ලංකාවේ ඕලෙවල් විභාගෙත් ඉවරය. හෝම්ස් ද
මේ අවුරුද්දේ ඕලෙවල් ලිව්වේය. ඒත් ඒ ලංකාවේ ඕලෙවල් නොවේය. ලන්ඩන් ඕලෙවල්ය. ඒත්
හෝම්ස්ට දැන් හිතෙන්නේ ලන්ඩන් ඕලෙවල් ලිව්වේ අපරාදේ කියාය. ලන්ඩන් ඕලෙවල් වල හා
ලංකාවේ ඕලෙවල් වල තියෙන්නේ අහසට පොළොව වගේ වෙනසක්ය.
ලන්ඩන් ඕලෙවල් පටන් ගත්තේ ද ලංකාවේ
ඕලෙවල් පටන් ගත් දවසේමය. ඒ මේ දෙසැම්බර් 11 වෙනිදාය. මුලින්ම තිබ්බේ ආගමය. හෝම්ස්
විභාගේ ලියන්ට වාඩිවුණේ විභාගේ ලියන අතරේ එකෙක් මැරුනත්,බෝම්බයක් පිපුරුවත්,අඩුම
තරමේ මම ට්‍රයි කර කර හිටපු කෙල්ල ඇවිල්ලා මට කැමැත්ත දෙන්න කතා කෙරුවත් හැරිලා
බලන්නේ නෑ කියාය. හෝම්ස්ගේ ගුරුවරු ඒ තරම්ම හෝම්ස්ව බය කර තිබුණෝය. විභාගේ බලන්ට හිටියේද වෙන කොහේද ඉස්කෝලෙක
ගුරුවරුය.
මුලින්ම තිබුණේ ආගමය. හෝම්ස් ලන්ඩන් වල
හිටියාට ඔරිජිනල් බෞද්ධයෙක්ය. ඒ හින්දා හෝම්ස් ලිව්වේද බුද්ධාගම ය. එදා විභාග
අධීක්ෂණයට ද මොකක්ද එකට හිටියේ මල යකෙක්ය. හෝම්ස් හිටපු පන්තියේ හිටිය
විසිදෙනාගෙන් වාසනාවන්තයින් හය දෙනෙකුම එදා ඒ මල යකාගෙන් බැනුම් ඇහුවෝය. ඒ විදේශ
ආධාර ගන්නට හා දෙන්නට ගිහින්ය.
ලිව්වේ ඕලෙවල් වුණාට අපි හිටියේ 7 වසර
පන්තියකය. හෝම්ස් ගේ වාසනාවට එදා හෝම්ස් හිටිය ඩෙස් එක ගාවම තියෙන බිත්තියේ ලොකු
චාර්ට් එකක් ගසා තිබුණේය. ඒ බුද්ධගමේ එන ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය
වාගේ දේවල් එක්කය. ඒ හින්දාම ඒ චාර්ට් එකේ පිහිටෙන් හෝම්ස්ට ළකුණු 10ක් විතර
පේපරේට එකතු කරගන්නට පුළුවන් විය.
අනිත් විෂයයන් ගැන කියා වැඩක් නැත. මේ
දවස් වල ගංවතුර නිසා අමතක වී තියෙන විද්‍යාව පේපරේ ගැනත් දෙයක් ලිව්වොත් හොඳය. මේ
විද්‍යාව පේපරේ පන්නා තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක නමක් තියෙන සෑර් කෙනෙක්ය. කෙටියෙන්ම කිව්වොත් සම්පත්ය. වාසගම කියන
එක හරි නෑය. කොහොම හරි මේ සෑර් පන්ති කරන්නේ බොරැල්ලේ හා මහරගමය. මේ සෑර්ගේ එක
පන්තියකට ළමයි 500ක් විතර එන්නේය. කොහොම හරි බොරැල්ලේ පන්තියට විභාගෙට සතියකට විතර
කලින් මේ පේපරේ දෙන්න හදලාය. ඒත් ඒ පන්තියේ එවුන් ට මොකක් හරි හේතුවකින් ඒක දීලා
නෑය. ඒත් මහරගමට දිලාය. හෝම්ස් ටද පේපරේ හම්බ වුනේ විභාගේ තියෙන දවසේමය. ඒත් ඒ
පේපරේද අකුරු කියවාගන්නට අපි මාර ගේමක් දෙන්න ඕනෙය. ඒ අපිට ලැබිච්ච පේපරේ එක එක
තැනින් දහ පහලොස් පාරකට වඩා ෆොටෝ කොපි වැදී තිබීම නිසාය.
ඒ සෑර් විද්‍යාව පළවෙනි පේපර් එක විතරක්
නොව දෙවැනි පේපර් එකත් දීලාය. ඒත් අපිට මුලින්ම තිබුණේ දෙවැනි පේපර් එකය. ඒකට ඒ
සෑර් දීපු එකක්වත් ආවේ නැත. පළවෙනි පේපර් එකද එහෙමම එන්නැති වෙයි කියලා හිතුනට
කෝකටත් කියලා හෝම්ස් ඒක බලා ගත්තේය. අන්තිමට කොහොම හරි හෝම්ස්ගේම ලක් එකට අර
පේපරෙන් ප්‍රශ්න 19ක් ඕලෙවල් පේපරේ එහෙම්මම තිබුණේය. හැබැයි ඒ විදියටම නොවේය. අපෙන් අහන ප්‍රශ්නේ එහෙම්මම තිබුණට උත්තර ටික
තිබුණේ අර සර්ගේ පේපරේ උත්තර තිබුණු පිළිවෙලට නොවේය. ඒ වුණාට ඒ පේපරේ පිහිටෙන්
ළකුණු 17ක් වැඩි කර ගැනිමට හෝම්ස් අති සාර්ථක ලෙස සමත් විය.
