Thursday, 15 August 2013

පරණ ඉස්කෝලේ කෙල්ලෝ


මේ හෝම්ස් ගොඩාක් දවසකට පස්සේ බ්ලොග් එකට ලියන තවත් කතාවක්. හෝමස් බ්ලොග් එකට නොලියපු කාලයේ හෝම්ස්ගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වීම් වලට ලක් වුණා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි හෝම්ස් ඉගෙන ගන්නා පාසල. 2015 අවුරුද්දේ උසස් පෙළ වාණිජ අංශයෙන් ලියන හෝම්ස් සාමාන්‍ය පෙල ප්‍රතිඵල හින්දා කොළඹ ප්‍රසිද්ධ බෞද්ධ පාසලකට ඇතුලත් වෙන්න අවස්ථාවක් ලැබුණා. ඊට අමතරව හෝම්ස් අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලාගෙන හිටපු කෙනෙක්ව හෝම්ස්ගේම කරගන්නත් හම්බුණා. දැන් ඒ වල් පල් වලින් වැඩක් නෑ. ලියන්න ආපු කතාව ලියලා යන්නං. සමහර කෙනෙක් මේක වැඩිහිටියන්ට පමණයි කතාවක් කියලා කියයිද දන්නේ නෑ. ඒත් පොඩි ළමයින්ටත් කියවන්න පුළුවන් වෙන විදියට ලියන්නං. අනික මෙව්වා පොඩි ළමයින්ට කරන්න හොඳනං අපි ලිව්වම මක් වෙනවද?

මේ කතාව මට අහන්න ලැබුණේ මගේ අලුත් ඉස්කෝලෙදි. ඒ ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න වෙන ඉස්කෝලවලින් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. ‍ඒ කට්ටිය අතර එක එක සමාජ මට්ටම් වල, එක එක පාසල් වල ඉගෙන ගත්ත අය හිටියා. මම මේ කතාවේ කතා නායකයව දිනුක කියලා හඳුන්වන්නං. දිනුක මීට කලින් ඉගෙනගෙන තිබුණේ කොළඹ වතු ජනාවාස තිබෙන ප්‍රදේශයකට ආසන්නව තිබුණ කුඩා පාසලක.

පහුගිය සිකුරාදා, ඒ කියන්නේ අගෝස්තු දෙවෙනිදා හැම ඉස්කෝලෙකට නිවාඩු දෙන දවස. ඉතිං එදාට ඉස්කෝලෙවල උගන්වන්නේ නෑනේ. ඉතිං හෝම්ස් සහ හෝම්ස් අඳුනන යාලුවන් කීප දෙනෙක් එක්ක පන්තියට වෙලා කතාවක් දාගෙන හිටියා. කතාව මුලින්ම පටන් ගත්තේ ඇම්ඩන් ගේ කතායි, එක එක විහිලු කතායි වලින්. එක එක්කෙනා තමන් දන්න විහිළු කතා එතනදි කියන්න පටන් ගත්තා. අපේ කතාන්තර කට්ටිය අතර දිනුකත් හිටියා. පැයක් දෙකක් විතර ඔහොම කතා කිය කිය ඉන්නැද්දි අන්තිමට කාටවත් කියන්න කතා නැති වුණා. ඔක්කෝටම කම්මැලියි. ඔය අතරේ කවුරු හරි කෙනෙක් මෙහෙම යෝජනාවක් ගෙනාවා.

"ඔය අලුතෙන් ඇවිල්ලා ඉන්න එවුන් කියහල්ලකෝ බං පරණ ඉස්කෝලවල කතා ටිකක්..."

ඒ යෝජනාවෙන් පස්සේ එක එකා තමන්ගේ පරණ ඉස්කෝලේ කතා කිව්වා. ඊළඟ වාරේ ආවේ දිනුකට.

"අඩෝ මචං මේ වගේ පිරිමි ඉස්කෝල වගේ නෙමෙයි බං මික්ස්ඩ් ඉස්කෝල. මේවයේ ඒවයේ තියෙන ආතල් එක නෑ බං..."

"අඩෝ උඹ අහවල් ඉස්කෝලෙන් නේද ආවේ...?" තවත් එකෙක් මැද්දට පැනලා දිනුකගෙන් ඇහුවා.

"ඔව් යකෝ... උඹලත් මික්ස්ඩ් ඉස්කෝලෙකට ගියානං ඒකේ තියෙන ආතල් එක තේරෙයි.. සිරාවටම පිරිමි ඉස්කෝලනං හෙන කම්මැලී බන්..."

"එහෙනං උඹ මොන %&#@$ට ද මේ ඉස්කෝලෙට ආවේ?? ඒකටම වෙලා ඉන්න තිබුණනේ...." තවත් කට වාචාලයෙක් ඇහුවා.

"ඒකේ ඒ ලෙවල් උගන්වන්නේ නෑ යකෝ.. නැත්තං මම කවදාවත්ම මේ ඉස්කෝලෙට එන් නෑ ඒ ඉස්කෝ‍ලේ තියෙන ආතල් අතඇරලා.."

"මොනවද කියහන්කෝ ඒකේ එච්චර තිබ්බ ආතල්?"

"තේරෙන්නේ නැද්ද යකෝ ඉතිං මික්ස්ඩ් කිව්වම තියෙන ආතල් මොනවද කියලා... අපේ එවුන් තනිකරම ආතල් ගන්නේ කෙල්ලොත් එක්ක..."

"බලෙන්ද? නැත්තං කෙල්ලන්ගේ කැමැත්තෙන්මද?"

"බලෙන්? උඹලට පිස්සුද? බලෙන් ඕවා කරලා හිරේ යන්නද බන්? උන් එන්නේ උන්ගේ කැමැත්තෙන්මයි..."

"හෑ....??? කෙල්ලො උන්ගෙ කැමැත්තෙන් උඹලත් එක්ක ආතල් ගන්න එනවද? සාමාන්‍යයෙන් වෙන්නේ ඒකෙ අනිත් පැත්තනේ..."

"හැමෝමමත් නෙමෙයි... මම ගණනය කරලා තියෙන විදියට අපේ පන්තියේ හිටපු කෙල්ලන්ගෙන් 70%ට විතර තමයි ඒ අමාරුව තිබුණේ. අපේ පන්තියේ කෙල්ලෝ 16යි, කොල්ලෝ 24යි. පන්ති 3ක් තිබුණා. අනිත් ඒවත් ඒ වගේමයි. එතනදි වුණේ ඉල්ලුමට සරිලන සැපයුම නැති වෙච්ච එක."

"හා හා ආර්ථික විද්‍යාවෙන් ඕනෙ නෑ.... උඹ කෙල්ලෝ කී දෙනෙක් එක්ක යාලු වෙලා හිටියද?"

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් දිනුක ටිකක් කල්පනා කළා.

"ම්.... මට මතක හැටියට 6ක්ද කොහෙද.. මම පළවෙනි එක පටන් ගත්තේ මම 6 වසරෙදි. ඒකිව දාගන්න මම මාර ට්‍රයි එකක් දුන්නා. හැබැයි මට මතක හැටියට මම ඒ කෙල්ලත් එක්ක නං ඔය වගේ ආතල් ගත්තේ නැ... 10 - 11 වසරෙදි යාළු වෙලා හිටපු එකිත් එක්ක තමයි වැඩියෙන්ම ආතල් ගත්තේ..."

"ආතල් ගත්තා.. ආතල් ගත්තා.. කිය කිය ඉන්නැතුව කියපන්කෝ ඔය ගත්ත ආතල් මොනාද කියලා.."  තවත් එකෙක් එහෙම ප්‍රශ්නයක් ඇහුවේ දිනුක දිහා කුප්ප බැල්මක් දාගෙන.

"මෙහෙමයි බං... අපි ඔය වගේ ආතල් එකක් ගන්න යනකොට තනියෙං යන්නේ නැ... පන්තියෙ ඉන්න කපල් ඔක්කොම යනවා... අපි 11 වසරේ ඉන්නැද්දි අපේ පන්ති තිබ්බේ තට්ටු තුනක් තියෙන බිල්ඩින් එකක දෙවෙනි තට්ටුවේ... තුන්වෙනි තට්ටුවේ පන්ති කාමර වල පන්ති නැ. ඉතිං අපේ පන්තියට උගන්නන්න කවුරුත් ආවේ නැති උනාම අපේ උන් කරන්නේ තමන්ගේ කෑල්ලවත් අරගෙන අර උඩ තට්ටුවේ පන්තියකට යන එක. ඔහොම එක පන්තියකට කපල් හයක් හතක් වත් අඩුම ගානේ යනවා."

"ගිහින් මොනාද කරන්නේ?" තවත් එකෙක් ඇහුවා.

"අහපන් ගිහින් නොකරන්නේ මොනවද කියලා... නොකරන දෙයක් නෑ යකෝ..."

"ඉතිං බං කපල් හයක් හතක් එක පන්තියක ඉන්න කොට එක කපල් එකක් කරන දේවල් අනිත් උන්ටත් පේනවනේ..." එතන හිටපු තවත් එකෙක් බුද්ධිමත් තර්කයක් ඉදිරිපත් කළා.

"එක කපල් එකක් ගන්න ආතල් අනිත් උන් දකින්නේ කොහොමද බන්? උනුත් එතකොට ඉන්නේ වෙන වෙන ලෝක වලනේ..."

"උබත් ඔහොම කෙල්ලත් එක්ක ආතල් ගත්තද?"

"නැතුව... නැතුව... මොකෝ මම රහත් වෙලා ඈ..."

"රහත් වෙලා නැති උනාට එහිදි හොඳ හොඳ මාර්ගඵල ලබලා කියලනම් පේනවා..." දිනුක දිහා බලාගෙන කින්ඩියට හිනාවෙවී එකෙක් කිව්වා.

"එතකොට උඹලගේ පන්තියේ හැම කොල්ලෙකුටම කෙල්ලෙක් හිටියද?" ඒ ප්‍රශ්නය මගෙන්.

"හැමෝටමත් හිටියේ නෑ... ඒත් හැම එකෙක්ම වගේ එක පාරක් හරි කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. මම හොඳයි බන්.. මම ඒ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක්. මම මෙහෙම නං අනිත් උන් කොහොමද කියලා හිතා ගන්න පුලුවන්නේ. ඇයි හෝම්ස් කෙල්ලෝ ගැන ඇහුවේ උඹටත් එහෙන් කෙල්ලෙක් සෙට් කරලා ඕනෙද?" දිනුක උත්තර බැන්දා.

"හෝම්ස් උඹ ඒ ඉස්කෝලෙන් කෙල්ලෙක් දාගන්නවට වඩා හොඳයි කසාද නොබැඳ  නාකි වෙනවා..." මගේ ෆ්‍රෙන්ඩෙක් මැද්දට පැනලා කිව්වා.

"එතකොට උඹ අන්තිමට යාලු වෙලා කෙල්ලට මක්කැයි වුණේ?"

"ඒ කෙල්ලව මම ඕ ලෙවල් වලට සති දෙකක් තියෙද්දි අත ඇරියා." දිනුක කිව්වේ හරිම සැහැල්ලුවෙන්.

"ඉතිං ඒ කෙල්ල ඕ ලෙවල් පාස්ද?" තවත් එකෙක් ඇහුවා.

"මම දන්නවද ? මම දැනගන්න ලැබිච්ච විදියට සබ්ජෙක්ට් තුනක් ෆේල්ද කොහෙද බන්.."

"පව් වැඩේ යකෝ ඒ කෙල්ල.. අන්තිමට උඹට A 5යි.. ඒ කෙල්ල ෆේල්.."

"ආපෝ ඕක මොකක්ද බන්... මම හින්දා දැනට කෙල්ලෝ තුන්දෙනෙක්ම ඉගෙනගන්න එක අනාථ කරගෙන තියෙනවා.." දිනුක කිව්වේ කිසිම ගානක් නැතුව පාවි පාවි..

"උඹව පුනරුත්තාපනය කරන්න ඕනෙ යකෝ...."

* * * * * * *
ප.ලි : මේ කතාව අනවශ්‍ය විදියට දික්ගැස්සෙන එක වලක්වවාගන්න මම දිනුක කිව්ව සමහර දේවල් මේකේ කිව්වේ නැ. ඒත් අපේ රටේ බහුතරයක් වතු ආශ්‍රිත රජයේ පාසල් වල තත්ත්වය මේකයි. 

