Saturday, 9 February 2013

අමුතු අමුතු මාන්දංකාරයෝ

මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම මොකක්හරි මාන්දමක් තියෙනවා. ඒක ලොකු දෙයක් වෙන්න පුලුවං පොඩි දෙයක් වෙන්න පුලුවං. ඒත් මේ ලෝකේ හැමෝටම මාන්දමක්, ඒ කියන්නේ අතඇරගන්න බැරි අමුතු පුරුද්දක් තියෙනවා. මම අද කියන්න ආවේ මම අඳුනන කියන අයගේ අමුතු අමුතු මාන්දං ගැන.



අනුන්ගේ මාන්දං ගැන කියන්න කලින් මම මගෙ මාන්දම ගැන කියලා ඉන්නං. මට සාමාන්‍යයෙන් මාන්දමක් හැටියට තියෙන්නේ ෂර්ලොක් හෝම්ස් ගේ කතා කියවන හා බලන මාන්දම. තව මාන්දමක් තමයි කොම්පියුටර් මාන්දම. ඒ මාන්දම උපරිමේට ගිය අවස්ථාවක මට ලැබිච්ච සුපිරි වාසියක් මෙන්න මෙතනින් ගිහින් කියවන්න පුලුවං. ඊට අමතරව මේ දවස් ටිකේ බුකියේ ෆේක් එකවුන්ට් එකකින් පිස්සු නටන මාන්දමකුත් තියෙනවා. ඊටත් අමතරව තව පොඩි පොඩි මාන්දං ටිකක් තිබුනත් ඒවා එච්චර ලොකු ලොකු මාන්දං නෙමෙයි.


දැන් කියන්නං ටිකක් ලොකු මාන්දමක් තියෙන කෙනෙකුගේ කතාවක්. මේ මාන්දං කාරයාගේ නම ලක්ෂාන්. එයාට තියෙන්නේ ටිකක් අමුතු විදියේ මාන්දමක්. හ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව ඇසතු ශාකය (බෝ ගස) වන්දනාමාන කරනවා වගේ ලක්ෂානුත් එක්තරා ගස් වර්ගයක් වන්දනාමාන කරනවා. ඒ තමයි ගංජා ගස්. තව විදියකට කියනවනං කංසා. ඇත්තටම කිව්වොත් එයා ගංජා ගස් සලකන්නේ දේවත්වයෙන්.


මට ලක්ෂාන්ව හම්බ වුණේ මම ඕ ලෙවල් පන්ති යන කාලේ. ඒ කාලේ ඉදංම මිනිහට ගංජා ගැන තිබුණේ පුදුම ලෙන්ගතුකමක්.  හැබැයි එයාගේ එක හොඳක් තිබුණා. ඒ තමයි තමන් කරන වැරදි වැඩ වලට අනුන්ව ඇද ගන්නේ නැති එක. ඒ හින්දා ලක්ෂාන් ඉස්සර හෝම්ස් ගේ හොඳ යා‍ලුවෙක් වෙලා හිටියා.


"අඩෝ හෝම්ස්...... මේ වරෙං උඹට බඩුවක් පෙන්නන්න...."

"මොකක්ද බං?"

"මේ බලපං.... ගංජා සුරුට්ටුවක්.... "

ලක්ෂාන් මට සුදු පාට කොළ කෑල්ලකින් ඔතපු පොඩි සුරුට්ටුවක් පෙන්නුවා.

"මේවා මං ගාන ඕනතරං තියෙනවා.. ඕන්නං ඉඹලා බලපං...."

මම ඒ සුරුට්ටුව ඉඹලා බැලුවා. ඇත්තටම මට එදා සුරුට්ටුවේ සුවඳ බලාගන්න වාසනාවක් තිබුණේ නෑ කෙහෙල්මල් හෙම්බිරිස්සාවක් හින්දා.

"මෙන්න තියෙනවා ගංජා ඇට... ඕන්නං දෙක තුනක් අරගෙන ගිහිල්ලා ගෙදර පැල කරගනිං"

ඊට පස්සේ ලක්ෂාන් මට පෙන්නුවේ තල ඇට වගේ පොඩි ඇට වගයක්. ගංජා ඇට කියන්නේ ඒවා කියලා තමයි ලක්ෂාන් මට කිව්වේ.


