අද ජනවාරි 6. අද උදේ නැගිටින කොට අදත් කිසිම විශේෂත්වයක් නැති දවසක් වගේ දැනුනේ. ඒත් එක පාරටම මගේ මොළේට අද දවසේ විශේෂත්වය මතක් වුණා. අදට "බේකර් විදිය" බ්ලොග් එක පටන් අරං මාස තුනක්. දැනුනෙවත් නෑ මාස තුනක් ගතවෙලා ගියා.
මම මේ බ්ලොග් එක පටන් ගත්තේ පහුගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2011 ඔක්තෝබර් 6. දැන් ඔයාට මතක් වෙනවා ඇති ඒ දවසේ විශේෂත්වයක්. මතක් වෙන්නේ නැත්තං මම කියන්නං. ඔක්තෝබර් 6 වෙනිදට යෙදිලා තියෙන්නේ ලෝක ගුරු දිනය. සමහරවිට ඔයාලා දන්නවත් ඇති මම කලින් ලිව්වා බ්ලොග් එකක් "රචිත්‍රගේ නිදහස් අඩවිය" කියලා. අන්න ඒ බ්ලොග් එකත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. හැබැයි ඒ මගේ ඉස්කෝලේ යාළුවෝ අතරේ විතරයි. ඒකට හේතුව මම ඒ බ්ලොග් එක දාලා තිබුණේ සින්ඩිකේටර් දෙක තුනක විතරයි. ඒ බ්ලොග් එක මම ලියන පෝස්ට් වලට ගොඩ දෙනෙක් කැමති වුනත් ඒක එච්චර ප්‍රසිද්ධ වෙච්ච බ්ලොග් එකක් නෙමෙයි.
ඉතිං මම හිතුවා අලුත් බ්ලොග් එකක් ලියන්න. මම ආස කරන රහස් පරීක්ෂණ කතාවක් වෙන ෂර්ලොක් හෝම්ස් ගේ චරිත ලක්ෂණ වලට මම බ්ලොගර් ප්‍රොෆයිල් එක වෙනස් කරලා ඊට ගැලපෙන බ්ලොග් එක පටන් ගත්තා.
මේ මාස තුනේදී මම දාපු පෝස්ට් වලට කමෙන්ට් කරපු අයවත් මෙතනදී මතක් නොකර බෑ. මම දාන හැම පෝස්ට් එකකටම "මඩිස්ස" ලියන මඩිස්සලේ නිශාන් අයියා කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව.... "කෝරලේ වලව්ව" ලියන කෝරලේ මහත්තයත් කොහොම කොහොම හරි කමෙන්ට් එකක් දාන්න අමතක කළේ නෑ. තව රහස් පරීක්ෂක කතා ලියන spider the DETECTIVE වගේම silentsahan අයියා , PM , Gayani Wedage , වීපොකුර , වර්ෂා වගේ අයත් මේ පැත්තට ඇවිල්ලා කමෙන්ට් කරපු අය. තව ඇනෝනිමස් විදිහටත් ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණා. කලින් කියපු අය විතරක් නෙමෙයි, තව ගොඩක් දෙනෙක් මේ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් කරලා ගියා. ඊටත් වඩා ගොඩ දෙනෙක් බ්ලොග් එක කියෙව්වා කියලා මම දන්නවා.
මේ බ්ලොග් එකේ තවත් ප්‍රසිද්ධ වෙච්ච අංගයක් තමයි කවිශ්කගෙයි විසල් ගෙයි රහස් පරීක්ෂණ කතාව. අද මම කියන්න යන්නේ ඒ කතාව ගැන මේ කියවන කිසි කෙනෙක් නොදන්න දෙයක්. ඔය කතාව ගැන අදහස මගේ ඔලුවට ඇවිල්ලා දැනට අවුරුදු 1 1/2 ටත් වැඩියි. ඒ කාලේ මම ඉන්ටර්නෙට් පාවිච්චි කළේ නෑ. ඒ වුණාට මම කතා හිමීට හිමීට ලිව්වා. ඒ කවදාහරි බ්ලොග් එකක පළ කරන්න. මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්ත මුල් දවස්වලම මම ඒ කතාව ට වෙනම බ්ලොග් අඩවියක් ආරම්භ කළා. Sri Lankan Detective Story කියන නමින් ආරම්භ කරපු ඒ බ්ලොග් අඩවියට ඇවිල්ලා තිබුණේ 11 දෙනෙක් විතරයි. (මාසයක් ඇතුලත. ඒකට හේතුව මම ඒ බ්ලොග් එක සින්ඩිකේටර් වලට ඇතුලත් නොකිරිම) අන්තිමට මම ඒ බ්ලොග් එක නවත්තලා "රචිත්‍රගේ නිදහස් අඩවිය" පටන් ගත්තා. ඒත් ඒකට මේ කතාව දැම්මේ නෑ. නමුත් අහම්බෙන් වගේ දවසක මම ඒ කතාව තියෙන වර්ඩ් ඩොකියුමන්ට් එක දැක්කා. ඊට පස්සෙයි මේ බ්ලොග් එකට ඒ කතාව දැම්මේ. ඒත් මම හිතපු නැති විදියට ඒ කතාවට කට්ටිය කැමති වුණා.
