Friday, 18 January 2013

අපූරු දහම් පාසල

ඇත්ත ජීවිතයේදී ෂර්ලොක් හෝම්ස් යනු පුළුවන් තරම් බයිට් වූ පුද්ගලයෙකි. පන්තියේදි හෝ වෙනත් තැන්වලදී හෝම්ස් තරම් බයිට් වන්නන් ඇත්නම් ඒ පොඩ්ඩකි. හෝම්ස් මෙසේ බයිට් වන්නේ ඔහුගේ යාලුවන්ගෙන් නොවේය. යාළුවන් බයිට් කරයි නම් එවුන්ට මොකක් හරි එකක් කියා නෝන්ඩි නොවී ඉන්ට පුළුවන. ඒත් හෝම්ස් බයිට් වන්නේ අමුතු අවස්ථාවලය. එයට උදාහරණයක් ලෙස හෝම්ස්ගේ මේ අතීත කතාව කිව හැකිය.


හෝම්ස් කොපමණ බයිට් වුනත් ඒවා ගනන් නොගෙන සිටීමට පුරුදු වූයේ අති විශිෂ්ට ගණයේ ගුරුවරයෙකුගෙනි. ඔහුගේ විශිෂ්ට බව කොතරම්ද කිව්වොත් ඔහුව මතක් වෙන සෑම වාරයක් පාසාම ඔහුගේ පවුලේ උදවියද හෝම්ස්ට මතක් වෙන වාර අනන්තය.


මේ ගුරුවරයා සිටියේ අගනුවර ගලාගෙන යන වතුර පාරක් අද්දර ඉදිකරන ලද පන්සලක දහම් පාසලේය. හෝම්ස් 7 වසර 8 වසර ඉගෙන ගන්න කාලයේ ගියේද මේ දහම් පාසලටය.


එක් දිනක් සිදුවූ සිදුවීමකින් හෝම්ස් ‍ගේ "ලැජ්ජාව" නම් වූ සදාචාරාත්මක ගුණාංගය වියකීමට පටන් ගත්තේ මේ දහම් පාසලේ සිටින විටදීය. එදා හෝම්ස් සිටියේ හෝම්ස් ගේ යහලුවෙක් සමග ඒ කාලයේ අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වන "පෑන් ගේමක්" ගසමින්ය.  නමුත් ඒ දහම් පාසලේ "පෑන් ගේම්" ක්‍රීඩා කිරීම දැඩි දඬුවම් ලැබෙන සුලු භයානක අපරාධයක් විය. නමුත් හෝම්ස් එකල ඉතා ජුන්ඩං වයසක පසුවන ළමයෙක් නිසා ඒ වැරැද්ද ගැන හා ලැබෙන දඬුවම ගැන එතරම් දැනුවත්භාවයක් තිබුණේ නැත.


ඉතිං පාසලේ පුරුද්දට පන්තියේ කවුරුත් ඉගැන්වීමට නොසිටි නිසා හෝම්ස්, හෝම්ස්ගේ චක්ගෝලයන් කිහිපයක් සමග එක්වී "පෑන් ගේමක්" ගැසීම ආරම්භ කළේය. නමුත් "ගේම" ගසන්නට ලැබුනේ ටික වේලාවකි. කොහෙවත් තිබූ මරාලයක් හෝම්ස්ගේ ඔලුවට පාත් වුණේ මේ මොහොතේය.


"නැගිටපං ඔය ඔතන ඉන්න එවුන් දෙන්නා.."


එසේ කිවේ එකල ගෝනිබිල්ලෙක් මෙන් ළමයින් බය කරගෙන සිටි නිලන්ත නම් වූ ගුරුවරයෙකි.


"උඹලා දෙන්නා පෑන් ගේම් ගහනවා නේද?"


"පෑන් ගේම්" ගැසීමට තුන් හතර දෙනෙක් සිටියත් අන්තිමට මාට්ටු වූයේ හෝම්ස් හා හෝම්ස් අසල වාඩි වි සිටි චතුරංග නම් වූ කෙනාවය.