තවත් දවසක් මොකක් හරි වැඩකට මම ලක්ෂාන්ලාගේ ගෙදරට ගියා. එදා තමයි මම උගේ ගංජා මාන්දමේ තරම දැනගත්තේ. ගෙදර හිටවලා තියෙන දාස්පෙතියා මල් පාත්තියක් මැද්දේ හිටවලා තියෙන ගංජා පැළ හතරක් මට පෙන්නුවා. මුලු මල් පාත්තියෙම මල් පිපිලා තිබුණත් තරමින් පොඩි මේ පැළ හතරේ මල් පිපිලා තිබුණේ නෑ. බෑලූ බැල්මට දාස්පෙතියා ගස් වගේ පෙනුනට ගංජා ගහේ තියෙන වෙනස ලක්ෂාන් එදා මට කියලා දුන්නේ ගංජා පිළිබඳ මහාචාර්යවරයෙක් වගේ. ලක්ෂාන් එයාගේ ඉස්කෝලේ පන්තිය එහාපැත්තේ තියෙන පොඩි පැළ තවානෙත් ගංජා ඇට පැළ කරලා කියලා මම දැනගත්තේ ලක්ෂාන්ගේ ඉස්කෝලේ හොඳම යාලුවෙක්ගෙන්.


ගංජා වලට අමතරව අනිත් පොඩි පොඩි සිඟිති ආතල් මත්ද්‍රව්‍ය ගැනත් හොඳ දැනීමක් ලක්ෂාන්ට තිබුණා. ඔයා කියපු කතාවක් දෙකක් මම කියන්නං. මේවා ඇත්තද බොරුද කියලා නම් මං දන්නේ නෑ. ඒත් කවුරුත් මේවා ටෙස් කොරලා ඒම බලනවා නෙමෙයි.


ඔයාලා හැමෝම දන්නවා ඇති කොණ්ඩේ ගාන ජෙල් සමහරු මත් වෙන්න කන බව. ඔය ජෙල් කාලා තියෙන කෙනෙක් දන්නවා ඇති ජෙල් කියන්නේ පුදුම තිත්ත රසක් තියෙන දෙයක් කියලා. අපි තිත්ත බෙහෙතක් එහෙම බොන කොට අපි කරන්නේ එක්කෝ බෙහෙත බීලා සීනි ටිකක් කන එක නැත්තං බෙහෙතත් එක්ක සීනි කන එක. මේ ජෙල් වල තියෙන තිත්ත රහ අඩු කරන්නත් කරන්නේ සීනිත් එක්ක ජෙල් කන එක. හැබැයි ජෙල් වලට සීනි කවලම් කළාම ‍ජෙල් එකෙන් ලැබෙන ආතල් එක දෙගුණ තෙගුණ වෙන කතාව මට කිව්වෙත් ලක්ෂාන්.


ලක්ෂාන් කිව්ව තවත් කතාවක් මේක. විශ්වාස කරන්නං අමාරුයි. ඒත් දැන් මත් වෙන්න කරන දේවල් වල හැටියට මේ වගේ දේවලුත් වෙන්න බැරි කමක් නෑ. ඔයාලා හැමෝම ඇඹල් කෙසෙල් ගෙඩි කාලා ඇති. ඒත් සමහරු මත් වෙන්න ඕන කමට ඇඹුල් කෙසෙල් ගෙඩියකට සිද්ධාලේප ගාගෙන කනවා කියන කතාවත් මට කිව්වේ ‍ඔය මාන්දංකාරයාම තමයි.

දැන් ඒ මාන්දංකාරයා ගැන කිව්වා ඇති. මම කියන්නං තව මාන්දං කාරයෙක් ගැන. මේ මාන්දංකාරයා ඉස්සෙල්ලා කෙනා වගේ වැරදි මාන්දමක් හදාගත්තු කෙනෙක් නෙමෙයි. මේ මාන්දංකාරයාගේ නම දිල්ශාන්. දිල්ශාන් ට තියෙන්නේ හැරි පොටර් කතා ගැන තියෙන මාන්දමක්. මෙයත් කලින් කිව්ව ලක්ෂාන් වගේ හැරි පොටර්ව දේවත්වයෙන් අදහන කෙනෙක්.  පන්තියේදි එයත් එක්ක කතා කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම කතාව ඉවරවෙන්නේ හැරි පොටර් ගෙන් කියලා හැම කෙනෙක්ම දන්නවා.


