Monday, 1 April 2013

රසම රස කෑමක්


ගොඩක් දවසකින් බ්ලොග් එකට ලියන්න කියලා හිතුණා.. මම අඳුනන නෑදෑ හිත මිත්‍රයින්ට වෙච්ච එකම ජාතියේ පොඩි පොඩි කතා ටිකක්. ටිකක් විතර අවුල්සහගත කතා. කැමති අය විතරක් කියවන්න.

* * * * * * * * * * * * * *
කතාව අංක 01

"ඉරේෂා... මට බත් ටිකක් බෙදලා දෙන්න...."

බුද්ධික වැඩ ඇරිලා ගෙදර ඇවිත් නා කියා ගෙන එහෙම තමන්ගේ බිරිඳට කිව්වා...

"මොනවද අද කන්න හැදුවේ?"

"පරිප්පුයි, මාළුයි, කෙහෙල්මුව තෙල්දාලයි...." ඉරේෂා කිව්වා.

"ෂා නියමයි... අද නම් මට වෙනදට වඩා හොඳටම බඩගිනියි... ඉක්මණට බෙදලා දෙන්නකෝ." හොඳටම බඩගින්නේ නොඉවසිල්ලෙන් හිටපු බුද්ධික කිව්වා...

"ආ මෙන්න බුද්ධික... මේසෙට බෙදුවා.. ඇවිල්ලා කන්න...."

බුද්ධිකට කන්න බත් බෙදලා දීපු ඉරේෂා තමන්ගේ මොකක් හරි වැඩකට කෑම කාමරයෙන් පිටවෙලා ගියා.

ඒත් ටික වෙලාවකට පස්සේ බුද්ධික හයියෙන් කෑ ගහලා තමන්ට අඬගහනවා ඉරේෂාට ඇහුණා.

ඉරේෂා.. ඉක්මණට මෙහෙ එන්නකෝ....

ඉරේෂා කර කර හිටපු වැඩෙත් අතරමග නතර කරලා දාලා කෑම කාමරයට දුවගෙන ගියා. ඉරේෂා යනකොට බුද්ධික සින්ක් එකට වමනේ දම දමා ඉන්නවා.

මොකද බුද්ධික උණේ? ඉරේෂා ඇහුවා.

ඒත් ඒ වෙලාවේ බුද්ධික උත්තර දෙන්න පුලුවන් තත්වෙක හිටියේ නෑ. මෙහෙම බුද්ධික විනාඩි 15 ක් 20ක් විතර වමනේ දැම්මා. වමරේ කරලා ඉවර වුණාට පස්සේ බුද්ධික සාලෙට ඇවිල්ලා පුටුවෙන් වාඩි වුණා.

මම කකා හිටපු බත් පිඟාන අරගෙන එන්න මම පෙන්නන්නං වමනේ ගියේ ඇයි කියලා.
ඉරේෂා කැම කාමරේට ගිහින් බුද්ධික කකා හිටපු බත් පිඟාන අරගෙන ආවා.

මේ බලන්න මේ කෙහෙල් මුව එකේ තියෙන්නේ මොකක්ද කියලා. බුද්ධික කළු පාට මස් වැදැල්ලක් වගේ සෙවල පිරිච්ච දෙයක් ඉරේෂට පෙන්නුවා.

ඊ...යා..... හංගොල්ලෙක්.... ඉරේෂට කෑගැහුනා. උගේ ඇඟේ බාගයයිනේ තියෙන්නේ....

ඉතුරු බාගේ මට කැවුන හින්දා තමයි ඊයේ කාපුවත් එළියට එන්නම වමනේ දැම්මේ...

දැන් මේ කතාව කියවාපු ඔයාලා කල්පනා කරනවා ඇති කෑම එකට හංගොල්ලා ගියේ කොහොමද කියලා.  ඒ ප්‍රශ්නෙට උත්තරේ තාම ඉරේෂාවත් බුද්ධිකවත් හොයා ගෙන නෑ. ඒත් හංගොල්ලා කෑම එකේ හිටියේ නම් අමුවෙන් නෙමේ කියලා තමා බුද්ධික කියන්නේ. ඔය සිද්ධිය මට කියපු වෙලාවේ මම බුද්ධිකට කිව්වේ මෙච්චරයි.

ඔය පිටරට මිනිස්සු ඕනතරම් ගොලුබෙල්ලන්ව කන්නේ. ගොළුබෙල්ලාත් මොලුස්කාවෙක් , හංගොල්ලත් මොලුස්කාවෙක්.

* * * * * * * * * * * * * * * * * * * *
කතාව අංක 02

ෂෙහානි 1.30 ට පාසල ඉවර වුණාට පස්සේ ගෙදර ආවේ ඉක්මණට කාලා, ලෑස්තිවෙලා අනිත් අතට ආයෙත් පන්ති යන්න බලාගෙන. ෂෙහානි ගෙදර එනකොට එයාගේ අම්මා මොකක් හරි වැඩක් කර කර හිටියේ.

අම්මා... අද ක්ලාස්... මට ඉක්මණට බත් ටිකක් බෙදලා දෙන්නකෝ. අදවත් ක්ලාස් එකට වේලාසනින් යන්න ඕනේ. ගිය සතියෙත් පරක්කු වෙලා ගිහින් සර්ගෙන් බැනුම් ඇහුවා.

මම උයලා තියෙන්නේ...  බෙදාගෙන කන්නකෝ... ෂෙහානිගේ අම්මා කිව්වා.