Friday, 28 June 2013

බස් එකේ හිටපු කපල් එක

මම මාස ගානකින් මේ බ්ලොග් එකට ලියන්නේ.. ලියන්න බැරි උනාට තරහා වෙන්න එපා... මේ දවස් ටිකේ මම හෙන බිසී... මට ළඟදි වෙච්ච පුංචි කතාවක් ලියලා යන්නං දැනට...

ගිය සෙනසුරාදා මම ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස් එකට නැග්ගා..

ඉඳගන්න සීට් එක්ක තිබුණේ නෑ..

මම ඉතිං "මැද්දේ පොල්ල" අල්ලගෙන අයිනේ තියෙන සීට් එකක් ගාවට ගියා...

එතන අයිනේ දැකලා පුරුදු එකෙක් හිටියා... ඊට එහා පැත්තේ කෙල්ලෙක්.. අරූගේ අත අල්ලගෙන.. කොල්ලගේ නම අචින්ත.. ඉස්සර අපිත් එක්ක ඕ/ලෙ පන්ති ආපු එකෙක්... ඌ ඉස්සර කළේම අපිව කෙල්ලෝ ඉස්සරහ බයිට් කරපු එක..

මට ඌ ඉන්න විදිය දැක්කම හිතට මහා කුප්ප අදහසක් ආවා.... ඌ ඉස්සර අපිව දාගෙන බයිට් කරපු එකට, මූව බයිට් කරන්න අද හොඳ චාන්ස් එක්ක තියෙනවා කියලා හිතුණා...

ඌ මාව අඳුන ගත්තා.. මාත් එක්ක ටික්ක කතා කළා.... මම ඒ කතා කරන අතරමැදදී කෙල්ලටත් ඇහෙන්න මෙහෙම ඇහුවා..

"ඒ මචන් අර උඹ ඉස්සර කෙල්ලෙක් කරා නේද සචිනි කියලා.... ඒ කෙල්ලක් එක්කත් උබ මෙහෙම ගියා නේද බන් බස් වල....? කොහොමද ඒ කාලේ ඒ කෙල්ලක් එක්ක ගත්ත ෆන් එක...? දැන් ඒ කෙල්ලට මොකද උනේ බන්??"

දැන් අරූට කරගන්න දෙයක් නෑ.. කෙල්ල මං දිහා ඔරවලා බලනවා... මම කෙල්ලව දැක්කෙ නෑ වගේ මූත් එක්ක කතා කරනවා....

"උබට මතකද බන් උබ ඒ කෙල්ලත් එක්ක එක දවසක් පන්ති කට් කරලා ගෝල් ෆේස් එකට ගියා.. ? උබ අපිට නං කිව්වේ එදා පට්ට ආතල් එකක් ගත්තා කියලා නේද? එදයින් පස්සෙ වෙන කොහෙවත් ගියෙ නැද්ද බන්?"

දැන් අචින්තයා මගේ කකුල පාගනවා... උගේ ඇ‍ඟේ මුලු ශක්තියම දාලා පාගනවා... ඌ මාර විදියට බයිට් වෙලා ඉන්නේ.. මට පස්සේ ඌ ගැන දුක හිතුණා... අන්තිමට බහින්න ළං උනාම ඌගේ කෙල්ලට කිව්වා ඉස්සෙල්ලා කිව්ව ඒවා ඔක්කොම විහිලුවට කිව්වේ කියලා... ඒ කෙල්ල මට කිව්වා ඔයා කියපු විදියට ඔයා කිව්වේ විහිලුවට කියලා තේරුණාලු.... ඒත් ඒ වැඩෙන් අචින්තයා නං අම්බානෙකට බයවුණා.... මට තාම ඌව කොහෙදිවත් හම්බවුණේ නෑ... හම්බුනොත් හොඳට කුණුහබ්බ දෙක තුනක් අහගන්න පුලුවන්..

Thursday, 4 April 2013

පිටු අට

සුපුන් එදත් වෙනදා වගේම පන්ති ඇරිලා ඉවර වෙලා ගෙදර ආවා.

“හම්මෝ අම්මේ අදනං මාර විදියට මහන්සියි...“ සුපුන් කිව්වා.

“හ්ම්...“ සුපුන්ගේ අම්මා ඕනවට එපාවට වගේ කිව්වා.

“මම ඇඳුම් මාරු කරගෙන එන්නං.... අනේ අම්මේ මට බත් ටිකක් බෙදනවද?“ සුපුන් ඇහුවා.

“හ්ම්...“ ආයෙත් ඉස්සෙල්ලා උත්තරේමයි.

සුපුන් බෑග් එකත් එල්ලගෙන කාමරේට ගියා. වෙනදා බෑග් එක ගලවලා තියෙන තැනින් බෑග් එක තිබ්බා. ඒත් එක්කම වගේ සුපුන් ගේ ඇහැට මේසේ උඩ තියපු අමුතු දෙයක් දර්ශනය උනා.

“ඉස්කෝලේ සිංහල අච්චු පොත...“ සුපුන් තමන්ටම කියා ගත්තා. “ඒත් මොකෝ මේ පොතට දාලා තිබුණු කවරේ ගලවලා දාලා??“

ඒ වෙලාවේ සුපුන්ගේ මොළයේ නියුරෝන සෛල හරහා ප්‍රබල විද්‍යුත් ධාරාවක් ගලාගෙන ගියා.

“ඉවරයි...... ලියුම.... “

සුපුන්ගේ මතකය මාස කිහිපයක් ආපස්සට ගියා.

එදා දහම් පාසලේදී හර්ශනි මට දීපු ලියුම නේද? මම එක සතියක් කතා නොකර හිටියා කියලා තරහා වෙලා ඉඳලා ආපහු යාලුවෙච්ච වෙලාවේ දීපු ලියුම නේද මේ? එයා එයාගේ මුලු ජීවිත කතාවම පිටු 8ක් පුරා ලියපු ලියුම නේද මේ?

ආයෙත් සුපුන්ගේ මතකය වර්තමානයට ආවා. මුලු ඇඟම වෙවුලනවා වගේ දැනුනා. තමන්ගේ හදවතේ කපාට හතරම ඒවාට පුළුවන් තරම් උපරිම වේගයෙන් ගැහෙනවා දැනුනා.

කල්පනා ලෝකෙන් මිදිච්ච සුපුන් කරගන්න දෙයක් නැතුව මුලු කාමරේ වටේම ඇස් යවනකොට මේසය උඩ තිබුණු ස්ටේපර් මැෂින් එක ගාව සුපුන්ගේ ඇස් නතර වුණා.
ඒත් එක්කම ලියුම හංගන්න තැනක් නැතිකොට බුද්ධිමත් යාලුවෙක්ගේ බුද්ධීමත් උපදේශයක් මත සිංහල පොතේ කවරේ අස්සට ලියුම දාලා වටේටම ස්ටේපර් ගහපු හැටි සුපුන්ට මැවිලා පෙනුනා.

“දැන් කරන්න දෙයක් නෑ. වෙන්න තියෙන්න ඕන හැම දෙයක් වෙලා ඉවරයි.“ සුපුන්ට හිතුණා. “වෙන දෙයක් මට නෙමේ වගේ බලාගෙන ඉන්නවා.“ සුපුන් තමන්ගේ හිත ධෛර්‍යමත් කර ගත්තා.

ඉබි ගමනින් ඇඳම් මාරු කරගත්ත සුපුන් හිමීට හිමීට සාලෙට ආවා. තමන්නේ මෑණියන් වහන්සේ හා පියාණන් වහන්සේ තමන් දිහා රවාගෙන බලාගෙන ඉන්නවා සුපුන් දැක්කා.

“කවුද මේක උඹට දුන්නේ?“ පිටු අටක් පුරා විහිදිලා තිබුණු ජීවිත කතාව සුපුන්ගේ මූණට ලං කරලා සුපුන්ගේ අම්මා ඇහුවා.

“ම්.. ම්..මො..මො..මො..කක්ද?“

“ඇයි පේන්නේ නැද්ද?“ සුපුන්ගේ තාත්තා ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිටලා කොස්ස අතට ගන්න ගමන් ඇහුවා.

“මම දන්නවා මේ උඹට දුන්නේ කවුද කියලා. හර්ශනි කියන්නේ සමරසිංහගේ දුව නේද?“ සුපුන්ගේ අම්මා සුපුන් ට ඔරවාගෙනම ඇහුවා.

“කෙලියම තමා.....“ තමන්ගේ දයාබර මාමණ්ඩිය හා නැන්දම්මාව තමන්ගේ පියාණන් වහන්සේ හොඳින් අඳුනන බව සුපුන්ගේ මොළයට පසක් වුණා.

“උඹ කරන වැඩ නිසා ඒ මනුස්සයටත් මූණ දෙන්න ලැජ්ජයි.“ සුපුන්ගේ තාත්තා කිව්වා.

“අ..අ..අ..නේ.. තාත්තේ.. ම..ම..මම.............“

“වහගනිං කට.... මුකුත් කියන්න එපා. .... “ සුපුන්ගේ පියාණන්ගෙන් අධිපීඩිත කොසු පහරක් සුපුන්ගේ කකුල් දෙක හරහා ගියා.

“ඒ කෙල්ලගෙත් වයසට නෙමේ වැඩ.....“

සුපුන් ආපහු කාමරයට යන්න කියලා හැරුණා.

“මෙහෙ එනවා...“ සුපුන්ගේ අම්මා සුපුන්ට කතා කළා.

“ඊළඟ ඉරිදට මම එනවා දහම් පාසලට“ සුපුන්ගේ අම්මා කිව්වා. ඒ කතාව අහපු ගමන් සුපුන්ගේ බොකු බඩවැල් ඇතුලුව මුළු සර්වාංගයම අධික උෂ්ණත්වකට රත් වෙනවා දැනුනා. දහම් පාසලේ ලැබිලා තිබුණූ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායක බැජ් එක පන්සලේ ලොකු හාමුදුරුවෝ ගලවලා අතට දෙනවා මැවිලා පෙනුනා.

“ඒ කෙල්ල මේ ලියුමෙමි ලියලා තියෙනවා නේද උඹ එයාට කැමති නැත්තං මේ ලියුම ආයේ එයාටම ගෙනත් දෙන්න කියලා?“

සුපුන් අම්මාගේ අතේ තිබ්බ ලියුමට එබුනා.

“වෙන්න ඇති.“ සුපුන් කිව්වා.

“එහෙනං මේ ඉරිදට මං ඉස්සරහදි ඒ කෙල්ලට මේක ගෙනිහිං දෙන්න ඕනේ.“

“හ්ම්...“

අම්මා කියපු විදියට සුපුන් ඊළඟ ඉරිදා දවසේ ලියුම තමන්ගේ පෙම්වතියට අම්මා ඉස්සරහදිම ආයේ දුන්නා.  ආයෙත් සති කිහිපයකින් තමන්ගේ පෙම්වතියට ඇත්ත සිද්ධිය පැහැදිලි කරලා ෂෙප් කරගන්නත් සුපුන් සමත් වුණා.

* * * * * * * * * * * * *

මේක මගේ යාලුවෙක්ට වෙච්ච ඇත්ත සිද්ධියක්. මේ කතාව ප්‍රේම සම්බන්ධතා වලදි වැඩියෙන්ම චාටර් කන්නේ කොල්ලන් කියන එකට හොඳ උදාහරණයක්.

Monday, 1 April 2013

රසම රස කෑමක්


ගොඩක් දවසකින් බ්ලොග් එකට ලියන්න කියලා හිතුණා.. මම අඳුනන නෑදෑ හිත මිත්‍රයින්ට වෙච්ච එකම ජාතියේ පොඩි පොඩි කතා ටිකක්. ටිකක් විතර අවුල්සහගත කතා. කැමති අය විතරක් කියවන්න.

* * * * * * * * * * * * * *
කතාව අංක 01

"ඉරේෂා... මට බත් ටිකක් බෙදලා දෙන්න...."

බුද්ධික වැඩ ඇරිලා ගෙදර ඇවිත් නා කියා ගෙන එහෙම තමන්ගේ බිරිඳට කිව්වා...

"මොනවද අද කන්න හැදුවේ?"

"පරිප්පුයි, මාළුයි, කෙහෙල්මුව තෙල්දාලයි...." ඉරේෂා කිව්වා.

"ෂා නියමයි... අද නම් මට වෙනදට වඩා හොඳටම බඩගිනියි... ඉක්මණට බෙදලා දෙන්නකෝ." හොඳටම බඩගින්නේ නොඉවසිල්ලෙන් හිටපු බුද්ධික කිව්වා...

