා

    ReplyDelete
    Replies
    1. ලියන එකේ සමාජයට ආදර්ශයක් දෙන කතාවක් ලියන්න හිතුවා

      Delete
  2. වටිනා කතාවක්,
    "ලැබුනොත් ඉඩක් ගැහැණු කව්රුද වරදෙ නොබැදෙන"

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනෙක් වැරදි මාර්ගයේ යන්න හේතුව තමයි "ගැහැණිය"

      Delete
  3. හ්ම්ම්ම් මම මේ කතාව කියෙව්වේ ගොඩ කාලෙකට කලින් කොමෙන්ටුවක් දාන්න අමතක උනාවෙන්න ඕනේ නැතිනම් මෙම කතාවම මම වෙන කොහේ හෝ බ්ලොගක දැකල තියෙන්න ඕනේ කොහොම උනත් කතාව එල. ගණන් ඕනේ දේවල් ගොඩක් තියෙනවා මේ වගේ ආගමට සම්බන්ද දේවල් ලියන බ්ලොග් ගොඩක් අඩුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවට!

      Delete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....