"තමුසෙලා දන්නෙ නැද්ද පන්තියෙ ඉන්න කොට පෑන් ගේම් ගහන්න තහනම් කියලා?"

ඒ වෙලාවේ හෝම්ස්‍ට සෑම පොඩි ළමයෙකුම කියන ආකාරයට 'මෙන්න මේ ගොල්ලොත් පෑන් ගේම් ගැහුවා' යැයි කීමට වචන මුඛයට ගලාගෙන ආවත් පෑන් ගේම් ගැසූවන් හෝම්ස් දිහා බලාගෙන හිටපු විදියට හෝම්ස්ට එසේ කියන්නට හිත දුන්නේ නැත.


නමුත් ඉන්පසු සිදුවූයේ කවුරුත් හිතපු නැති දෙයක්ය. එක්වරම ගෝනිබිල්ලා මෙසේ පැවසුවේය.


"නැගපල්ලා දෙන්නම ඩෙස් එක උඩට!"



එකල අපේ පන්ති පැවැත්වූයේ විශාල ශාලාවකය. ඒ ශාලාවේ අඩුම තරමේ ළමයින් 500ක් වත් සිටියෝය. වඩාත් භයානක කරුණ වූයේ එයින් භාගයකටත් වැඩියෙන් කෙල්ලෝ වීමය. තවත් දෙයක් වූයේ එකල ඒ දහම් පාසලේ අතිභයානක උන්මන්තක අපරාධකරුවන්ට දෙන දඬුවම වූයේද ඩෙස් එක උඩ නැග්ගවීමය.


හෝම්ස් හා හෝම්ස් ගේ මිතුරා ලැබුණු දඬවම ලිහිල් කර ගැනිමට උත්සහයක යෙදුනත් උත්සහය වතුරේ ගියේය. අන්තිමට කරන්ට දෙයක් තිබුණේ නැත. දෙදෙනාටම වුණේ පරාජය භාරගෙන ඩෙස් එක උඩට නැගීමටය.ි


ඒ ආකාරයට ඩෙස් එක උඩට නැගීමද අමුතුම අත්දැකීමකි. ඩෙස් එක උඩට නැග්ග මුල්ම අවස්ථාවේ බිම බලාගෙන හිටියද ටික වේලාවක් යනවිට හෝම්ස්ට අවට සිරි නැරඹීමට හැකියාව ලැබුණි. හෝම්ස් මුලින්ම බැලුවේ ළඟ පාත ඉන්න එවුන් දෙසය. ඔවුන්ගේ මූණේ කිසිම හැඟීමක් තිබුණේ නැත. ඉන්පසු හෝම්ස් පන්තියේ කෙල්ලෝ දිහා බැලු‍වේය. කෙල්ලන් ටික ‍අප දෙදෙනා දෙස බලාගෙන කින්ඩියට මෙන් හිනා වුණෝය. ඉන්පසු හෝම්ස් ඒ දෙස බැලුවේ නැත.


කෙසේ හෝ එක් කාලපරිච්ඡේදයක් ආ ඉන්ටර්වල් එකෙන් භාගයක්ම අප සිටියේ ඩෙස් එක උඩය. අන්තියම ගෝනිබිල්ලා අපිට බිමට බැසිමට අවසර දුන්නේය.


දහවල් ලන්ච් එක වැලඳීමට චතුරංග හා හෝම්ස් කැන්ටිම දෙසට පියමැන්නේ කිසිවෙක් දිහා නොබලමිනි.  නමුත් කැන්ටිම ළඟදීත් කෙල්ලන්ගේ බයිට් වීම් වලට ලක් විමට අපට සිදුවිය. නමුත් උන්ට කිසිවක් කීමට වචන අපේ කටට ආවේ නැත.


