Thursday 3 January 2013

"ෂර්ලොක් අයියට ටෙලිගැරැම් එකක්"

හෝම්ස් එදත් නිවීහැනහිල්ලේ නිදාගන්න කියලා කාමරේට ගියා. යාන්තං නින්ද ගියා විතරයි.

"ෂර්ලොක් අයියට ටෙලිගැරෑම් එකක්!!!" අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න මල්ලි කෑගහගෙන මගේ කාමරේට ආවා.

කවුද මට ටෙලිගැරෑම් එවන්න ඉන්නේ? මට ඒ වෙලාවෙ කල්පනා වුණා.

"ඒ කාලෙ නං ටෙලිගැරෑම් එකක් එනවා කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම කවුරුහරි මැරිලා තමයි" අපේ ආච්චි අම්මා කිව්වා.

"ආච්චි අම්මා මොකද මගේ කාමරේ? ඔයාගෙ කාමරේ තියෙන්නේ උඩනේ?" මම ඇහුවා. ඒත් ආච්චි අම්මා ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ.

ඒ ගමන්ම මට කල්පනා වුණේ ටෙලිගැරෑම් එක ගැන. ආච්චි අම්මා කියපු විදියට කවුරු හරි මැරිලා වෙන්න ඕනේ. ඒත් මොන මල යකාටද මේ හදිස්සියේ මැරෙන්න ඕන වුණේ?

ටෙලිගැරෑම් එක අරගෙන ආපු මල්ලි මගේ අතට ටෙලිගැරෑම් එක දුන්නා. මේක ටෙලිගැරෑම් එකක් වුණාට කිලෝග්‍රෑම් දහයක් විතර බරයිනේ.. මට හිතුණා.

මම ටෙලිග්‍රෑම් එක කඩලා බැලුවා. ඒකේ තිබ්බේ අමුතු පණිවිඩයක්.

"ලොකු-කරදරයක්-තිතක්--අයියලා-හතර-දෙනා-හිරෙන්-පැනලා-ගිහිල්ලා-තිතක්"

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහිල්ලා? ඉතිං අයියලා හතරදෙනා හිරෙන් පැනලා ගිය එක ඇයි මට කියන්නේ? මම කව්ද?... කව්ද?.............අනේ මන්දා කව්ද කියලා. කව්ද කියලා මතක් වෙන්නෙම නෑනේ.

ඒත් එකපාරටම මට මතක් වුණේ කිලෝග්‍රෑම් දහයක් විතර බර ටෙලිග්‍රෑම් එක. ඇයි ඒක එච්චර බර? මම ඒක ආයෙත් අරගෙන බැලුවා.

දැනුයි තේරුණේ... මේ ටෙලිග්‍රෑම් එක ලියලා තියෙන්නේ ගල් පතුරක් උඩ. ලියල කිව්වට ලියලා නෙමෙයි ගලේ කොටලා. ඊට පස්සේ මම බැලුවා ටෙලිග්‍රෑම් එකේ තැපැල් මුද්‍රාව තියෙන්නේ කො‍හෙද කියලා. තැපැල් මුද්‍රාවේ "ගිරිපුර" කියලා කොටලා තිබුණා.

අයියලා හතර දෙනා හිරෙන් පැනලා ගිහින් කියන්නේ අනිවාර්යයෙන්ම බැංකුවක් මංකොල්ල කන්න යනවා ඇති. මට හිතුණා. ඒත් උන් මංකොල්ල කනවා ඇත්තේ මොන බැංකුවද? තලවතුගොඩ හන්දියේ බැංකු කීයක් තියෙනවද? හැටන් නැෂනල්, බී.ඕ.සී, සම්පත්, නේෂන්ස් ට්‍රස්ට්, මහජන බැංකුව... මුන් හතර දෙනා මොන බැංකුවට කඩා පනියිද?