මිනිහා කියවන්නේ සිංහලට පරිවර්තනය කරපු හැරී පොටර් පොත්. ඒත් හැරි පොටර් සිංහල පරිවර්තන පොත් මාලාවේ එක පොතක් පිටවෙලා අවුරුද්දකින් තමා ඊළඟ පොත පිටවෙන්නේ. ඉතිං මේ දිල්ශාන් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ හැරි පොටර් එකේ එක කොටසක් කියවලා ඉවර කරලා. ඒත ඊළඟ එක එන්නේ තව අවුරුද්දකින්. අනික ඒ කාලේ ඕ ලෙවල් විභාගේ පටන් ගන්න ඔන්න මෙන්න තිබිච්ච කාලයක්. ඒ හින්දා ගෙදරින් කතන්දර පොත් කියවන්න ලැබෙන්නේ නැ. දිල්ශාන් ඒකට යොදලා තියෙන්නේ මාර උපක්‍රමයක්.


මුලින්ම දිල්ශාන් ඉන්ටර්නෙට් එකෙන් හැරීපොටර් කතාවේ ඊළඟ කොටසේ ඉංග්‍රීසි පොත pdf විදියට ඩවුන්ලෝඩ් කරගෙන. ඊට පස්සේ ඒ පොතේ තියෙන ටෙක්ස්ට් ඔක්කොම ටික ඩොංගල් එකේ සිම් එකෙන් තමන්ගේ ෆෝන් එකට මැසේජ් විදියට එවලා (sms කරලා). මුලින්ම එවලා තියෙන්නේ පොතෙන් බාගයක් විතර. (කොච්චර මරසේජ් ගානක් යන්න ඇත්ද?) ඊට පස්සේ දිල්ශාන් එයාගේ ෆෝන් එකෙන් කතාව කියවලා තියෙන්නේ බාත්රූම් එක ඇතුලෙදි, (අම්මට‍ අහුවෙන නිසා)


ඔය කිව්වේ තව මාන්දංකාරයෙක්ගේ හැටි. මාන්දංකාරයෝ ගැන කියලා මගේ ඔලුවත් මාන්දං වෙලා. පෝස්ට් එක ඉවර කරන්න යන්නේ ඊට කලින් මම යටින් අහලා තියෙන ප්‍රශ්නෙට ඔයගොල්ලන්නේ බුද්ධිමත් උත්තරේ බලාපොරොත්තු වෙනවා.


* * * * * * *

මගේ ගැටලුව 

එකවුන්ට් සර් : ඔයගොල්ලෝ දැන් හිත සම්පූර්ණයෙන් යොදවන්න ඒ ලෙවල් විභාගෙට. මේ ලව් එෆෙයාර්ස් තියාගෙන පිස්සු නටන්න ඕ‍න කාලයක් නෙමෙයි. ඒවා පටන් ගන්නවා කියන්නේ ඒ ලෙවල් විභාගෙ ගැන තියෙන බලාපොරොත්තු හිතෙන් අතඇරගන්නවා වගේ වැඩක්. සමහරු කියනවා ලව් එකයි එඩියුකේෂන් එකයි දෙකම බැලන්ස් කරගෙන කරන්න පුලුවං කියලා. ඒවා බොරු කතා.


General English සර් : මේ වයසෙදී ලව් එ‍ෆෙයාර් එකක් පටන් ගන්නේ නැතුව ආයෙ කොයි කාලේ කරන්නද? හැබැයි ජීවිතේ අංක එක වෙන්න ඕනේ A 3 ක්. දැන් කාලේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැති කොල්ලෙක්ව ගනං ගන්නෙත් නෑ.


ඔය දෙන්නගෙන් කවුද හරි කියලා දන්න කියන කෙනෙක් මට කියලා දෙනවද?