එදා දහම් පාසල ඇරී ගෙදර ආවද නිතරම මතක් වුණේ ඩෙස් එක උඩ නැගී අවට සිරි නැරඹූ හැටිය. එයත් දවස් දෙක තුනකින් එයත් අමතක වී ගියේය. නමුත් ඒ සිදුවීමෙන් පසු චතුරංග හා මම ඒ දහම් පාසලේදී වැඩිම කාලයක් හා වැඩිම වාර ගණනක් ඩෙස් එක උඩ සිටගෙන සිටීමේ වාර්තාවක් පිහිටවූ බව මම සිහිකරන්නේ ඉතාමත් ආඩම්බරයෙනි.  ඒ මාසයකට වාර 2ක් හෝ 3ක් අනිවාර්යයෙන්ම ඩෙස් එක උඩට නැගීමෙනි. මේ නිසා අපට දහම් පාසලේ වැඩ කිරීමද එපා විය.  එයට ගියෙත් ගෙදරින් යවන හින්දා පමණි. (ගෙදර අම්මාට හෝ තාත්තාට දහම් පාසල් යන්නට බැරි හේතුව කටත් ඇර කියන්නට පුළුවන් නොවීය. )


නමුත් හෝම්ස් 9 වසරේදී සිදුවූ සිදුවිමකින් පසු හෝම්ස් ඒ දහම් පාසලෙන් අස් විය. (ඒ හේතුව ප්‍රසිද්ධියේ කිව නොහැකි එකකි. මන්ද යත් එය පැවසීමට ගියහොත් ඒ දහම් පාසලට අගෞරව වන බැවිනි. මා එසේ වනවාට අකමැති එක් ගුරුවරයෙක් නිසා මුලු දහම් පාසලම අපකීර්තියට පත් වීම වැලැක්වීමටය. ඒ මා තවමත් ඒ දහම් පාසලට ආදරය කරන බැවිනි).


ඉන්පසු හෝම්ස් ගියේ හෝම්ස් ගේ ගෙවල් අසල දහම් පාසලටය. එයට යනවිට හෝම්ස් කාඩ් එක චාටර් කර නොගෙන සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. දැන් ඒ හෝම්ස් ඒ දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරටද ඉල්ලුම් කර තිබෙන්නේය. (එය ලැබෙන නොලැබෙන බව දැනගන්නට වෙන්නේ ලබන ඉරිදාය)


ප.ලි :- මා හට මේ කතාව ලිවීමට මතක් වුණේ ලබන ඉරිදා අදා වීමට ඇත්තේ තව දින 2ක් පමණක් නිසාය

9 comments:

  1. මටත් තියෙනව දහම් පාසලේදි කොට්ටම්බා තලපු, හොරෙන් ක්‍රිකට් ගහල ජනෙල් බිදපු, වගේ මතක සටහන් ගොඩාක්.
    ශිෂ්‍ය නායක පට්ටම් සිහිනෙත් සැබෑ වේවා..! කියලා ප්‍රාර්ථනා කරනව ඔන්න...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම වගේ පාසලේදී , දහම් පාසලේදී ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා නොවැ.
      බොහොම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට...

      Delete
  2. මට නං ඔය පට්ටම ගහගෙන ඉන්න වාසනාව ලැබුනා ......... උඹටත් ඒ වාසනාව එහෙම්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට...

      Delete
  3. ඉස්කෝලෙ ප්‍රයිමරියෙ ඉන්න කාලෙ මාත් ඔය ඔටුන්න දැම්මා නෙව.ඉතින් දිනෙල්ක අය්යා කිව්ව වගේ හෝම්ස්ටත් ඒ වාසනාව එහෙම්මම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව... ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ඔය ඔටුන්න දාගෙන ඉන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි.. ගත්තා වගේ නෙමෙයි ලැබෙන වගකීම් ‍නම් අනන්තයි.....

      Delete
  4. passe ennam malli wiwekiwa kiyawanna..
    oyaa digatama liyanna..
    api ennam balanna...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි silentsahan අයියේ මාව දිරිමත් කරනවට...
      එහෙනං විවේකයක් තියෙන වෙලාවට ඇවිත් බලන්නකෝ.....

      Delete
  5. lassana atdakimak rasawatwa liyala tiyanawa lasanai malli...:)

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....