"ආ මෙන්න බුද්ධික... මේසෙට බෙදුවා.. ඇවිල්ලා කන්න...."

බුද්ධිකට කන්න බත් බෙදලා දීපු ඉරේෂා තමන්ගේ මොකක් හරි වැඩකට කෑම කාමරයෙන් පිටවෙලා ගියා.

ඒත් ටික වෙලාවකට පස්සේ බුද්ධික හයියෙන් කෑ ගහලා තමන්ට අඬගහනවා ඉරේෂාට ඇහුණා.

ඉරේෂා.. ඉක්මණට මෙහෙ එන්නකෝ....

ඉරේෂා කර කර හිටපු වැඩෙත් අතරමග නතර කරලා දාලා කෑම කාමරයට දුවගෙන ගියා. ඉරේෂා යනකොට බුද්ධික සින්ක් එකට වමනේ දම දමා ඉන්නවා.

මොකද බුද්ධික උණේ? ඉරේෂා ඇහුවා.

ඒත් ඒ වෙලාවේ බුද්ධික උත්තර දෙන්න පුලුවන් තත්වෙක හිටියේ නෑ. මෙහෙම බුද්ධික විනාඩි 15 ක් 20ක් විතර වමනේ දැම්මා. වමරේ කරලා ඉවර වුණාට පස්සේ බුද්ධික සාලෙට ඇවිල්ලා පුටුවෙන් වාඩි වුණා.

මම කකා හිටපු බත් පිඟාන අරගෙන එන්න මම පෙන්නන්නං වමනේ ගියේ ඇයි කියලා.
ඉරේෂා කැම කාමරේට ගිහින් බුද්ධික කකා හිටපු බත් පිඟාන අරගෙන ආවා.

මේ බලන්න මේ කෙහෙල් මුව එකේ තියෙන්නේ මොකක්ද කියලා. බුද්ධික කළු පාට මස් වැදැල්ලක් වගේ සෙවල පිරිච්ච දෙයක් ඉරේෂට පෙන්නුවා.

ඊ...යා..... හංගොල්ලෙක්.... ඉරේෂට කෑගැහුනා. උගේ ඇඟේ බාගයයිනේ තියෙන්නේ....

ඉතුරු බාගේ මට කැවුන හින්දා තමයි ඊයේ කාපුවත් එළියට එන්නම වමනේ දැම්මේ...

දැන් මේ කතාව කියවාපු ඔයාලා කල්පනා කරනවා ඇති කෑම එකට හංගොල්ලා ගියේ කොහොමද කියලා.  ඒ ප්‍රශ්නෙට උත්තරේ තාම ඉරේෂාවත් බුද්ධිකවත් හොයා ගෙන නෑ. ඒත් හංගොල්ලා කෑම එකේ හිටියේ නම් අමුවෙන් නෙමේ කියලා තමා බුද්ධික කියන්නේ. ඔය සිද්ධිය මට කියපු වෙලාවේ මම බුද්ධිකට කිව්වේ මෙච්චරයි.

ඔය පිටරට මිනිස්සු ඕනතරම් ගොලුබෙල්ලන්ව කන්නේ. ගොළුබෙල්ලාත් මොලුස්කාවෙක් , හංගොල්ලත් මොලුස්කාවෙක්.

* * * * * * * * * * * * * * * * * * * *
කතාව අංක 02

ෂෙහානි 1.30 ට පාසල ඉවර වුණාට පස්සේ ගෙදර ආවේ ඉක්මණට කාලා, ලෑස්තිවෙලා අනිත් අතට ආයෙත් පන්ති යන්න බලාගෙන. ෂෙහානි ගෙදර එනකොට එයාගේ අම්මා මොකක් හරි වැඩක් කර කර හිටියේ.

අම්මා... අද ක්ලාස්... මට ඉක්මණට බත් ටිකක් බෙදලා දෙන්නකෝ. අදවත් ක්ලාස් එකට වේලාසනින් යන්න ඕනේ. ගිය සතියෙත් පරක්කු වෙලා ගිහින් සර්ගෙන් බැනුම් ඇහුවා.

මම උයලා තියෙන්නේ...  බෙදාගෙන කන්නකෝ... ෂෙහානිගේ අම්මා කිව්වා.

ඒ වෙලාවේ හොඳටම බඩගින්නේ හිටපු ෂෙහානි ඇඳුම් මාරු කරගෙන කුස්සියට ගියේ බත් බෙදාගෙනම කන්න. එදා ෂෙහානිගේ අම්මා හදලා තිබුණෙත් ෂෙහානි කැමතිම කෑම ජාති. ඒ අතරේ එයා කැමතිම හාල් මැස්සෝ හොද්දකුත් තිබුණා. ඒ වෙලාවෙම උයලා තිබුණු නිසා රස්නෙ අඩු වෙන්න ඇරලා තියපු හාල්මැස්සෝ ව්‍යංජනයෙන් ෂෙහානි ටිකක් වැඩිපුර බෙදා ගත්තේ තමන් ආස කරපු කෑම ජාතියක් නිසා.

බත් පිඟාන බෙදාගත්ත ෂෙහානි පන්ති යන්න පරක්කු වෙන නිසා ඉක්මණට කාගෙන කාගෙන ගියා. බත් පිඟානෙන් තුන්කාලක් විතර ඉවර වෙනකොට එකපාරටම ෂොහානි මහ හයියෙන් කෑගැහුවා.

අම්මේ... මෙහෙ එන්නකෝ.....

ඇයි දුවේ මොකෝ?

මේ බලන්නකෝ බත් එක....

ෂෙහානිගේ අම්මා ෂෙහානි අතේ තිබුණු බත් පිඟාන දිහා බැලුවා. හාල්මැස්සෝ ව්‍යංජනයේ හාල්මැස්සෝ අතරේ හිටපු මියගිය හූනෙක් ඉන්නවා ෂෙහානිගේ අම්මා දැක්කා.

කොහොමද අම්මේ හූනෙක් මේකට ආවේ? ෂෙහානි අප්පිරියාවෙන් ඇහුවා.

මම හාල්මැස්සෝ හොද්ද ඇරලා දාලනේ තිබ්බේ රස්සේ නිසා. ෂුවර් එකටම එතකොට තමා මූව වැටෙන්න ඇත්තේ. ෂෙහානිගේ අම්මා උණු හාල්මැස්සෝ හොද්දේ හොඳට තැම්බී හිටිය හූනා දිහා බලලා කිව්වා.

මේවා අපේ ගෙවල් අසල ඉන්න අයියා කෙනෙක්ට හා  මගේ ඥාති සොහොයුරියක්ට වෙච්ච ඇත්ත සිද්ධි දෙකක්. අපි ගෙදර හදන කෑම කොච්චර පිරිසිදුව හැදුවත් මෙහෙම සත්තු නිසා කෑම අපිරිසිදු වෙනවා නම් කෑම කඩවල විකුණන කෑම ගැන ආයේ කියන්න දෙයක් නෑනේ.

අපි අනන්තවත් කඩවලින් මේ වගේ සත්තු වැටුණු කෑම කනවා ඇති; කාලා ඇති.  නමුත් අපිට ඒ නිසා මොකක් හරි අසනීපයක් වෙන්නේ කලාතුරකින්. 

ඔබ සමහරවිට මේ කතාව අහලත් ඇති. කෘමියන්ගෙන් ඉතා පිරිසිදුව තමන්නේ ශරීරය පවත්වාගෙන යන කෘමියා කැරපොත්තා බව. අපි ගොඩ දෙනෙක් කැරපොත්තන්ව අප්‍රිය කරන්නේ උගේ ඇඟේ තියෙන පාට නිසා.(උගේ පිටත ශරීරය තද දුඹුරු පාට වුණත් කැරපොත්තන්ගේ ලේ සුදු පාටයි. ඒ උන්ගේ ලේ වල හිමොග්ලොබින් වර්ණකය නැති නිසා) කැරපොත්තෙක් වගේ සතෙක් කෑමක් සමග කැවුනත් ඒ ගැන අපි නොදන්නවානම් අපිට කිසිම වෙනසක් නොදැනෙන්නේ ඒ නිසා. (හැබැයි දැනගත්තොත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්)

අද ඉඳංවත් ඔයාලා කඩවල් වලින් කෑම කනවා නම් ඉතා විශ්වාසවන්ත වගේම පිරිසුදු කඩයකින් කනවනම් තමා හොඳ.v

Tuesday, 26 February 2013

අයිස් ඇන්ඩ් වෝටර්


ගොඩ කාලෙකට පස්සේ හෝම්ස්ට බ්ලොග් එකක් ලියනවා කියා සිහියට ආවා. පහුගිය දවස් ටිකේ කොම්පියුටරය දිහා හැරිලා වත් බලන්න බැරි වෙන තරමට වැඩ තිබුණා. (එහෙන් මෙහෙන් බුකිය බලා ගිය කතාව වෙනත් කතාවක්.) දහම් පාසල් අවසාන විභාගයකට හිරවී හිටපු හෝම්ස් ‍දැඩි පීඩනයකට ලක් වෙලා තැලිලා පොඩි වෙලා ඉඳලා ආයේ ගොඩ ආවේ ඊයේ.  ආයේ ලියන්න කියලා විභාගයක් පේන තෙක් මානෙකවත් නෑ. ඉතිං නිදහසේ ඉන්න වෙලාවක අවුරුදු 11ක් තිස්සේ ගත වෙච්ච පාසල් ජීවිතේ වෙච්ච පට්ට සීන් ටිකක් මතක් වුනා.... ඒවායින් එකක් අද කියන්නං. මේක බලලා හෝම්ස් ගැන වැරදි වැටහීමක් ඇති කර නොගනීවා!!! කියලා ප්‍රාර්ථනා කරගෙනම ඔන්න කතාව කියන්න පටන් ගන්නවා.


මේ තොප්පිය වැටෙන කාලේ හෝම්ස් 7 වසරේ හරි 6 වසරේ හරි චූටිම චූටිම චූට්ටං වයසක හිටියේ.. වයස චූටිම චූටිම චූට්ටං වුනාට එකල හෝම්ස් ප්‍රමුඛ කස්ටියගේ වැඩයි කතාවයි චූටිම චූටිම චූට්ටං වුණේ නෑ. මට මතක විදියට මේ සිදුවීම වෙච්ච දවස් වල අපේ ඉස්කෝලේ ස්පෝට් මීට් වල ප්‍රැක්ටිස් තියෙනවද කොහෙද. ඒත් ඉතිං අපි ඔය කාලෙට ස්පෝට් මීට් එකේ ප්‍රැක්ටිස් වලට ගියේ නෑ. මුලු දවසම සෙල්ලං කරන්න දීලා තියෙන හින්දා අපි කළේ එක එක සෙල්ලම් කරන එක. ඔය සෙල්ලම් අතරේ අල්ලන සෙල්ලං , හැංගිමුත්තං වගේ පොඩි පොඩි සෙල්ලං තිබුණා. ඒ සෙල්ලම්ම වැඩිපුර කළේ ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්න බැරි හින්දා. මොකද ඒකේ ස්පෝට් මීට් එකේ ප්‍රැක්ටිස් තියෙනවනේ.


ඔහොම දවසක හෝම්සුයි හෝම්ස්ගේ කස්ටියයි ඒකාලේ වගේම දැනුත් පොඩි ළමයිගේ ෆේමස් සෙල්ලමක් කරන්න පටන් ගත්තා. ඒක තමයි "අයිස් ඇන්ඩ් වෝටර්" කියන සෙල්ලම. මේ සෙල්ලමේ දී කරන්නේ සෙල්ලම කරන කට්ටිය පැති දෙකකට බෙදෙන එක. ඊට පස්සේ එක පැත්තක් කැචර්ස්ලා (අල්ලන අය)ත්, අනිකත් පැත්ත දුවන අයත් වෙනවා. මේ කැචර්ස්ලා දුවන පැත්තේ කවුරු හරි අල්ල ගත්තහම ඒ අහුවුණු කෙනාට "අයිස්" කියලා ගහනවා. එතකොට ඒ අහුවුනු කෙනා එතනට ම වෙලා ඉන්න ඕනේ. නැත්තං අල්ලන පැත්තේ අය කියන තැනක ඉන්න ඕනේ. හැබැයි දුවන පැත්තේ අර විදියට "අයිස්" වැදිච්ච නැති කෙනෙකුට පුලුවං "අයිස්" වැදිච්ච කෙනෙක්ට "වෝටර්" කියලා ගහලා ආයෙත් එයා ව දුවන පැත්තට ගන්න. අල්ලන පැත්තේ අය දිනන්න නම් දුවන පැත්තේ ඔක්කෝමට "අයිස්" ගහන්න ඕනේ. ඒත් අයිස් වැදිච්ච අයට දුවන පැත්තේ අය ඇවිල්ලා ආයෙත් වෝටර් ගහන හින්දා අල්ලන පැත්තේ අය අල්ලපු කට්ටිය ව එක තැනක තියලා එතනට ගාඩ් එකට කවුරු හරි දාලා තමයි අනිත් අයව අල්ලන්න යන්නේ.


