විජය පරිගණක සඟරාව මම හැම මාසෙකම නොවරදවාම කියවන සඟරාවක්. ඒකේ නොවැම්බර් කළාපය ගත්තේ අද. ඒකේ "විකොන්තැක්ටේ - රුසියාවෙන් එන ෆේස්බුක් තරඟකරුවා" කියලා මාතෘකාවක් එක්ක තිබුණු ලිපිය මම කියවන්න ගත්තේ ෆේස්බුක් වලට ගහන්න ආපු අයියා කවුද කියලා බලාගන්න. දැනටමත් මිලියන 133ක් එකවුන්ට් තියෙන මේ සෝෂල් නෙට්වර්ක් එක ගැන ලියලා තිබුණු එක වාක්‍යයක් මගේ හිත ගත්තා.
"... විකොන්තැක්ටේ වෙබ් අඩවිය පෙනුමේ හැටියට ෆේස්බුක් වැනිමය. රුසියානු භාෂාවද ඇතුළුව භාෂා 70කින් මෙය වැඩ කරයි. සිංහලද එහි තිබේ. "
ඒ වාක්‍යයයේ "සිංහලද එහි තිබේ" කියන කොටස මාව එකපාරටම ඇදලා ගත්තේ පරිගණකය ඉස්සරහට. විකොන්තැක්ටේ අඩවියේ ලිපිනය වන www.vk.com කියන ලිපිනය ටක්ගාලා ක්‍රෝම් එකේ ඇඩ්රස් බාර් එකේ ටයිප් කරපු මට බලාගන්න පුළුවං වුණේ ටිකක් වෙනස් අඩවියක්.
මේ සෝෂල් නෙට්වර්ක් එකට සම්බන්ධ වෙන්න ඊමේල් ඇඩ්රස් එකක් ඕනේ නැ. මුලින්ම අපේ නමයි ටෙලිෆෝන් නම්බර් එකයි ටයිප් කළාම ඒ නම්බර් එකට Confirmation Code එකක් sms එකක් විදියට එවනවා. ඒක දුන්නට පස්සේ අපේ විස්තර එකින් එක අහලා එකවුන්ට් එක හදවනවා.
ඒ පේජ් එකේ පහලම තියෙනවා "සිංහල" කියලා බට්න් එකක්. ඒක ක්ලික් කළාම මුළු පේජ් එකේ භාෂාවම සිංහල බවට හැරෙනවා. ඒකත් මාර අත්දැකීමක්. සිංහලෙන් තියෙනවා කියලා තියෙන්නේ ගොඩක් ඉංග්‍රිසි වචන එහෙම්ම ඒ උච්ඡාරනයෙන්ම සිංහලෙන් ටයිප් කරලා තියෙන එක. මේ පහල තියෙන පින්තූරේ බැලුවොත් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවං කොහොමද ඒක තියෙන්නේ කියලා.

(පින්තූරේ පේන්නේ නැත්නම් Ctrl + + බට්න් ඔබලා ලොකු කරගන්න)
ඔයාලත් උත්සහ කරලා බලන්න. දැන්ම www.vk.com අඩවියට ගිහිල්ලා එකවුන්ට් එකක් ඕපන් කරගන්න. ෂර්ලොක් හෝම්ස්සුත් ඉන්නවා Thashila Rachithra කියන නමින්.
පට්ටනේ මචන්
ReplyDeleteපරිගණක එක මාස දෙකකින් විතර මිස් වුණා
අවුල තියෙන්නේ තාම අපි දන්න කවුරුවත් ඒකෙ නැති එක. ලංකාවෙ එකෙක් බෙහෙතකට නෑ හොයා ගන්න
Deleteට්‍රයි එකක් දෙන්න ඕනේ බලන්න
ReplyDeletegreat......
ReplyDelete