පරක්කු වෙලා හරියන්නේ නෑ. මම ඉක්මණට ක්‍රියාත්මක වෙන්න හිතුවා. ඒත් කෝ මගේ අශ්වයා? ඌ අශ්ව ගාලේ ඇති. මම ටක්ගාලා ඇඳුමක් දාගෙන අපේ ගේ පිටිපස්සේ තිබ්බ අශ්ව ගාලට දුවගෙන ගියා.

ඈ... අපේ ගෙදර කවදද අශ්ව ගාලක් තිබුණේ? මට හිතුණා. කමක් නෑ කොහොම හරි ඕන වෙලාවට අශ්ව ගාලක් තියෙනවනේ. ඒක කලින් ඉදන්ම ගේ පිටිපස්සේ තියෙන්න ඇති මම දකින්නේ නැතුව.

මම අශ්ව ගාල ළඟට දුවගෙන ගියා. ඒක ඇතුලේ මුළු ඇඟම සුදුම සුදු පාට,බෙල්ලේ කහපාට ලෝම පිරිච්ච අශ්වයෙක් මට නක්කලේට හිනා වෙවි හිටියා. මම අමාරුවෙන් අශ්වයව එළියට අරගෙන උගේ පිට උඩ නැගලා වේගෙන් තවලතුගොඩ හන්දිය පැත්තට ගියා.

මම ටික දුරක් යනකොට අයියලා හතර දෙනා හන්දියේ හැටන් නැෂනල් බැංකුව මංකොල්ල කන්න ලෑස්ති වෙනවා. 'අෆ්ෆටසිරි.... මගේ මොබයිල් එකවුන්ට් එක තියෙන්නෙත් මේ බැංකුවේ නේද?" මට මතක් වුණා. 

"මොකක්ද යකෝ මොබයිල් එකවුන්ට් එක කියන්නේ?" කවුද මන්දා එකෙක් මගෙන් ඇහුවා.

"ජංගම ගිණුම කියන්නේ ඒකට.. ඒක නැති වුනොත් මම චෙක් වලින් කරන මෙව්වා ඔක්කොම නැති වෙනවා" මම කිව්වා.

මම ඒ කතාව කියලා ඉවර වෙනකොට අයියලා හතර දෙනා බැංකුව මංකොල්ල කාලා එළියටත් ආවා. ඇවිල්ලා මට වෙඩි තියන්න තුවක්කු හතරම 
දික් කලා. මමත් මගේ තුවක්කුව අරගෙන වෙඩි තියන්න කොකා ගැස්සුවා. ඒත්......
...වස නෝන්ඩිය. තුවක්කුවට බුලට් දාන්න අමතක වෙලා..

අයියලා හතර දෙනා මට වෙඩි තියාගෙන තියාගෙන ගියා....


ඔන්න ඔය කලින් කිව්වේ මම ළඟදී දැකපු හීනයක්. හීනයක් දැක්කම ආයෙ නැගිටින කොට මුලු හීනෙම මතක නෑනේ.. මතක තැන් එහෙමම ලියලා අමතක තැන් වලට මම අතින් දාලා තමයි ඔය කතාව ලිව්වේ...

7 comments:


  1. හි හි නියම හීනේ ..මාත් මේ ලඟදි හීනයක් දැක්කා ...
    ඒකත් දාන්න ඕනේ...රජ කාලේ කතාවක් මායාකාරියක් එහෙම ඉන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ...ඔය පේන හීන ඒවා පේන වෙලාවට ඇත්ත වගේ දැනුනට අවදියෙන් ඉන්න වෙලාවට ඒවා ගැන හිතන කොට හිනාත් යනවා.

      Delete
    2. මං හිතුවේ හීනෙන් කාටුන් පේන්නේ මට විතරයි කියලා ......... බලනකොට තවත් උන් ඉන්නවා .... තිත් දෙකයි ඩී .....

      Delete
  2. aiyala hathara dena inne kawda boy eke :P

    ReplyDelete
  3. he he... mara interest hinayak ... hinan karanna bari deayak na . dannawada mama lagadi dakka sharuk khan mawa badinawa....:P

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....