එදා දවසේ කරුමෙට වගේ හෝම්ස් ගේ පැත්තට වුණේ අනිත් පැත්තේ අයව අල්ලන්න. අපේ ඉස්කෝලෙත් ගොඩක් ලොකු හින්දා දුවන පැත්තේ ඉන්න දහ දොළොස් දෙනාව අල්ලන එක ලේසි වුණේ නෑ.  ඒත් කොහොම හරි දුවන පැත්තේ කට්ටියගෙන් දෙන්නෙක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම අල්ලගන්න අපේ කට්ටියට පුලුවං වුනා. අල්ල ගත්ත අයගේ ළඟට ගාඩ් එකට දෙන්නෙක් ම දාලා හෝම්ස් අනිත් කට්ටියත් එක්ක ගියා අර ඉතුරු වෙච්ච දෙන්නව අල්ලන්න. කොහොම හරි අමාරුවෙන් ඒ දෙන්නව හොයා ගත්ත අපි උන් දෙන්නව ග්‍රවුන්ඩ් එකට කොටු කළා. ග්‍රවුන්ඩ් එකේ මැද ස්පෝට් ප්‍රැක්ටිස්.  ග්‍රවුන්ඩ් එකත් ගොඩක් විශාලයි. අපිට සෙල්ලම කරන්න වුණේ ග්‍රවුන්ඩ් එකේ වටේ විතරයි. මැදට යන්න විදියක් තිබුණේ නෑ ස්පෝට් ප්‍රැක්ටිස් හින්දා.


ඔන්න අපේ කට්ටිය කොහොම කොහොම හරි අරුන් දෙන්නව ග්‍රවුන්ඩ් එක දෙපැත්තෙන් ඇවිල්ලා කොටු කර ගත්තා. උන් දෙන්නට කරන්න දෙයක් තිබුණේ නෑ. ග්‍රවුන්ඩ් එකේ තාප්පේ අයිනේ තිබුණා ලොකු ගස් දෙකක් අතරෙ දාපු කොටයක්. මුන් දෙන්නා කළේ දුවගෙන ගිහිල්ලා ඒක උඩට නගින එක. ඒත් අපිට උන් දෙන්නා ගහ උඩට නගින්න දුන්නේ නෑ. උන් උඩ ඉදගෙන ගහට නගින්න යන අයට පයින් ගහන්න ගත්තා.


සාමාන්‍යයෙන් ආණ්ඩුවේ හැම ඉස්කෝලෙකටම පොදු භාෂාවක් තියෙනවා. (ප්‍රයිවට් ඒවත් එහෙම තමා) වැස්සකට හරි ඉස්කෝලේ ගියපු අය දන්නවා ඇති ඒ ගැන. පිරිමි ළමයි විතරක් ඉන්න ඉස්කෝලවල මේ භාෂාව භාවිතා වෙනවා වැඩියි. හෝම්ස් හිටියෙත් එහෙම ඉස්කෝලෙක හින්දා ඒ ඉස්කෝලෙත් ශුද්ධ සිංහල භාෂාව ගොඩක් භාවිතා වුනා.


දැන් මම ආයේ කතාවට යන්නම්. ඔන්න අර ගහ උඩට නැගපු එවුන් දෙන්නා ඔය කලින් කිව්වා භාෂාවෙන් ගහ යට ඉන්න එවුන්ට කෑ ගහන්න ගත්තා. (කියපුවා ලියන්න බෑ.. ගෑණු ළමයි එහෙම එනවනේ). මේ ගහ, ඒ කියන්නේ අරුන් දෙන්නා නැගලා හිටපු ගහ තිබ්බේ ග්‍රවුන්ඩ් එකේ තාප්පේ ගාවමයි. තාප්පෙට එහා පැත්තේ තිබ්බේ එස්.ටි.එෆ් එකේ (විශේෂ කාර්ය බලකායේ) ප්‍රභූ ආරක්ෂක මූලස්ථානය. ඊට එහා පැත්තේ මහ බැංකුව. කොහොම හරි එදා මහ බැංකුවට යන්න ආපු කෙනෙක් ද කොහෙද අරුන් දෙන්නා උඩ ඉදං කෑ ගගහා කියපු දේවල් අහගෙන ඉඳලා. ඒ මිනිහා එකපාරටම තාප්පෙන් මෙහා පැත්තට ඔලුව දාලා අර ගහ උඩ හිටපු දෙන්නට කෑගහලා කතා කළා. ඊට පස්සේ උන් දෙන්නා ගහෙන් බැහැලා තාප්පේ ගාවට ගියා. අර මිනිහා උන් දෙන්නගෙන් නමුයි පන්තියයි අහගෙන ලියා ගත්තා. ඒ මදිවට උන්ගෙන්ම අහලා අපේ නමුත් ලියා ගත්තා. අපෙන් ඇහුවනං බොරු නම් ටිකක් කියන්න තිබුණා. ඒත් අරුන් දෙන්නා බූරු‍වෝ දෙන්නෙක් වගේ ඔක්කෝමලගේ නම් ටික වමාරගෙන ගියා.


ඉඳලා ඉඳලා සුපිරි ම සුපිරි තොප්පියක් වැටුණා කියලා ඊට පස්සේ අපිට තේරුණා. අපි කට්ටියම සෙල්ලම නතර කරලා දාලා පන්තියට ගියා. ඒත් පැයක් විතර යනකං අර මිනිහා ආවේ නෑ. අපිටත් ඉතිං ඕක එහෙම්මම අමතක වෙලා ගියා. ඒත් ටික වෙලාවකින් ඉස්කෝලේ ප්‍රින්සිපල් පත සයිස් වේවැලකුත් අරගෙන 6 වසරේ පන්ති පේළිය දිගේ පන්ති වල නම් දිහා බලා ගෙන ආවා. ඇවිල්ලා නතර වුණේ අපේ පන්තිය ඉස්සරහ. ටික වෙලාවක් බලා ගෙන ඉඳලා එයා අපේ පන්තිය ඇතුළට ආවා. පන්තියේ හිටපු හැම ළමයම නැගිට්ටා. ඊට පස්සේ උඩ සාක්කුවෙන් කොළයක් අරගෙන නම් පේළියක් කියවගෙන ගියා.


සමීර, නුවන්, සුපුන්, හෝම්ස්, තරංග, ඔෂාන්, සචින්ත.....  මෙහෙම අපි දහ දෙනෙකුගේ විතර නම් කියෙව්වා.


නැගිටිනවා මේ දැන් නම් කියපු එවුන් ඔක්කොම. අපි බයෙන් බයෙන් නැගිට්ටා.  අපි ඔක්කෝටම පන්තිය ඉස්සරහට එන්න කිව්වා.


කවුද ග්‍රවුන්ඩ් එක අයිනේ තියෙන ගහක් උඩ නැගලා කුණුහරුප කිය කියා කෑ ගැහුවේ?  ප්‍රින්සිපල්  සර් ඇහුවා.


ඒත් කවුරුවත් හිතපු නැති විදිහට ගහ උඩ හිටපු එවුන් දෙන්නා ඉස්සරහට ආවා..


අපි දෙන්නගෙ තමයි සර් වැරැද්ද. උන් දෙන්නා බයෙන් බයෙන් කිව්වා.


මෙතන ඉන්න අනිත් අය කවුරුත් වැඩේට සම්බන්ධ නැද්ද? ප්‍රින්සිපල් සර් ඇහුවා.


නෑ සර්...


එහෙනම් එනවා යන්න මාත් එක්ක ඔෆිස් එකට


අපි හිතුවා උන් දෙන්නට හදා සොරිම තමයි කියලා. ඒත් උන් දෙන්නා ටිකකින් හිනා වෙවි පන්තියට ආවා. අපි කට්ටියම වට වෙලා උන්ගෙන් ඇහුවා මොකද වුණේ කියලා. උන් දෙන්න ටික වෙලාවක් ඔෆිස් එක ඉස්සරහ තියලා ටික වෙලාවකින් ප්‍රින්සිපල් සර් මෙන්න මේක කියලා පන්තියට එන්න දීලා.


තමන් කරපු වැරැද්ද එක පාරම පිළිගන්න තරම් ඔය දෙන්නට ආත්ම ශක්තියක් තියෙනවා. ඒ හින්දා මම අදට දඬුවම් කරන්නේ නෑ. හැබැයි ඉස්සරහට මේ වගේ දේවල් වෙලා තියෙන්න බෑ.

Saturday, 9 February 2013

අමුතු අමුතු මාන්දංකාරයෝ

මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම මොකක්හරි මාන්දමක් තියෙනවා. ඒක ලොකු දෙයක් වෙන්න පුලුවං පොඩි දෙයක් වෙන්න පුලුවං. ඒත් මේ ලෝකේ හැමෝටම මාන්දමක්, ඒ කියන්නේ අතඇරගන්න බැරි අමුතු පුරුද්දක් තියෙනවා. මම අද කියන්න ආවේ මම අඳුනන කියන අයගේ අමුතු අමුතු මාන්දං ගැන.



අනුන්ගේ මාන්දං ගැන කියන්න කලින් මම මගෙ මාන්දම ගැන කියලා ඉන්නං. මට සාමාන්‍යයෙන් මාන්දමක් හැටියට තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් ගේ කතා කියවන හා බලන මාන්දම. තව මාන්දමක් තමයි කොම්පියුටර් මාන්දම. ඒ මාන්දම උපරිමේට ගිය අවස්ථාවක මට ලැබිච්ච සුපිරි වාසියක් මෙන්න මෙතනින් ගිහින් කියවන්න පුලුවං. ඊට අමතරව මේ දවස් ටිකේ බුකියේ ෆේක් එකවුන්ට් එකකින් පිස්සු නටන මාන්දමකුත් තියෙනවා. ඊටත් අමතරව තව පොඩි පොඩි මාන්දං ටිකක් තිබුනත් ඒවා එච්චර ලොකු ලොකු මාන්දං නෙමෙයි.


දැන් කියන්නං ටිකක් ලොකු මාන්දමක් තියෙන කෙනෙකුගේ කතාවක්. මේ මාන්දං කාරයාගේ නම ලක්ෂාන්. එයාට තියෙන්නේ ටිකක් අමුතු විදියේ මාන්දමක්. හ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ඇසතු ශාකය (බෝ ගස) වන්දනාමාන කරනවා වගේ ලක්ෂානුත් එක්තරා ගස් වර්ගයක් වන්දනාමාන කරනවා. ඒ තමයි ගංජා ගස්. තව විදියකට කියනවනං කංසා. ඇත්තටම කිව්වොත් එයා ගංජා ගස් සලකන්නේ දේවත්වයෙන්.


මට ලක්ෂාන්ව හම්බ වුණේ මම ඕ ලෙවල් පන්ති යන කාලේ. ඒ කාලේ ඉදංම මිනිහට ගංජා ගැන තිබුණේ පුදුම ලෙන්ගතුකමක්.  හැබැයි එයාගේ එක හොඳක් තිබුණා. ඒ තමයි තමන් කරන වැරදි වැඩ වලට අනුන්ව ඇද ගන්නේ නැති එක. ඒ හින්දා ලක්ෂාන් ඉස්සර හෝම්ස් ගේ හොඳ යා‍ලුවෙක් වෙලා හිටියා.


"අඩෝ හෝම්ස්...... මේ වරෙං උඹට බඩුවක් පෙන්නන්න...."

"මොකක්ද බං?"

"මේ බලපං.... ගංජා සුරුට්ටුවක්.... "

ලක්ෂාන් මට සුදු පාට කොළ කෑල්ලකින් ඔතපු පොඩි සුරුට්ටුවක් පෙන්නුවා.

"මේවා මං ගාන ඕනතරං තියෙනවා.. ඕන්නං ඉඹලා බලපං...."

