Monday 31 December 2012

ඔයා මාව දාලා ගිහිං අදට අවුරුද්දක්!

මේ ලියන්නට යන්නේ 2012 අවුරුද්දේ අන්තිම කතාව. ­­ඒ වුණාට මේ කතාව නම් මෙලෝ රහකට නැති එකක් බව මුලින්ම කියන්ට ඕනෑය. ඒ වුණාට මගේ ජීවිතේට ඒ කතාව ගොඩක් වැදගත් කතාවක්. මේ පෝස්ට් එකේ මාතෘකාව දැක්ක ගමන් ඔයාලට හිතෙන්න ඇති මේ කියන්න යන්නේ මම කෙල්ලෙක්ගෙන් බූට් කාපු කතාවක් ගැන කියලා. ඒත් මේ කතාවට කෙල්ලෙක් යාන්තමිංවත් ගෑවෙන්නේ නෑ.


මට බලු පැටියෙක් හදන්න හිතුනේ මට අවුරුදු එකොළහක් විතර වෙන කාලේ. බල්ලෙක් හදන්න ඕනේ කියන අදහස කොහොම මගේ හිතට ආවද කියලා මමවත් දන්නේ නෑ. ඒත් කොහොමිං කොහොමිං හරි බල්ලෙක් හුරතලේට ඇති කරන්න තියෙන ආසාව මගේ හිතේ එන්න එන්නම වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ඒ වුණාට අපේ ගෙදර කට්ටිය කුවුරුත් බල්ලෙක් ඇති කරන්න කැමති වුණේ නම් නෑ.  ඒ වුණාට ඒ කාලේ ඉදංම මම අපේ ගෙදරට ගෙනාපු ලංකාදීප පත්තරෙත් එක්ක එන  ලහිපිට පත්තරේ හැම සතියෙම බැලුවේ ඒකේ පෞද්ගලික තීරුවේ "සුනඛයින්" ගැන දැන්විම් තියෙන තීරුව. ඒ දැන්විම් වල දාලා තියෙන විදියට බල්ලෙක් අඩුම ගානේ 10,000 ක් 20,000 ක් වත් වෙනවා. ගෙදර බල්ලෙක් ඇති කරනවට කොහොමත් අකමැති වෙච්ච අපේ අම්මයි තාත්තයි කොහොමටවත් බල්ලෙක් ගේන්න එච්චර ගානක් වියදම් කරන්නේ නෑ කියලා මම දැනගෙන හිටියා.


ඒ වුණාට 2008 අවුරුද්දේ එක දවසක මම හිතුවෙවත් නැති විදියට අපේ සීයා මට බලු පැටියෙක් ගෙනල්ලා දුන්‍නා. හැබැයි ඌ  එච්චර හොඳ බල්ලෙක් නෙමෙයි. හරියටම කිව්වොත් ඌ "වල්" බල්ලෙක්. ඒ බල්ලව කවුරුහරි කෙනෙක් සියලාගේ ගෙවල් ගාවට දාලා ගිහිල්ලා තිබුණලු. ඒ වුණාට ඒ කාලේ මගේ හිතේ තිබුණේ වල් බල්ලෙක් ඇති කරන්න ආසාවක් නෙමෙයි. ඒ හින්දා ඒ බල්ලට මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ.


ඒත් ඊට ළඟදී දවසක සියාට සීයා‍ අඳුනන තව කවුරු හරි තවත් බලු පැටියෙක් දිලා තිබුණා. ඒ බලු පැටියවත් අපේ ගෙදරට අරගෙන ආවා. ඌ නම් හරි ලස්සන එකෙක්. මුලු ඇඟම සුදු පාටයි. හැබැයි තැනින් තැන කළුපාට ලොකු ලප තියෙනවා. හැබැයි ඌත් එක්ක උපදුනු උ්ගේ අනිත් සහෝදරයන්ට තිබුණා උස යන්නේ නැති ලෙඩක්. ඒත් ඌට නම් එහෙම තිබුණේ නෑ. අන්තිමට කොහොම කොහොම හරි අපේ ගෙදර කට්ටියව ඌව ඇති කරන්න කැමති කරගන්න මට පුළුවං වුණා. ඌට කූඩුවක් අරගන්නත් තාත්තව බොහොම අමාරුවෙන් කැමති කරව ගත්තා.


ඌට මම දාපු නම "රැන්කි". රැන්කිගේ උපන්දිනේ තිබුනෙත් හරියටම මගේ උපන්දිනේට සතියකට කලින්. ඒ කියන්නේ මාර්තු 3 වෙනිදා. ඒ හින්දා රැන්කිගේ උපන්දිනේ කවදාවත් අමතක වුණේ නෑ. රැන්කිගේ තිබුණේ මාර අමුතු ගතිගුණ. ඌ කවදාවත් කියන දේ අහපු බල්ලෙක් නෙමෙයි. මොනදේ ඇහුවත් "කූඩුවට යන්න" කියන වචනේ ඇහුනේ නෑ වගේ ඉන්න ඌට හොඳට පුළුවන්. ඒ වුණාට ඌ උගේ කුඩුව තියා ගත්තේ බොහොම පිරිසුදුව. කවදාවත් ඌ උගේ කූඩුවේ ජරා කළේ නෑ. කොහොම හරි බුරලා බුරලා එළීයට ඇවිත් තමයි කරන්න ඕන දේවල් කරගන්නේ. මම ඒ කාළේ කරපු එක එක කුපාඩි වැඩ හැම එකකටම වගේ රැන්කිත් හවුල් වුණා. මම මුලින්ම කරපු රහස් පරීක්ෂණයටත් උදව් වුණේ ඌ.


