Saturday 20 October 2012

පන්තියට ආපු අළුත් කෑල්ල



එදත් මම යි මගේ යාළුවා විමුක්ති යි ගණං ක්ලාස් එකට ගියා. ඕලෙවල් වලට තව තියෙන්නේ මාස එකහාමාරක් වගේ කාලයක් හින්ද තමයි දැන් ඉදන්ම ක්ලාස් එකේ ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගත්තේ. එදත් අපිට ගණිතය දෙවැනි කොටසේ ප්‍රශ්න පත්‍රයක් හම්බ වුණේ. පේපර් එක කරන්නත් මමයි විමුක්තියි එක ළඟ වාඩි වුණා. ටික වෙලාවක් පේපරේ කරන ගමන් ඉන්න කොට විමුක්ති මට මෙහෙම කිව්වා.

"ඒ.......මේ බලපංකෝ හෝම්ස්..... අර බලපං අර පස්වෙනි පේළියෙ තුන්වෙනියට වාඩි වෙලා ඉන්න කෑල්ල දිහා. පට්ට ලස්සනයි නේද?"

"කෝ බං?"

"අර ඉන්නේ බං. තොට ඇස් පේන්නේ නැද්ද?"

"ආ....අර නිල්පාට බ්ලවුස් එකක් ඇඳන් ඉන්න කෙල්ලද?"

"ඔව් බං. ඒකි සිරා ලස්සනයි නේද?"

"ඔව් බං. ලස්සනයි තමයි. ඇයි උඹට දැන් ඉන්න එකීව මදි වෙලාද?"

"ඒ වුණාට ඉන්න එකීට වඩා මේකි ලස්සනයිනෙ බං."

"උඹට නං කෙල්ලෙක්ව පෙන්නන්න බෑ. ඇඹලයා වගේ පැණි හලනවා."

"නෑ බං හෝම්ස්. ඒකිගේ අමුතු ලුක් එකක් තියෙනවා. උඹ දන්නවද ඒකි කොහෙද ඉන්නේ කියලා?"

"මම දන්නේ කොහොමද බං?"

"උඹ ඉතිං මොනාද දන්නේ? මුළු දවසෙම පාඩං කරනවා, එක්කෝ කොම්පියුටරේ එල්ලිලා ඉන්නවා.  මම නං දැක්කේ නෑ උඹ මේ දවස් ටිකේ එළියට බහිනවා."

"කොහෙ එන්නද බං? අම්මා බනිනවා පාඩං කරන්නේ නෑ කියලා."

"ඒක නෙමෙයි. උඹට බැරිද ඒ කෙල්ල ගැන පොඩ්ඩක් හොයලා බලන්න? උඹ ඉතිං ඔය වගේ වැඩ වලට දක්ෂයනෙ."

"මට මතක හැටියට ඒකි පන්තියට එන්න පටන් අරං එච්චර දවසක් නෑ. වැඩිම වුනොත් මාස දෙකක් විතර ඇති."

අපි දෙන්නා එහෙම කතා කර කර ඉන්නකොටම පන්තියේ මිස් කෑගැහුවා.
"හෝම්ස්.... මොකද තමුසෙලා දෙන්නා කරන්නේ? විභාගෙට හරියට ඉන්න දන්නෙ නැත්තං පේපරේ දිලා යනවා."

ඉතිං අපේ කතාව එතනින් ඉවර වුණා. ආයෙත් මේ ගැන කතාව පටන් ගත්තේ පේපරේ බලලා ළකුණූ දෙන දවසේ. අපිට ළකුණු දෙන ගමන්ම පේපරේ තිබිච්ච ගණං ඔක්කොම ආයෙත් කියලා දුන්නා. පේපරේ සාකච්ඡා කරලා ඉවර වුනාම පන්තියේ මිස් මෙහෙම කිව්වා.

"මම දැං බලං හිටියේ මෙතන ඉන්න අයගෙන් කී දෙනාද තමන් දන්නෙ නැති ගණං ලියා ගත්තේ කියලා. ඇත්තටම පුතේ ඕගොල්ලන්ට තාම ලබන මාසේ ඕලෙවල් කියලා ගානක්වත් නෑ. ඔහෙ ඉන්නවා. අන්තිමට ෆේල් වුණාය පස්සේ තමයි ඉගෙනගත්තේ නැති එකේ අගේ තේරෙන්නේ.
දැන් බලන්න මේ අක්කා..." මිස් අර විමුක්ති ලස්සනයි කියපු කෙල්ලව පෙන්නුවා.
"එයා මේ පාර ආර්ට් වලින් ඒ ලෙවල් කරලා කැම්පස් යන්න ළකුණු අඩුවෙලා ඕපන් යුනිවර්සිටි එකට යන්න ඇප්ලිකේෂන් දාලා. ඒත් ඕලෙවල් ගණං නැතුව ඒකට ගන්නේ නෑ. දැන් එයාගේ තියෙන උනන්දුවට පන්ති ඇවිල්ලා මේ මාස දෙක තුනට කොහොම හරි වැඩේ කරගන්නවා. ඔයගොල්ලන්ට මේවා දැන්ම තේරෙන්නේ නෑ. රස්සාවකට යනකොට තමා තේරෙන්නේ."
      

මම ඒ වෙලාවේ බැලුවේ විමුක්තිගේ මූණ දිහා. උගේ මූණ කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ වෙලා.


හැබැයි එදයින් පස්සේ තාම ඌ මගෙන් කෙල්ලෙක් ගැන ඇහුවා කියලා මතක නෑ.


ප/ලි : - එදා පන්තියේ මිස් කිව්වේ බොරු කතාවක් කියලා මට හිතෙනවා. ආර්ට් වලින් ඕලෙවල් කරන්නත් ගණං පාස් වෙන්න ඕනෙ කියලා තමයි දන්න අය කියන්නේ.

8 comments:

  1. "ආර්ට් වලින් ඕලෙව්ල්.".,? ඒ ලෙවල් නේද..ඉස්සරම ගනිතය නැතිව පුලුවන් උනානේද..?

    ReplyDelete
    Replies
    1. ආර්ට් වලින් ඒ ලෙවල් වෙන්න ඇති හෝම්ස් ලියන්න හදලා තියෙන්නේ.දැන් වුනත් ගණන් ඕන නැහැනේ නේද ආට් වලට?

      Delete
    2. මේ දවස් වල "ඕලෙවල්" ළඟ හින්දා ඔළුව ටිකක් අවුල් වෙලා තියෙන්නේ. O අකුරෙයි A අකුරෙයි චූටි වෙනසක්නේ ඕක.

      Delete
  2. මමත් ආවා පංතියට.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  3. Machan thawa boruwak liyahanko??????????????????????

    ReplyDelete
    Replies
    1. අර ජගුවර් එකක් ගැන කියපු එක වගේ එකක්ද?

      Delete
  4. holmesta waradunaanee??????art waln o/L nam mru....mta pdi warna andathavayak tynwa so ara kaha paata eva vadya penne na............

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....