මම ඒ සුරුට්ටුව ඉඹලා බැලුවා. ඇත්තටම මට එදා සුරුට්ටුවේ සුවඳ බලාගන්න වාසනාවක් තිබුණේ නෑ කෙහෙල්මල් හෙම්බිරිස්සාවක් හින්දා.

"මෙන්න තියෙනවා ගංජා ඇට... ඕන්නං දෙක තුනක් අරගෙන ගිහිල්ලා ගෙදර පැල කරගනිං"

ඊට පස්සේ ලක්ෂාන් මට පෙන්නුවේ තල ඇට වගේ පොඩි ඇට වගයක්. ගංජා ඇට කියන්නේ ඒවා කියලා තමයි ලක්ෂාන් මට කිව්වේ.


තවත් දවසක් මොකක් හරි වැඩකට මම ලක්ෂාන්ලාගේ ගෙදරට ගියා. එදා තමයි මම උගේ ගංජා මාන්දමේ තරම දැනගත්තේ. ගෙදර හිටවලා තියෙන දාස්පෙතියා මල් පාත්තියක් මැද්දේ හිටවලා තියෙන ගංජා පැළ හතරක් මට පෙන්නුවා. මුලු මල් පාත්තියෙම මල් පිපිලා තිබුණත් තරමින් පොඩි මේ පැළ හතරේ මල් පිපිලා තිබුණේ නෑ. බෑලූ බැල්මට දාස්පෙතියා ගස් වගේ පෙනුනට ගංජා ගහේ තියෙන වෙනස ලක්ෂාන් එදා මට කියලා දුන්නේ ගංජා පිළිබඳ මහාචාර්යවරයෙක් වගේ. ලක්ෂාන් එයාගේ ඉස්කෝලේ පන්තිය එහාපැත්තේ තියෙන පොඩි පැළ තවානෙත් ගංජා ඇට පැළ කරලා කියලා මම දැනගත්තේ ලක්ෂාන්ගේ ඉස්කෝලේ හොඳම යාලුවෙක්ගෙන්.


ගංජා වලට අමතරව අනිත් පොඩි පොඩි සිඟිති ආතල් මත්ද්‍රව්‍ය ගැනත් හොඳ දැනීමක් ලක්ෂාන්ට තිබුණා. ඔයා කියපු කතාවක් දෙකක් මම කියන්නං. මේවා ඇත්තද බොරුද කියලා නම් මං දන්නේ නෑ. ඒත් කවුරුත් මේවා ටෙස් කොරලා ඒම බලනවා නෙමෙයි.


ඔයාලා හැමෝම දන්නවා ඇති කොණ්ඩේ ගාන ජෙල් සමහරු මත් වෙන්න කන බව. ඔය ජෙල් කාලා තියෙන කෙනෙක් දන්නවා ඇති ජෙල් කියන්නේ පුදුම තිත්ත රසක් තියෙන දෙයක් කියලා. අපි තිත්ත බෙහෙතක් එහෙම බොන කොට අපි කරන්නේ එක්කෝ බෙහෙත බීලා සීනි ටිකක් කන එක නැත්තං බෙහෙතත් එක්ක සීනි කන එක. මේ ජෙල් වල තියෙන තිත්ත රහ අඩු කරන්නත් කරන්නේ සීනිත් එක්ක ජෙල් කන එක. හැබැයි ජෙල් වලට සීනි කවලම් කළාම ‍ජෙල් එකෙන් ලැබෙන ආතල් එක දෙගුණ තෙගුණ වෙන කතාව මට කිව්වෙත් ලක්ෂාන්.


ලක්ෂාන් කිව්ව තවත් කතාවක් මේක. විශ්වාස කරන්නං අමාරුයි. ඒත් දැන් මත් වෙන්න කරන දේවල් වල හැටියට මේ වගේ දේවලුත් වෙන්න බැරි කමක් නෑ. ඔයාලා හැමෝම ඇඹල් කෙසෙල් ගෙඩි කාලා ඇති. ඒත් සමහරු මත් වෙන්න ඕන කමට ඇඹුල් කෙසෙල් ගෙඩියකට සිද්ධාලේප ගාගෙන කනවා කියන කතාවත් මට කිව්වේ ‍ඔය මාන්දංකාරයාම තමයි.

දැන් ඒ මාන්දංකාරයා ගැන කිව්වා ඇති. මම කියන්නං තව මාන්දං කාරයෙක් ගැන. මේ මාන්දංකාරයා ඉස්සෙල්ලා කෙනා වගේ වැරදි මාන්දමක් හදාගත්තු කෙනෙක් නෙමෙයි. මේ මාන්දංකාරයාගේ නම දිල්ශාන්. දිල්ශාන් ට තියෙන්නේ හැරි පොටර් කතා ගැන තියෙන මාන්දමක්. මෙයත් කලින් කිව්ව ලක්ෂාන් වගේ හැරි පොටර්ව දේවත්වයෙන් අදහන කෙනෙක්.  පන්තියේදි එයත් එක්ක කතා කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම කතාව ඉවරවෙන්නේ හැරි පොටර් ගෙන් කියලා හැම කෙනෙක්ම දන්නවා.


මිනිහා කියවන්නේ සිංහලට පරිවර්තනය කරපු හැරී පොටර් පොත්. ඒත් හැරි පොටර් සිංහල පරිවර්තන පොත් මාලාවේ එක පොතක් පිටවෙලා අවුරුද්දකින් තමා ඊළඟ පොත පිටවෙන්නේ. ඉතිං මේ දිල්ශාන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ හැරි පොටර් එකේ එක කොටසක් කියවලා ඉවර කරලා. ඒත ඊළඟ එක එන්නේ තව අවුරුද්දකින්. අනික ඒ කාලේ ඕ ලෙවල් විභාගේ පටන් ගන්න ඔන්න මෙන්න තිබිච්ච කාලයක්. ඒ හින්දා ගෙදරින් කතන්දර පොත් කියවන්න ලැබෙන්නේ නැ. දිල්ශාන් ඒකට යොදලා තියෙන්නේ මාර උපක්‍රමයක්.


මුලින්ම දිල්ශාන් ඉන්ටර්නෙට් එකෙන් හැරීපොටර් කතාවේ ඊළඟ කොටසේ ඉංග්‍රීසි පොත pdf විදියට ඩවුන්ලෝඩ් කරගෙන. ඊට පස්සේ ඒ පොතේ තියෙන ටෙක්ස්ට් ඔක්කොම ටික ඩොංගල් එකේ සිම් එකෙන් තමන්ගේ ෆෝන් එකට මැසේජ් විදියට එවලා (sms කරලා). මුලින්ම එවලා තියෙන්නේ පොතෙන් බාගයක් විතර. (කොච්චර මරසේජ් ගානක් යන්න ඇත්ද?) ඊට පස්සේ දිල්ශාන් එයාගේ ෆෝන් එකෙන් කතාව කියවලා තියෙන්නේ බාත්රූම් එක ඇතුලෙදි, (අම්මට‍ අහුවෙන නිසා)


ඔය කිව්වේ තව මාන්දංකාරයෙක්ගේ හැටි. මාන්දංකාරයෝ ගැන කියලා මගේ ඔලුවත් මාන්දං වෙලා. පෝස්ට් එක ඉවර කරන්න යන්නේ ඊට කලින් මම යටින් අහලා තියෙන ප්‍රශ්නෙට ඔයගොල්ලන්නේ බුද්ධිමත් උත්තරේ බලාපොරොත්තු වෙනවා.


* * * * * * *

මගේ ගැටලුව 

එකවුන්ට් සර් : ඔයගොල්ලෝ දැන් හිත සම්පූර්ණයෙන් යොදවන්න ඒ ලෙවල් විභාගෙට. මේ ලව් එෆෙයාර්ස් තියාගෙන පිස්සු නටන්න ඕ‍න කාලයක් නෙමෙයි. ඒවා පටන් ගන්නවා කියන්නේ ඒ ලෙවල් විභාගෙ ගැන තියෙන බලාපොරොත්තු හිතෙන් අතඇරගන්නවා වගේ වැඩක්. සමහරු කියනවා ලව් එකයි එඩියුකේෂන් එකයි දෙකම බැලන්ස් කරගෙන කරන්න පුලුවං කියලා. ඒවා බොරු කතා.


General English සර් : මේ වයසෙදී ලව් එ‍ෆෙයාර් එකක් පටන් ගන්නේ නැතුව ආයෙ කොයි කාලේ කරන්නද? හැබැයි ජීවිතේ අංක එක වෙන්න ඕනේ A 3 ක්. දැන් කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැති කොල්ලෙක්ව ගනං ගන්නෙත් නෑ.


ඔය දෙන්නගෙන් කවුද හරි කියලා දන්න කියන කෙනෙක් මට කියලා දෙනවද?

Tuesday, 5 February 2013

පරිප්පු හා පාන්

අද කියන්න යන්නේ පොඩි කතාවක්... මේ කතාව මගේ යාලුවෝ කිපදෙනෙක් මුහුණ දීපු අත්දැකීමක්. මේක සිද්ධ වුණේ අපේ දහම් පාසලේදී.. මම යන දහම් පාසල තලවතුගොඩ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී ගැමුණු දහම් පාසල. මේ සිද්ධිය වෙනකොට හෝම්ස් 10 වසර වගේ ඇති. හෝම්ස් ඒ කාලෙත් ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටපු නිසා මේකට සහභාගි වෙන්න පුලුවන්කමක් හම්බවුණේ නෑ. 


ඇත්තටම අපේ පන්සල හරිම ලස්සනයි. නාගරික පැත්තක තිබුනට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උනන්දුව හින්දා පන්සල හරිම පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ හින්දාම මේ පන්සලට දායකයන්ගෙනුක් හොඳ සහයෝගයක් තමයි ලැබෙන්නේ. (අපේ පන්සල බලාගන්න කැමති නම් ළඟකදි සිරසේ ගියපු "භාර්යාවෝ" නාට්‍යය බලන්න. ඒකේ හැම පන්සල් වල ඉන්න දර්ශනයක්ම අරගෙන තියෙන්නේ අපේ පන්සලේ)


අපේ දහම් පාසලේ ගොඩ වෙලාවට උගන්වන්නේ නැති පීරියඩ් තමයි තියෙන්නේ. ඉතිං මේ පිරියඩ් වල අපේ පන්තියේ කට්ටිය කරන්නේ පන්සල වටේම රවුම් ගහන එක.  හැමදාම දවල් එකොළහට පන්සලේ බුදුමැදුරට දවල් බුද්ධ පූජාව පූජා කරනවා. ඒක කරන්නේ දා‍නය පූජා කරන කට්ටියයි පන්සලේ ඉන්න හාමුදුරු නමකුයි. පූජා කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනකං බුද්ධ පූජාව බුදු මැදුර ඇතුලෙ තියනවා.  අපේ පන්තියේ රවුම් ගහන අයගෙන් කීපදෙනෙකුගේ පුරුද්දක් තිබුණා. ඒ මොකක්ද දන්නවද? අර දවල්ට පූජා කරන බුද්ධ පූජාව පූජා කළාට පස්සේ අරගෙන කන එක.


මේ වැඩේ ගැන හැමදෙනෙක්ම වගේ දන්නවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ පවා දන්නවා. හැබැයි උන්වහන්සේ වැඩ ඉන්නේ ඒ ගැන දන්‍නේ නෑ වගේ.  පන්සලේ ඇබිත්තයා විදියට ඉන්න "රාජා" අයියත් මේ ගැන දැනගෙන හිටියා. ඒත් කවුරුත් මුකුත් කියන්නේ නෑ. මොකද බුදුන්ට පූජා කරපු දෙයක් තව කවුරු හරි කෑවට පවක් වෙන්නේ නැති හින්දා.


ඔන්න තවත් දවසක් ආවා. එදත් වෙනදා වගේම දවල් දානේ පූජා කරලා බුදුමැදුර ඇතුලේ තිබුණා. එදා ඒ පූජාවේ අතුරුපස විදියට තිබිලා තියෙන්නේ අඹ සහ කෙසෙල්. උයපු කෑම කිසිදෙයක් අපේ කට්ටිය කන්නේ නෑ. ඔය කන්න පුළුවං පොඩි පොඩි දේවල් ටිකක් තමයි කන්නේ. ඒත් එදා අතුරුපස විදියට තිබුණු අඹයි, කෙසෙලුයි කට්ටිය කාලා තිබුණා. ඒත් ඒවායේ ලෙලි එතනම දාලා ඇවිල්ලා.