2011 අවුරුද්දේ අන්තිම මාස දෙක තුන ඌ ගතකළේ අසනීපෙන්. ඒ අසනීප වලට ගොඩක්ම හේතු වුණේ ඌ ළඟ තිබ්බ වැරදි පුරුද්දක්. ඒක තමයි රබර් කන එක. රබර් තියෙන සෙරප්පු ඌට පෙන්නන්න බෑ. අහුවුනොත් කොහෙට හරි මුල්ලකට අරං ගිහින් සෙරප්පුව ඉවර වෙනකං කන එක තමයි කරන්නෙ.



2011 දෙසැම්බර් 31 වෙනිදා මම නැගිටින කොට උදේ 7 විතර ඇති. එතකොටත් රැන්කි හිටියේ ටිකක් අමාරුවෙන්. කොච්චර අමාරුවෙන් හිටියත් ඌ උගේ කැමතිම වැඩ කරගන්න අතපසු කර ගත්තේ නෑ. ඌ එදා ඌ යන්න කැමති හැමතැනකටම ගියා. අන්තිමට ඌ ආවේ ඌ ඉන්න කැමතිම තැනට. ඒ කියන්නේ මගේ ඇඳ යටට. 


මම ගිහින් ඇඳ යට හිටිය රැන්කිව ඇඳ යටින් අරගෙන උස්සගෙන අරගෙන ගියේ අපේ කුස්සියට. ඒ අම්මා රැන්කිට කිරි ටිකක් පොවන්න කියපු නිසා. හොඳටම දුර්වල වෙලා හිටිය හින්දා ඒ වෙලාවේ ඌ ඇවිදගන්න පුලුවන් වෙලා නෙමෙයි හිටියේ. වෙනදට දම්වැලෙන් ගැට ගහලා නැති කොට හොයාගන්නවත් බැරි විදියට තැන තැන දුවන රැන්කි අද අපි යන්න කිව්වත් කොහෙවත් ගියේ නෑ.


අන්තිමට මම රැන්කිව අපේ කුස්සියේ දොර ගාවින් තියලා ගියේ ඌට කිරි ටිකක් පොවන්න පරණ හැන්දක් හොයාගන්න. මම හැන්දත් අරගෙන ආපහු එනකොට උගේ කටින් ඌ බීපු වතුර වැමෑරෙන්න ගත්තා. මම එකපාරටම අම්මට කතා කළා. ඒ වෙලාවෙම ඌ ගැහෙන්න පටන් ගත්තා. මම ඌව අත්දෙකෙන් වඩාගෙන තාත්තට කිව්වා ඉක්මනට කොහෙට හරි අරගෙන යමු කියලා.


ඒත් අපි පරක්කු වැඩියි...............................................

රැන්කි අපිව දාලා ගියා.............................................




අන්තිම වතාවට මට තියෙන්නේ මේ බ්ලොග් එක කියවන නොකියවන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා...... ලබන අවුරුද්දෙදිත් සුපුරුදු විදියට අපි හම්බ වෙමු.

- ෂර්ලොක් හෝම්ස්

7 comments:

  1. හ්ම්ම්

    සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  2. අනේ මන්ද මල්ලි මන් අසාවෙන් කියෙව්වා .
    ( ඒ උනාට අර අහිංසක පාරේ ඉන්න බල්ලෙක්
    හදන එක තමයි වටින්නේ.අපේ ආසාවට වඩා උගේ
    බඩ පිරෙන එක වටිනවා..)
    ඔබටත් , ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලබන්නා වූ
    නව වසර වසනා වන්ත නව වසරක් වේවා

    ReplyDelete
  3. දුක හිතෙන සීන් එකකින් උඹ සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා.එත් මට නම් ඔය වගේ සීන් අමතක කරන්න අමාරුයි මචන්.

    ReplyDelete
  4. මොනව කරන්නද ජීවිත අපිට අයිති නැහැනේ..))

    ඔයාගෙ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
  5. Spider the DETECTIVE, silentsahan, මඩිස්ස‍ලේ නිශාන්, වර්ෂා
    ඔය හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන, සියලුම සුබ කටයුතු සාර්ථක වෙන, වාසනාවන්ත සුබ නව වසරකට ෂර්ලොක් හෝම්ස් ආසිරි පතනවා....

    ReplyDelete
  6. ma katawa dukai.... ..mama a duka widala tiyanawa...:(

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....