දැන් කියන්න යන්නේ මගේ බ්ලොග් එක රසවිඳින කට්ටිය ගැන. මේ පහල තියෙන්නේ මේ බ්ලොග් එකට මේ මාස තුනේදි ආපු කට්ටිය හා එගොල්ලෝ ජීවත් වෙන රටවල්.
ශ්‍රී ලංකාව - 554
එක්සත් අරාබි එමීර් රාජ්‍යය - 37
එකසත් ජනපදය - 28
නෝර්වේ - 23
රුසියාව - 20
බ්‍රිතාන්‍යය (හෝම්ස්ගේ මවු රට) - 16
දකුණු කොරියාව - 11
ඊශ්‍රායලය - 8
ජර්මනිය - 7
කුවේට් - 5
මේ විදියට බලන කොට පේන තවත් දෙයක් තමයි දැන් ඉන්ටර්නෙට් එක්ස්පෝලර් කියන බ්‍රව්සර් එකට වෙලා තියෙන දේ. ඉස්සර ලෝකයේ අංක එකේ බ්‍රව්සරය වෙච්ච ඉන්ටර්නෙට් එක්ස්පෝලර් වලින් මගේ අඩවියට ඇවිල්ලා තියෙන්නේ 41 දෙනයි. ආසන්න වශයෙන් 5%. ඒත් ක්‍රෝම්, ෆයර්ෆොක්ස්, ඔපෙරා බ්‍රව්සර් වලින් පිළිවෙලින් 41%, 28%, 15% ගානේ ඇවිල්ලා තියෙනවා.
මේ මාස තුනේදී වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන ලිපි පෙළ තමයි "ෂර්ලොක් හෝම්ස් ලියන රහස් පරීක්ෂක කතා මාලාව" කියන ලිපි පහ.
තව ටික දවසකින් හෝම්ස් තනියම හදාපු ඔයාලට ෆේස්බුක් චැට් කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් නොමිලේ ලබා දෙන්නත් හිතාගෙන ඉන්නවා.
තව ටික දවසකින් හෝම්ස් තනියම හදාපු ඔයාලට ෆේස්බුක් චැට් කරනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් නොමිලේ ලබා දෙන්නත් හිතාගෙන ඉන්නවා.
සුබ පැතුම් මල්ලි දිගටම ලියන්න ඔයා ..
ReplyDeleteඉගෙන ගන්න දේවල් ඇත පසු නොකරගෙන දිගටම ලියන්න...
ඔයාට දැන්ම නොතේරුණත් සමනල විප්ලවය ,අරුණි ඇන්ටිගේ ( ඔයාට )බ්ලොග් එක , වගේ දේවල් කියවන්න .තව ඔයාට ලිපි ටිකක් දෙන්නම් මන් ඩිංගක් වත් තාම ඔයාට තේරෙන එකක් නැහැ , නමුත් ළඟ තියන් ඉන්න ඒවා.
කවදාක හරි ප්‍රයෝජනවත් වේවි ..( ill prvtly e mail them to u )
අති දක්ෂ ලේඛන වරු කීප දෙනෙක් ඉන්නවා මේ අපි අතර වෙස් වලාගෙන .ඒ අයගේ දේවල් කියවන්න ..තව වර්ගපූර්නිකවත් ඉගෙන ගන්න , හාස්‍ය වගේ
දේවල් ගොඩක් ඇතුලත් ...
ඉන්නකෝ මන් පස්සේ කමෙන්ට් එකක් දාන්නම්..
බොහොම ස්තූතියි අයියේ ඔයා දුන්න උපදේශයට....
Deleteදිගටම කරගෙන යන්න අපි ඉන්නවා කියවන්න...
ReplyDeleteබොහොම ස්තූතියි...ගොඩක් දෙනෙක් කමෙන්ට් නොකෙරුවත් ඔයාලා වගේ අය කියවන්න එන බව දන්න හින්දනේ මම ලියන්නේ.
Deleteහෆොයි මට මේ පෝස්ට් එක මග ඇරිලානේ..))
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් මගෙනුත්..... !
..හතරවැනි අවුරුද්දෙ වැඩි වැඩියෙන් රහස් පරීක්ෂක කතාව ලියන්න ශක්තිය-ධෛර්්‍යය-වාසනාව ඔය ඔක්කොම ලැබේවා..
බොහොම ස්තූතියි සුබ පැතුවට..
Deleteහතරවැනි අවුරුද්දේ නම් මම රහස් පරීක්ෂක කතාවක් ලියන එකක් නෑ... මොකද මේ කතාව 2016 වෙනකං ඇදගෙන යන්න තරං මම දක්ෂයෙක් නෙමෙයි නිසා.... තාම මම බ්ලොග් එක පටන් අරං මාස තුනයි....
digatama liyanna malli mama harima asawan kiyawanna..maga ammath kamati ayat niwadu welawata balanawa...matanam oya niyama dakshayak widiyata penna...:)
ReplyDelete