ඉතිං අපේ කට්ටිය කෑවට පස්සේ එතනින් ෂේප් එකේ මාරු වෙලා පන්තියට ආවා. හැබැයි ඊටපස්සේ වෙලාවක රාජා අයියා බුදුමැදුරට ඇවිල්ලා පූජ කරපු දානේ අස් කරන්න. එතකොට අපේ එවුන් හැමතැනම දාලා ගියපු පලතුරු ලෙලි දැකලා. ඒකට එයාට හොඳටම කේන්ති ගිහින්. එයා කෙලින්ම ලොකු හාමුදුරුවන්ට මේ ගැන කියලා.


ටික වෙලාවක් යද්දි ලොකු හාමුදුරුවෝ අපේ පන්තියට වැඩියා. ඊටපස්සේ බුද්ධ පූජාව කෑවේ කවුද කියලා අපෙන් ඇහුවා. එකෙක්වත් එක පාරට ඉදිරිපත් වුණේ නෑ. ඒත් හාමුදුරුවන්ට මතකයි ඔය වැඩේට සෙට් වෙන කට්ටිය ඔක්කොම. ඊටපස්සේ හාමුදුරුවෝ ඔක්කොමලාවම ඔෆිස් එකට අරගෙන ගියා.


එදා මුලු දවසම හෝම්ස් එක එක වැඩ වලට හිර වෙලා හිටපු නිසා අපේ කට්ටියත් එක්ක රවුම් ගහන්න යන්න බැරි වුණා. ඒ හින්දා හෝම්ස්ව වැඩේට අහුවුණේ නෑ. අපේ කට්ටිය ඔෆිස් එකට අරගෙන ගියාට පස්සේ එතන මොකක්ද වෙන්නේ බලන්න හෝම්ස්සුත් හිමීට තව යාලුවෙක් එක්ක ඔෆිස් එක පැත්තට ගියා. අපි යනකොට කට්ටියම ඔෆිස් එක ඇතුලේ හිටගෙන ඉන්නවා.


"ඕගොල්ලෝ කෑවට මුකුත් වෙන්නේ නෑ. ඒත් මේ විදියට කාපු බීපු ‍තැන් වනසලා දාලා ගියාම වෙන පවේ තරම ඔයාලා දන්නේ නෑ."


හාමුදුරුවෝ මෙහෙම කියලා ටික වෙලාවක් කල්පනා කළා.


"ඔයාලට මේකට මතක හිටින්න හොඳ දඬුවමක් දෙන්න ඕනේ." එහෙම කියපු හාමුදුරුවෝ ලොකු වේවැලක් අරගෙන ආවා. අද අපේ කට්ටිය හොඳ කෑමක් කනවා කියලා මට හිතුණා.


"වාඩිවෙනවා ඔක්කොමල මේ ඩෙස් එකෙන්. " හාමුදුරුවෝ සැරෙන් කිව්වා. ඒත් කට්ටිය බය වෙලා වගේ හිටියා.


"එකපාරක් කිව්වම කරනවා" එ‍හෙම කියලා වේවැලත් අරගෙන අපේ පන්තියේ කට්ටිය ළඟට ආවා. අපේ කට්ටිය බයටම හාමුදුරුවෝ කියපු ඩෙස් එකෙන් වාඩි වුණා.


"රාජා.... අරගෙන එන්න මම කියපුවා ටික" හාමුදුරුවෝ එහෙම කිව්වේ රාජා අයියට.


ඊට පස්සේ රාජා අයියා ලොකු භාජනේකුයි , පාන් රාත්තල් හතරකුයි අරගෙන ආවා.


"ඔන්න තියෙනවා පරිප්පුයි, පානුයි. හැමදාම බුද්ධ පූජාව කන්නේ බඩගින්න හින්දනේ. අද කාපියව් ඇතිවෙනකං."


අපේ පන්තියේ එවුන්ට කරගන්න දෙයක් නෑ. ඔක්කොම එක එක්කෙනාගේ මූණ බලාගෙන හිනාවෙනවා..


"හ්ම්...දැන් එක පාරක් කිව්වනේ.... කාපියව්" හාමුදුරුවෝ කිව්වා.


හාමුදුරුවන්ට බයවෙච්ච කට්ටියට කන්න රාජා අයියා පාන් රාත්තල් හතර කපලා දුන්නා.  අපේ කට්ටියටත් ඉතිං මේක පට්ට චාන්ස් එක. උන් ඔක්කොම පානුයි පරිප්පුයි කන්න පටන් ගත්තා.  හාමුදුරුවොත් උන් කාලා ඉවර වෙන තරමට පාන් ගෙනල්ලා දුන්නා. අන්තිමට පස්දෙනෙක්ට පාන් රාත්තල් 6ක් කන්න වුණා.

Saturday, 2 February 2013

මාරක රිය අනතුර

බ්ලොගර් වෙබ් අඩවියේ ලාංඡනය- ඒ කියන්නේ තැඹිලි පාට කොටුවක් මැද්දේ තියෙන සුදුපාට B අකුර ඇහැට දැක්කේ කාලෙකට පස්සේය. මෙච්චර දවසක් ලියන්නට බැරිවුණේ මං ජොලියට වාගේ ෆේස්බුකියේ ෆේක් එකවුන්ට් එකක් හදාගත්තාට පසුය. ඒක ගැනත් කියන්නට ‍කතාවක් තිබේය. ඒක පස්සේ කියන්නම්. දැනට මේ කතාව බලන්න. මේ මගේ සමීපම ඥාතියෙකුට වෙච්ච ඇබැද්දියකි.


අපේ රට ඇත්තෙන්ම පුදුම මිනිසුන් කොට්ඨාශයක් ජීවත් වන රටකි. මා එසේ කියන්නට විශේෂ හේතුරැසක් ඇත. අපේ රටේ මිනිසුන් සාමාන්‍යයෙන් ඉක්මණින් හිත් උණු වෙන ජාතියේ පුද්ගලයින්ය. ලොව වෙනත් කිසිදු රටක ජීවත් වන්නන්ට වඩා අපේ රටේ මිනිසුන්ගේ තියෙන ප්‍රධාන වෙනස එයයි. ලංකාබෙල් ආයතනයෙන් මේ ළඟදී පෙන්වපු වෙළඳ දැන්වීම් දකින කොටත් එය අපිට සිහිවන්නේය. මේ කතාව ඔබ කියෙව්වොත් ඔබට සිතේවී ලංකාවේ ඉන්නේ ලංකාබෙල් ඇඩ් එකේ පෙන්වන ජාතියේ මිනිසුන්ම නොවන බව.


ඔහුට අපි "රංග" යැයි කියමු. (සත්‍ය නම නොවේ) ඔහුගේ රැකියාව මෝටර් බයිසිකල් මිලදී ගෙන "මොඩිෆයි" කර නැවත විකිණීමය. මීට මාස එකහාමාරකට පමණ පෙරත් ඔහු අලුතෙන් බයිසිකලයක් ගත්තේ එයටද ලෝකේ නැති විකාර අයිටම් රැසක් යොදා එයද විකිණීමටය.  ඒත් මොහුගේ තවත් එක පුරුද්දක් තිබුණේය. ඒ ඔහු අලුත් බයිසිකලයක් ගත්තොත් එය ගත්ත දවසේ සිටම තමන්ගේ පුද්ගලික ගමන් සඳහාද එය යොදාගැනීමය. (නමුත් ඔහු මෙසේ බයිසිකල් පදින්නේ අහල පහල ගෙවල් වල ඉන්න කෙල්ලන්ට පේන්න බව ගොඩක් දෙනා දනී.)


නමුත් මේ අලුතෙන් ගත් බයිසිකලයේ සුලු සුලු කාර්මික දෝෂ රැසක් තිබෙන බව බොහෝ වාර වලදී මටත් පැවසුවේය. ඒ නිසා එක් දිනක් රංග අලුත් බයිසිකලයේ තිබෙන දෝෂ අලුත්වැඩියා කර ගැනීමට පැලවත්ත ප්‍රදේශයේ තිබෙන ගරාජයකට යෑමට පිටත් වුණේය. ඔහු පිටත් වී ගත වුණේ සුලු වේලාවකි. ඔහුගේ මවගේ දුරකතනයට රංගගේ සහෝදරයෙකුගෙන් ඇමතුමක් ආවේය.
"හලෝ... මේ.. අම්මේ.. බොරුවට කලබල වෙන්නම් එපා... රංග මල්ලි ඇක්සිඩන්ට් වෙලාලු."
මෙය ඇසූ රංගගේ මව මහා හයියෙන් හඬා වැලපෙන්නට වූවාය. ඉන්පසු ඔවුන්ට නැවත දුරකතන ඇමතුම් කීපයක් ලැබුණු අතර, රංගගේ ගෙදර සිටින්නවුන් සියලු දෙනාම පාහේ කලබලයෙන් ලෑස්ති වී කොළඹ මහ රෝහල බලා පිටත්ව ගියෝය.


ඔවුන් රෝහලට ගොස් ස්වල්ප වේලාවකට පසු අපේ නිවසට දුරකතන ඇමතුමක් ලැබුණේය.

"රංගට හොඳටම අමාරුයි... කකුල් දෙකයි වම් අතයි කැඩිලා...." ‍

මේ ඇමතුම නිසා අපේ නිවසේ වැසියෝද හොඳටම කලබල වුණෝය. මේ ආකාරයට රංගගේ සෞඛ්‍යය තත්වය පිළිමඳ ස්ටේටස් අපේ නිවසට අප්ඩේට් වන්නට විය. නමුත් අවසානයේ ඔහුගේ කකුල් දෙක කැඩී නොමැති බවත් එක් කකුලක් හොඳටම තුවාල වි ඇති බවත් වම් අත අප්‍රාණික වී ඇති බවත් දැනගන්නට ලැබුණි.

* * * *

නමුත් "මූ මුලින් කියපු ලංකාබෙල් ඇඩ් කතාවට මේ කතාව කිසිම සම්බන්ධයක් නෑනේ. මුට පිස්සුද කොහෙද" යැයි දැන් ඔබ සිතනවා ඇති. නමුත් රංග අනතුරට පත් වූයේ කෙසේ දැයි මා පසුව ඔහුගෙන් ඇසුවෙමි.

"මං එදා ගියේ බයිසිකලේට සර්විස් එකක් දාන්න කියලා. කොහෙද ගැරිජ් එකට යන්න හම්බ වුණේ නෑනේ. මට කෙළ වෙලාම ගියා"

"ඉතිං මොකෝ වුණේ?"

"පොඩ්ඩක් හිටපං බං කියනකං. මම එදා ගැරිජ් එක‍ට යනකොට ‍පොඩ්ඩක් ස්පීඩ් එකන් ගියේ."

"පොඩ්ඩක් කිව්වේ?"

"අසූවට අසූපහට විතර"

"හෑ.. හයිවේද ගියේ?"

"හයිවේ වගේ තමයි බං පාර. කිසිම වාහනයක් තිබ්බේ නෑ. ඉතිං මං කෙලලා දාලා ගියා.‍ එදානං මගේ මාරකයක් බං පැන්නේ. මම මගේ බයික් එකෙන් යනකොට බං ඉස්සරහ කොට කොට යන වෑන් එකක් තිබ්බා. මම ඒක අර වංගුවට පොඩ්ඩක් මෙහාදි ඕවර්ටේක් කරන්න ගියේ. මම බයික් එකෙන් වෑන් එක ඕවර් ටේක් කරනකොටම ඇක්සලේටර් එකේ කේබල් එක හිරවුණා. කේබල් එක පන්නගන්න විදියක් නැති වුණා. මම පුලුවන් තරං හයියෙන් ඇක්සලේටර් එකට ගැහුවා කේබල් එක පන්නගන්න. දෙවෙනි පාරට ගහනකොටම පාරේ අනිත් පැත්තෙං ආපු බස් එකේ බයික් එක හැප්පුනා."

"ඉතිං?"

"මාව බයික් එකෙන් විසික් වෙලා ගියා. උඹ විශ්වාස කරන්නෑ බං මම විසි වෙලා යනකොට මට හැප්පිච්ච බස් ‍එකේ වහලෙත් පෙනුනා බං. (මෙය මම විශ්වාස කරන්නේ නැත)"

"ඊටපස්සේ?"

"මාව වැටුණේ ඇක්සිඩන්ට් එක වෙච්ච තැනින් අඩි 15ක් විතර ඈතට. මම වැටෙන කොට ඔලුව පැත්ත පහලට හිටින්න වැටුනේ. ඉතිං මම වැටෙන කොට අත තිබ්බා බං. එතකොටම මගේ අත ඇඹරිලා ගියා. ඔලුවත් බිම හැපුණා."