4 comments:

  1. අනේ මන්දා බන් අර ගැටලුවට නම් හේතුව දන්නේ නැහැ මම නම් තාම කෙල්ලෙක් එක්ක යාළුවෙලා නැහැ.:)

    ReplyDelete
  2. දෙන්නම වැරදීයි බං, එව්ව ළමයින්ටම තේරුම් අරන් තීරනය කරන්න දෙන්න ඔන. කියාදෙන්න ඔන දෙයක් නෙමෙයි.
    උඹට හරි කියල හිතෙන දේ කරපන්. a/l කරන වයස කියන්නෙ හරි තීරනයක් ගන්න දැනුමක් තියන වයස

    ReplyDelete
  3. dan mata "abul kesal" dakina wita lakshan matak aenawa...:P

    ReplyDelete
  4. මේකයි හෝම්ස් කොල්ලෝ..ඔයාගෙම වයසෙ කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන එක විහිලුවක් වගේ පේනවත් ඇති සමහර විට.ඒ වුණාට මං හිතනව අපි දැන් තීරණ ගන්න පුළුවන් වයසක ඉන්නව කියල.නමුත් එෆෙයාර් එකක් පටන් ගන්නව නම් හැම පැත්තක්ම හිතන්න.පළවෙනි කාරණය ආදරේ කියන්නෙ ජීවිතේ නෙවෙයි කියන එක.දරාගැනීමෙ ශක්තිය ඔයාට තියෙනව නම් එෆෙයාර් එක නැවතුනොත් ඔයාට දරාගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ.මං අදුරන කීප දෙනෙක් අධ්‍යාපනයයි ආදරයයි පටලවගෙන ජීවිතෙන් සමුගත්තා.

    අනික් අතට ජීවිතේ ම අධ්‍යාපනය විතරක් කරගත්තොත් ඒකෙත් ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්.මැරීගෙන අවුරුදු දෙකක් පාඩම්ම කරලා මොනාම හරි වෙලා ලැබෙන රිසල්ට් එක අවුල් වුණොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.හොදම රිසල්ට් එකක් අරගත්තත් ඊට පස්සෙ දයාව සෙනෙහස හිතේ ඉතුරු වෙලා නැති නරුමයෙක් වෙනව නම් ඉතින් ඒකෙත් තේරුමක් නෑ.මම නම් හිතන්නෙ ජීවිතේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ගෙනියන එක තමා හොදම.ඉගෙනගන්න එකට මුල් තැන දීල එෆෙයාර් එකත් කරගෙන යන්න පුළුවන් නම් කමක් නැහැ...

    පොඩි එෆෙයාර් එකක් ඇති වෙන්න ගිහිල්ල මගෙ නම් ඉගෙනගන්න වැඩ ටිකක් අප්සට් ගියා,ඕ ලෙවල් කාලෙ..ඒ වුණත් කෙල්ලොන්ට වඩා කොල්ලො හිතන විදිය වෙනස්නෙ.ඔයාල සැහැල්ලුවෙන් හැම දෙයක්ම හිතන්නෙ.ඒක නිසා බොහෝ දුරට කෙල්ලන්ට වගේ අධ්‍යාපනයෙ අවුල් ඇති වෙන්නෙ නෑ...

    කොහොම වුණත් මම නම් මේ අවුරුදු දෙක ඉවර වෙලා පේරාදෙණි කැම්පස් යන්න පුළුවන් තරම් උත්සාහ කරන්නේ.ඒ නිසා ඔය පැත්ත ගැන හිතන්නෙ නෑ.ඒක මගේ පෞද්ගලික අදහස.හැබැයි ඒකපාර්ශ්විකව හිතින් නම් ක්‍රශස් දෙක තුනක් ඇති වෙලා තියෙනව.ඉස්සරහටත් ඇති වේවි.ඒවයින් නම් එච්චර හාම් එකක් සිදු වෙලා නෑ..))

    කවුරු මොනවා කිව්වත් තීරණයක් ගන්න ඕන ඔයා.මුල් තැන අධ්‍යාපනයට දීලා ජීවිතේ සමබරව ගෙනියන්න පුළුවන් නම් කමක් නැහැ.දෙමව්පියන්ගෙ බලාපොරොත්තු ගැන හිතලා, තමන්ගෙ අනාගතය ගැන හිතලා, ජීවිතේ විදවන්න නෙවෙයි විදගන්න පුළුවන් විදියට හොදම තීරණය අරගන්න.ඔයාට හොදම තීරණය ගන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....