මෙසේ ඉතා අමාරුවෙන් දවස් 10ක් හෝම්ස් හා
හෝම්ස් ගේ අතිජාත යහලුවෝ ගෙවා ගත්තෝය. විභාගේ අන්තිම දවස වුණේ 20 වෙනිදාය. හෝම්ස්
හා හෝම්ස්ගේ යාලුවන් කතා වුණේ එදාට චිකන් වැඩ කෝටියක් තිබෙන කෑම කඩයකට යාමටය. ළගම
තිබූ චිකන් වැඩ කෝටියක් ඇති කඩය තිබුණේ කෝට්ටේය. අන්තිමට රාජගිරියේ ඉදං කෝට්ටේට
පයින්ම ඇවිත් චිකන් වැඩ කෝටියක් තිබෙන කඩේට රිංගත්තෝය. ඒ කඩයේ සූ ගාලා සෙනගය.
ඔක්කොම හිටියේ සුදු ඇඳගත් අයය. ඒ මල ගෙවල් වල යන්න ආපු අය නොවේය. උන් ඔක්කොම එදා
විභාගේ ඉවර කරපු කට්ටියය. කොහොම හරි එතනත් පැයක් විතර පෝළිමේ ඉඳලා කෑම කාලා ඊට එහා
පැත්තේ තියෙන දියවන්නාව බලා සියල්ල පිටත්වූවෝය. එතනද පැය දෙකක් පමණ ගත කර
සියල්ල සතුටින් විසිර ගියහ.
ඒ ලන්ඩන් වල ඕලෙවල් ලියපු හැටිය. දැන්
කියන්න යන්නේ ලංකාවේ ඕලෙවල් වල හා ලන්ඩන් ඕලෙවල් වල වෙනසය. ලංකාවේ ඉන්නේ ගොඩාක්
විනයගරුක සිසුන්ය. ඔවුන් විභාගේදි කොපි කරනවා තියා කොපි කරන්නත් සිතන්නේ නැත.
හදිසියේ හරි කවුරු හරි බලෙන් හෝ උත්තරයක් තමන්ට කියාදෙන්න යනවානම් එයද ශාලාධිපතිට
පැමිණිලි කරන ඉතා විනයගරුකව විභාගේ ලියන පිරිසක් ලංකාවේ ඉන්නේය. ඒත් ලන්ඩන් වල
එහෙම නැත. දැනට ඇතිය. මම නවතින්නේය....
warenko to ayeth
ReplyDeleteආ....හා....මේ ඔයානේ..............
Deleteයකෝ මුන්ට විභාගේ ඉවර කල සතුට සමරන්නත් අර අසරණ කුකුළු තමයි පලි
ReplyDeleteකෝරලේ වලව්ව
හෝම්ස් කළින් ඉඳලත් වෙජිටේරියන්....ඉස්සරහටත් වෙජිටේරියන්.... හැබැයි එදානං ජූන්ඩක් කෑවා.
Deleteඑල එල ආයෙත් ලියන්න ගමු ...... කථාව ඉක්මනට එයිද ???
ReplyDeleteඅනිවා....ළඟදිම ඒක දානවා
Deleteholms කියන පච. නරකද දියවනාව පැත්තෙ ගිය එකේ එහෙ කැන්ටිමෙන් අඩු ගානට කාලා ආව නම්?
ReplyDeleteඒ කැන්ටිම පැත්තට යන්න මාර දුරක් පයින් ඇවිදගෙන යන්න ඕනෙ බං...... බස් එකක්වත් නෑ ඒ පැත්තට
Deleteමන් මේ බැලුවේ උඹ කෝ කියලා.බුකියේ නම් කරක් ගගහා හිටියා දැක්කට බ්ලොගේ පාලුවට ගිහින්නේ.බලන් යද්දී උඹ තාම ඔ/ලේ කරන පොඩි කොල්ලෙක්නේ හපොයි.
ReplyDeleteදැන්නං මම බුකියේ "ෂර්ලොක් හෝම්ස්"කියලා නෙමෙයි ඉන්නේ..Thashila Rachithra කියන්නනං මම
Deleteහපුච්චියේ මගෙ වයසෙ බ්ලොග් ලියන සහෝදරයෙක් දැක්කාමයි.
ReplyDeleteසනතෝසයි.. සන්තෝසයි..
මෙච්චර දවසක් එක එක බ්ලොග් වල කරක් ගැහුවට මටත් අදමයි මගේ වයසේ බ්ලොග් ලියන කෙනෙක් හම්බවුණේ... :)
Deleteo/L karana podi koolo oyanam mara funy.
ReplyDelete