"බයික් එක?"

"බයික් එක දෙකට මැද්දෙන් කැඩිලා බං."

"දැන් කොහොමද විකුණන්නේ?"

"අනේ මේ කුණුහරුප කතාකරන්නේ නැතුව හිටපං"

"ඉතිං වැටුනට පස්සේ මොකද වුණෙ?"

"වැටුනට පස්සේ මට නැගිට ගන්න බෑ බං. මිනිස්සු වට වෙලා බලං ඉන්නවා මං දිහා. එකෙක්වත් ආවේ නෑ මං ලඟට නැගිටින්නවත් උදවු කරන්න.  අන්තිමට මම ෆෝන් එක අරගෙන මල්ලිට කෝල් එකක් අරගෙන වෙච්ච සීන් එක කිව්වා."

"ඒත් එකෙක්වත් ආවේ නෑ මට උදව් කරන්න. අන්තිමට මල්ලි වෑන් එකෙන් ඇවිල්ලා තමයි මාව ඉස්පිරිතාලේට අරගෙන ගියේ."

* * * *

ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ තත්වේ මේක. හැබැයි හැමෝම මෙහෙම නෙමෙයි. ඒකට හේතුව මම හිතන්නේ මේකයි. දැන් හදිස්සියේ හරි ඔය අරගෙන යන ලෙඩා මගදී මලොත්, සාක්කි දෙන්න උසාවි ගානේ යන්න වෙන්නේ අරගෙන ආපු මිනිස්සුන්ට.

Friday, 18 January 2013

අපූරු දහම් පාසල

ඇත්ත ජීවිතයේදී ෂර්ලොක් හෝම්ස් යනු පුළුවන් තරම් බයිට් වූ පුද්ගලයෙකි. පන්තියේදි හෝ වෙනත් තැන්වලදී හෝම්ස් තරම් බයිට් වන්නන් ඇත්නම් ඒ පොඩ්ඩකි. හෝම්ස් මෙසේ බයිට් වන්නේ ඔහුගේ යාලුවන්ගෙන් නොවේය. යාළුවන් බයිට් කරයි නම් එවුන්ට මොකක් හරි එකක් කියා නෝන්ඩි නොවී ඉන්ට පුළුවන. ඒත් හෝම්ස් බයිට් වන්නේ අමුතු අවස්ථාවලය. එයට උදාහරණයක් ලෙස හෝම්ස්ගේ මේ අතීත කතාව කිව හැකිය.


හෝම්ස් කොපමණ බයිට් වුනත් ඒවා ගනන් නොගෙන සිටීමට පුරුදු වූයේ අති විශිෂ්ට ගණයේ ගුරුවරයෙකුගෙනි. ඔහුගේ විශිෂ්ට බව කොතරම්ද කිව්වොත් ඔහුව මතක් වෙන සෑම වාරයක් පාසාම ඔහුගේ පවුලේ උදවියද හෝම්ස්ට මතක් වෙන වාර අනන්තය.


මේ ගුරුවරයා සිටියේ අගනුවර ගලාගෙන යන වතුර පාරක් අද්දර ඉදිකරන ලද පන්සලක දහම් පාසලේය. හෝම්ස් 7 වසර 8 වසර ඉගෙන ගන්න කාලයේ ගියේද මේ දහම් පාසලටය.


එක් දිනක් සිදුවූ සිදුවීමකින් හෝම්ස් ‍ගේ "ලැජ්ජාව" නම් වූ සදාචාරාත්මක ගුණාංගය වියකීමට පටන් ගත්තේ මේ දහම් පාසලේ සිටින විටදීය. එදා හෝම්ස් සිටියේ හෝම්ස් ගේ යහලුවෙක් සමග ඒ කාලයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන "පෑන් ගේමක්" ගසමින්ය.  නමුත් ඒ දහම් පාසලේ "පෑන් ගේම්" ක්‍රීඩා කිරීම දැඩි දඬුවම් ලැබෙන සුලු භයානක අපරාධයක් විය. නමුත් හෝම්ස් එකල ඉතා ජුන්ඩං වයසක පසුවන ළමයෙක් නිසා ඒ වැරැද්ද ගැන හා ලැබෙන දඬුවම ගැන එතරම් දැනුවත්භාවයක් තිබුණේ නැත.


ඉතිං පාසලේ පුරුද්දට පන්තියේ කවුරුත් ඉගැන්වීමට නොසිටි නිසා හෝම්ස්, හෝම්ස්ගේ චක්ගෝලයන් කිහිපයක් සමග එක්වී "පෑන් ගේමක්" ගැසීම ආරම්භ කළේය. නමුත් "ගේම" ගසන්නට ලැබුනේ ටික වේලාවකි. කොහෙවත් තිබූ මරාලයක් හෝම්ස්ගේ ඔලුවට පාත් වුණේ මේ මොහොතේය.


"නැගිටපං ඔය ඔතන ඉන්න එවුන් දෙන්නා.."


එසේ කිවේ එකල ගෝනිබිල්ලෙක් මෙන් ළමයින් බය කරගෙන සිටි නිලන්ත නම් වූ ගුරුවරයෙකි.


"උඹලා දෙන්නා පෑන් ගේම් ගහනවා නේද?"


"පෑන් ගේම්" ගැසීමට තුන් හතර දෙනෙක් සිටියත් අන්තිමට මාට්ටු වූයේ හෝම්ස් හා හෝම්ස් අසල වාඩි වි සිටි චතුරංග නම් වූ කෙනාවය.


"තමුසෙලා දන්නෙ නැද්ද පන්තියෙ ඉන්න කොට පෑන් ගේම් ගහන්න තහනම් කියලා?"

ඒ වෙලාවේ හෝම්ස්‍ට සෑම පොඩි ළමයෙකුම කියන ආකාරයට 'මෙන්න මේ ගොල්ලොත් පෑන් ගේම් ගැහුවා' යැයි කීමට වචන මුඛයට ගලාගෙන ආවත් පෑන් ගේම් ගැසූවන් හෝම්ස් දිහා බලාගෙන හිටපු විදියට හෝම්ස්ට එසේ කියන්නට හිත දුන්නේ නැත.


නමුත් ඉන්පසු සිදුවූයේ කවුරුත් හිතපු නැති දෙයක්ය. එක්වරම ගෝනිබිල්ලා මෙසේ පැවසුවේය.


"නැගපල්ලා දෙන්නම ඩෙස් එක උඩට!"



එකල අපේ පන්ති පැවැත්වූයේ විශාල ශාලාවකය. ඒ ශාලාවේ අඩුම තරමේ ළමයින් 500ක් වත් සිටියෝය. වඩාත් භයානක කරුණ වූයේ එයින් භාගයකටත් වැඩියෙන් කෙල්ලෝ වීමය. තවත් දෙයක් වූයේ එකල ඒ දහම් පාසලේ අතිභයානක උන්මන්තක අපරාධකරුවන්ට දෙන දඬුවම වූයේද ඩෙස් එක උඩ නැග්ගවීමය.


හෝම්ස් හා හෝම්ස් ගේ මිතුරා ලැබුණු දඬවම ලිහිල් කර ගැනිමට උත්සහයක යෙදුනත් උත්සහය වතුරේ ගියේය. අන්තිමට කරන්ට දෙයක් තිබුණේ නැත. දෙදෙනාටම වුණේ පරාජය භාරගෙන ඩෙස් එක උඩට නැගීමටය.ි


ඒ ආකාරයට ඩෙස් එක උඩට නැගීමද අමුතුම අත්දැකීමකි. ඩෙස් එක උඩට නැග්ග මුල්ම අවස්ථාවේ බිම බලාගෙන හිටියද ටික වේලාවක් යනවිට හෝම්ස්ට අවට සිරි නැරඹීමට හැකියාව ලැබුණි. හෝම්ස් මුලින්ම බැලුවේ ළඟ පාත ඉන්න එවුන් දෙසය. ඔවුන්ගේ මූණේ කිසිම හැඟීමක් තිබුණේ නැත. ඉන්පසු හෝම්ස් පන්තියේ කෙල්ලෝ දිහා බැලු‍වේය. කෙල්ලන් ටික ‍අප දෙදෙනා දෙස බලාගෙන කින්ඩියට මෙන් හිනා වුණෝය. ඉන්පසු හෝම්ස් ඒ දෙස බැලුවේ නැත.


කෙසේ හෝ එක් කාලපරිච්ඡේදයක් ආ ඉන්ටර්වල් එකෙන් භාගයක්ම අප සිටියේ ඩෙස් එක උඩය. අන්තියම ගෝනිබිල්ලා අපිට බිමට බැසිමට අවසර දුන්නේය.


දහවල් ලන්ච් එක වැලඳීමට චතුරංග හා හෝම්ස් කැන්ටිම දෙසට පියමැන්නේ කිසිවෙක් දිහා නොබලමිනි.  නමුත් කැන්ටිම ළඟදීත් කෙල්ලන්ගේ බයිට් වීම් වලට ලක් විමට අපට සිදුවිය. නමුත් උන්ට කිසිවක් කීමට වචන අපේ කටට ආවේ නැත.


එදා දහම් පාසල ඇරී ගෙදර ආවද නිතරම මතක් වුණේ ඩෙස් එක උඩ නැගී අවට සිරි නැරඹූ හැටිය. එයත් දවස් දෙක තුනකින් එයත් අමතක වී ගියේය. නමුත් ඒ සිදුවීමෙන් පසු චතුරංග හා මම ඒ දහම් පාසලේදී වැඩිම කාලයක් හා වැඩිම වාර ගණනක් ඩෙස් එක උඩ සිටගෙන සිටීමේ වාර්තාවක් පිහිටවූ බව මම සිහිකරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.  ඒ මාසයකට වාර 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම ඩෙස් එක උඩට නැගීමෙනි. මේ නිසා අපට දහම් පාසලේ වැඩ කිරීමද එපා විය.  එයට ගියෙත් ගෙදරින් යවන හින්දා පමණි. (ගෙදර අම්මාට හෝ තාත්තාට දහම් පාසල් යන්නට බැරි හේතුව කටත් ඇර කියන්නට පුළුවන් නොවීය. )


නමුත් හෝම්ස් 9 වසරේදී සිදුවූ සිදුවිමකින් පසු හෝම්ස් ඒ දහම් පාසලෙන් අස් විය. (ඒ හේතුව ප්‍රසිද්ධියේ කිව නොහැකි එකකි. මන්ද යත් එය පැවසීමට ගියහොත් ඒ දහම් පාසලට අගෞරව වන බැවිනි. මා එසේ වනවාට අකමැති එක් ගුරුවරයෙක් නිසා මුලු දහම් පාසලම අපකීර්තියට පත් වීම වැලැක්වීමටය. ඒ මා තවමත් ඒ දහම් පාසලට ආදරය කරන බැවිනි).


ඉන්පසු හෝම්ස් ගියේ හෝම්ස් ගේ ගෙවල් අසල දහම් පාසලටය. එයට යනවිට හෝම්ස් කාඩ් එක චාටර් කර නොගෙන සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. දැන් ඒ හෝම්ස් ඒ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරටද ඉල්ලුම් කර තිබෙන්නේය. (එය ලැබෙන නොලැබෙන බව දැනගන්නට වෙන්නේ ලබන ඉරිදාය)


ප.ලි :- මා හට මේ කතාව ලිවීමට මතක් වුණේ ලබන ඉරිදා අදා වීමට ඇත්තේ තව දින 2ක් පමණක් නිසාය

Sunday, 6 January 2013

කොහොම හරි තුනකුත් ගැහුවා...

අද ජනවාරි 6. අද උදේ නැගිටින කොට අදත් කිසිම විශේෂත්වයක් නැති දවසක් වගේ දැනුනේ. ඒත් එක පාරටම මගේ මොළේට අද දවසේ විශේෂත්වය මතක් වුණා. අදට "බේකර් විදිය" බ්ලොග් එක පටන් අරං මාස තුනක්. දැනුනෙවත් නෑ මාස තුනක් ගතවෙලා ගියා.


මම මේ බ්ලොග් එක පටන් ගත්තේ පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2011 ඔක්තෝබර් 6. දැන් ඔයාට මතක් වෙනවා ඇති ඒ දවසේ විශේෂත්වයක්. මතක් වෙන්නේ නැත්තං මම කියන්නං. ඔක්තෝබර් 6 වෙනිදට යෙදිලා තියෙන්නේ ලෝක ගුරු දිනය. සමහරවිට ඔයාලා දන්නවත් ඇති මම කලින් ලිව්වා බ්ලොග් එකක් "රචිත්‍රගේ නිදහස් අඩවිය" කියලා. අන්න ඒ බ්ලොග් එකත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. හැබැයි ඒ මගේ ඉස්කෝලේ යාළුවෝ අතරේ විතරයි.  ඒකට හේතුව මම ඒ බ්ලොග් එක දාලා තිබුණේ සින්ඩිකේටර් දෙක තුනක විතරයි. ඒ බ්ලොග් එක මම ලියන පෝස්ට් වලට ගොඩ දෙනෙක් කැමති වුනත් ඒක එච්චර ප්‍රසිද්ධ වෙච්ච බ්ලොග් එකක් නෙමෙයි.


ඉතිං මම හිතුවා අලුත් බ්ලොග් එකක් ලියන්න. මම ආස කරන රහස් පරීක්ෂණ කතාවක් වෙන ෂර්ලොක් හෝම්ස් ගේ චරිත ලක්ෂණ වලට මම බ්ලොගර් ප්‍රොෆයිල් එක වෙනස් කරලා ඊට ගැලපෙන බ්ලොග් එක පටන් ගත්තා.


මේ මාස තුනේදී මම දාපු පෝස්ට් වලට කමෙන්ට් කරපු අයවත් මෙතනදී මතක් නොකර බෑ. මම දාන හැම පෝස්ට් එකකටම  "මඩිස්ස" ලියන මඩිස්සලේ නිශාන් අයියා කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව.... "කෝරලේ වලව්ව" ලියන කෝරලේ මහත්තයත් කොහොම කොහොම හරි කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව රහස් පරීක්ෂක කතා ලියන spider the DETECTIVE වගේම silentsahan අයියා , PM , Gayani Wedage , වීපොකුර , වර්ෂා වගේ අයත් මේ පැත්තට ඇවිල්ලා කමෙන්ට් කරපු අය. තව ඇනෝනිමස් විදිහටත් ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. කලින් කියපු අය විතරක් නෙමෙයි, තව ගොඩක් දෙනෙක් මේ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් කරලා ගියා. ඊටත් වඩා ගොඩ දෙනෙක් බ්ලොග් එක කියෙව්වා කියලා මම දන්නවා.



මේ බ්ලොග් එකේ තවත් ප්‍රසිද්ධ වෙච්ච අංගයක් තමයි කවිශ්කගෙයි විසල් ගෙයි රහස් පරීක්ෂණ කතාව. අද මම කියන්න යන්නේ ඒ කතාව ගැන මේ කියවන කිසි කෙනෙක් නොදන්න දෙයක්. ඔය කතාව ගැන අදහස මගේ ඔලුවට ඇවිල්ලා දැනට අවුරුදු 1 1/2 ටත් වැඩියි. ඒ කාලේ මම ඉන්ටර්නෙට් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට මම කතා හිමීට හිමීට ලිව්වා. ඒ කවදාහරි බ්ලොග් එකක පළ කරන්න. මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්ත මුල් දවස්වලම මම ඒ කතාව ට වෙනම බ්ලොග් අඩවියක් ආරම්භ කළා. Sri Lankan Detective Story කියන නමින් ආරම්භ කරපු ඒ බ්ලොග් අඩවියට ඇවිල්ලා තිබුණේ 11 දෙනෙක් විතරයි. (මාසයක් ඇතුලත. ඒකට හේතුව මම ඒ බ්ලොග් එක සින්ඩිකේටර් වලට ඇතුලත් නොකිරිම) අන්තිමට මම ඒ බ්ලොග් එක නවත්තලා "රචිත්‍රගේ නිදහස් අඩවිය" පටන් ගත්තා. ඒත් ඒකට මේ කතාව දැම්මේ නෑ.  නමුත් අහම්බෙන් වගේ දවසක මම ඒ කතාව තියෙන වර්ඩ් ඩොකියුමන්ට් එක දැක්කා. ඊට පස්සෙයි මේ බ්ලොග් එකට ඒ කතාව දැම්මේ. ඒත් මම හිතපු නැති විදියට ඒ කතාවට කට්ටිය කැමති වුණා.



දැන් කියන්න යන්නේ මගේ බ්ලොග් එක රසවිඳින කට්ටිය ගැන. මේ පහල තියෙන්නේ මේ බ්ලොග් එක‍ට මේ මාස තුනේදි ආපු කට්ටිය හා එගොල්ලෝ ජීවත් වෙන රටවල්.



ශ්‍රී ලංකාව - 554
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 37
එකසත් ජනපදය - 28
නෝර්වේ - 23
රුසියාව - 20
බ්‍රිතාන්‍යය (හෝම්ස්ගේ මවු රට) - 16
දකුණු කොරියාව - 11
ඊශ්‍රායලය - 8
ජර්මනිය - 7
කුවේට් - 5


මේ විදියට බලන කොට පේන තවත් දෙයක් තමයි දැන් ඉන්ටර්නෙට් එක්ස්පෝලර් කියන බ්‍රව්සර් එකට වෙලා තියෙන දේ. ඉස්සර ලෝකයේ අංක එකේ බ්‍රව්සරය වෙච්ච ඉන්ටර්නෙට් එක්ස්පෝලර් වලින් මගේ අඩවියට ඇවිල්ලා තියෙන්නේ 41 දෙනයි. ආසන්න වශයෙන් 5%. ඒත් ක්රෝම්, ෆයර්ෆොක්ස්, ඔපෙරා බ්‍රව්සර් වලින් පිළිවෙලින් 41%, 28%, 15% ගානේ ඇවිල්ලා තියෙනවා.


මේ මාස තුනේදී වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන ලිපි පෙළ තමයි "ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂක කතා මාලාව" කියන ලිපි පහ.


තව ටික දවසකින් හෝම්ස් තනියම හදාපු ඔයාලට ෆේස්බුක් චැට් කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් නොමිලේ ලබා දෙන්නත් හිතාගෙන ඉන්නවා.

Thursday, 3 January 2013

"ෂර්ලොක් අයියට ටෙලිගැරැම් එකක්"

හෝම්ස් එදත් නිවීහැනහිල්ලේ නිදාගන්න කියලා කාමරේට ගියා. යාන්තං නින්ද ගියා විතරයි.

"ෂර්ලොක් අයියට ටෙලිගැරෑම් එකක්!!!" අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න මල්ලි කෑගහගෙන මගේ කාමරේට ආවා.

කවුද මට ටෙලිගැරෑම් එවන්න ඉන්නේ? මට ඒ වෙලාවෙ කල්පනා වුණා.

"ඒ කාලෙ නං ටෙලිගැරෑම් එකක් එනවා කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම කවුරුහරි මැරිලා තමයි" අපේ ආච්චි අම්මා කිව්වා.

"ආච්චි අම්මා මොකද මගේ කාමරේ? ඔයාගෙ කාමරේ තියෙන්නේ උඩනේ?" මම ඇහුවා. ඒත් ආච්චි අම්මා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ.

ඒ ගමන්ම මට කල්පනා වුණේ ටෙලිගැරෑම් එක ගැන. ආච්චි අම්මා කියපු විදියට කවුරු හරි මැරිලා වෙන්න ඕනේ. ඒත් මොන මල යකාටද මේ හදිස්සියේ මැරෙන්න ඕන වුණේ?

ටෙලිගැරෑම් එක අරගෙන ආපු මල්ලි මගේ අතට ටෙලිගැරෑම් එක දුන්නා. මේක ටෙලිගැරෑම් එකක් වුණාට කිලෝග්‍රෑම් දහයක් විතර බරයිනේ.. මට හිතුණා.

මම ටෙලිග්‍රෑම් එක කඩලා බැලුවා. ඒකේ තිබ්බේ අමුතු පණිවිඩයක්.

"ලොකු-කරදරයක්-තිතක්--අයියලා-හතර-දෙනා-හිරෙන්-පැනලා-ගිහිල්ලා-තිතක්"

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහිල්ලා? ඉතිං අයියලා හතරදෙනා හිරෙන් පැනලා ගිය එක ඇයි මට කියන්නේ? මම කව්ද?... කව්ද?.............අනේ මන්දා කව්ද කියලා. කව්ද කියලා මතක් වෙන්නෙම නෑනේ.

ඒත් එකපාරටම මට මතක් වුණේ කිලෝග්‍රෑම් දහයක් විතර බර ටෙලිග්‍රෑම් එක. ඇයි ඒක එච්චර බර? මම ඒක ආයෙත් අරගෙන බැලුවා.

දැනුයි තේරුණේ... මේ ටෙලිග්‍රෑම් එක ලියලා තියෙන්නේ ගල් පතුරක් උඩ. ලියල කිව්වට ලියලා නෙමෙයි ගලේ කොටලා. ඊට පස්සේ මම බැලුවා ටෙලිග්‍රෑම් එකේ තැපැල් මුද්‍රාව තියෙන්නේ කො‍හෙද කියලා. තැපැල් මුද්‍රාවේ "ගිරිපුර" කියලා කොටලා තිබුණා.

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහින් කියන්නේ අනිවාර්යයෙන්ම බැංකුවක් මංකොල්ල කන්න යනවා ඇති. මට හිතුණා. ඒත් උන් මංකොල්ල කනවා ඇත්තේ මොන බැංකුවද? තලවතුගොඩ හන්දියේ බැංකු කීයක් තියෙනවද? හැටන් නැෂනල්, බී.ඕ.සී, සම්පත්, නේෂන්ස් ට්‍රස්ට්, මහජන බැංකුව... මුන් හතර දෙනා මොන බැංකුවට කඩා පනියිද?

පරක්කු වෙලා හරියන්නේ නෑ. මම ඉක්මණට ක්‍රියාත්මක වෙන්න හිතුවා. ඒත් කෝ මගේ අශ්වයා? ඌ අශ්ව ගාලේ ඇති. මම ටක්ගාලා ඇඳුමක් දාගෙන අපේ ගේ පිටිපස්සේ තිබ්බ අශ්ව ගාලට දුවගෙන ගියා.

ඈ... අපේ ගෙදර කවදද අශ්ව ගාලක් තිබුණේ? මට හිතුණා. කමක් නෑ කොහොම හරි ඕන වෙලාවට අශ්ව ගාලක් තියෙනවනේ. ඒක කලින් ඉදන්ම ගේ පිටිපස්සේ තියෙන්න ඇති මම දකින්නේ නැතුව.

මම අශ්ව ගාල ළඟට දුවගෙන ගියා. ඒක ඇතුලේ මුළු ඇඟම සුදුම සුදු පාට,බෙල්ලේ කහපාට ලෝම පිරිච්ච අශ්වයෙක් මට නක්කලේට හිනා වෙවි හිටියා. මම අමාරුවෙන් අශ්වයව එළියට අරගෙන උගේ පිට උඩ නැගලා වේගෙන් තවලතුගොඩ හන්දිය පැත්තට ගියා.

මම ටික දුරක් යනකොට අයියලා හතර දෙනා හන්දියේ හැටන් නැෂනල් බැංකුව මංකොල්ල කන්න ලෑස්ති වෙනවා. 'අෆ්ෆටසිරි.... මගේ මොබයිල් එකවුන්ට් එක තියෙන්නෙත් මේ බැංකුවේ නේද?" මට මතක් වුණා. 

"මොකක්ද යකෝ මොබයිල් එකවුන්ට් එක කියන්නේ?" කවුද මන්දා එකෙක් මගෙන් ඇහුවා.

"ජංගම ගිණුම කියන්නේ ඒකට.. ඒක නැති වුනොත් මම චෙක් වලින් කරන මෙව්වා ඔක්කොම නැති වෙනවා" මම කිව්වා.

මම ඒ කතාව කියලා ඉවර වෙනකොට අයියලා හතර දෙනා බැංකුව මංකොල්ල කාලා එළියටත් ආවා. ඇවිල්ලා මට වෙඩි තියන්න තුවක්කු හතරම 
දික් කලා. මමත් මගේ තුවක්කුව අරගෙන වෙඩි තියන්න කොකා ගැස්සුවා. ඒත්......
...වස නෝන්ඩිය. තුවක්කුවට බුලට් දාන්න අමතක වෙලා..

අයියලා හතර දෙනා මට වෙඩි තියාගෙන තියාගෙන ගියා....