ඒ වෙලාවේ හොඳටම බඩගින්නේ හිටපු ෂෙහානි ඇඳුම් මාරු කරගෙන කුස්සියට ගියේ බත් බෙදාගෙනම කන්න. එදා ෂෙහානිගේ අම්මා හදලා තිබුණෙත් ෂෙහානි කැමතිම කෑම ජාති. ඒ අතරේ එයා කැමතිම හාල් මැස්සෝ හොද්දකුත් තිබුණා. ඒ වෙලාවෙම උයලා තිබුණු නිසා රස්නෙ අඩු වෙන්න ඇරලා තියපු හාල්මැස්සෝ ව්‍යංජනයෙන් ෂෙහානි ටිකක් වැඩිපුර බෙදා ගත්තේ තමන් ආස කරපු කෑම ජාතියක් නිසා.

බත් පිඟාන බෙදාගත්ත ෂෙහානි පන්ති යන්න පරක්කු වෙන නිසා ඉක්මණට කාගෙන කාගෙන ගියා. බත් පිඟානෙන් තුන්කාලක් විතර ඉවර වෙනකොට එකපාරටම ෂොහානි මහ හයියෙන් කෑගැහුවා.

අම්මේ... මෙහෙ එන්නකෝ.....

ඇයි දුවේ මොකෝ?

මේ බලන්නකෝ බත් එක....

ෂෙහානිගේ අම්මා ෂෙහානි අතේ තිබුණු බත් පිඟාන දිහා බැලුවා. හාල්මැස්සෝ ව්‍යංජනයේ හාල්මැස්සෝ අතරේ හිටපු මියගිය හූනෙක් ඉන්නවා ෂෙහානිගේ අම්මා දැක්කා.

කොහොමද අම්මේ හූනෙක් මේකට ආවේ? ෂෙහානි අප්පිරියාවෙන් ඇහුවා.

මම හාල්මැස්සෝ හොද්ද ඇරලා දාලනේ තිබ්බේ රස්සේ නිසා. ෂුවර් එකටම එතකොට තමා මූව වැටෙන්න ඇත්තේ. ෂෙහානිගේ අම්මා උණු හාල්මැස්සෝ හොද්දේ හොඳට තැම්බී හිටිය හූනා දිහා බලලා කිව්වා.

මේවා අපේ ගෙවල් අසල ඉන්න අයියා කෙනෙක්ට හා  මගේ ඥාති සොහොයුරියක්ට වෙච්ච ඇත්ත සිද්ධි දෙකක්. අපි ගෙදර හදන කෑම කොච්චර පිරිසිදුව හැදුවත් මෙහෙම සත්තු නිසා කෑම අපිරිසිදු වෙනවා නම් කෑම කඩවල විකුණන කෑම ගැන ආයේ කියන්න දෙයක් නෑනේ.

අපි අනන්තවත් කඩවලින් මේ වගේ සත්තු වැටුණු කෑම කනවා ඇති; කාලා ඇති.  නමුත් අපිට ඒ නිසා මොකක් හරි අසනීපයක් වෙන්නේ කලාතුරකින්. 

ඔබ සමහරවිට මේ කතාව අහලත් ඇති. කෘමියන්ගෙන් ඉතා පිරිසිදුව තමන්නේ ශරීරය පවත්වාගෙන යන කෘමියා කැරපොත්තා බව. අපි ගොඩ දෙනෙක් කැරපොත්තන්ව අප්‍රිය කරන්නේ උගේ ඇඟේ තියෙන පාට නිසා.(උගේ පිටත ශරීරය තද දුඹුරු පාට වුණත් කැරපොත්තන්ගේ ලේ සුදු පාටයි. ඒ උන්ගේ ලේ වල හිමොග්ලොබින් වර්ණකය නැති නිසා) කැරපොත්තෙක් වගේ සතෙක් කෑමක් සමග කැවුනත් ඒ ගැන අපි නොදන්නවානම් අපිට කිසිම වෙනසක් නොදැනෙන්නේ ඒ නිසා. (හැබැයි දැනගත්තොත් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්)

අද ඉඳංවත් ඔයාලා කඩවල් වලින් කෑම කනවා නම් ඉතා විශ්වාසවන්ත වගේම පිරිසුදු කඩයකින් කනවනම් තමා හොඳ.v

5 comments:

  1. ඔව් බන් මම පොඩි කාලේ අපි කඩෙන් ගෙනාපු බත් එකක පරිප්පු හොද්දේ මී පැටව් දෙන්නෙක් හිටියා.හැබැයි අපි කන්න ඉස්සෙල්ලා දැක්ක නිසා කඩේට ගිහින් පෙන්වලා පොඩි සත්තමක් දැම්මම.කෑගහන්න එපා කියලා කේ එෆ් සී එකෙන් අපිට ඒ හොටෙල් එකේ බුවා ලන්ච් එක ගෙනල්ලා දුන්නා.

    තව දවසක් අප්‍රේල් මාසේ පලවෙනිදක මම පාන් ගෙඩියක් ගෙනාව ඒක ඇතුලේ මැරිච්ච අලියෙක් හිටියා නොවැ O_o

    ReplyDelete
    Replies
    1. තව දවසක් අප්‍රේල් මාසේ පලවෙනිදක මම පාන් ගෙඩියක් ගෙනාව ඒක ඇතුලේ මැරිච්ච අලියෙක් හිටියා නොවැ O_o

      +++++

      Delete
  2. niyama katawa api nodana monawa kawat danagattot nam itin lada godai...:P

    ReplyDelete
  3. tika kalekin neda malli...
    honda padamak thamai oya kiyala
    thiyenne...wadagath godak..digatama liyanna
    malli..api enawa balanna...

    ReplyDelete
  4. චිහ්.. මොනවද බං මේ ලියල තියෙන්නෙ.අප්‍රේල් පළවෙනිද වුණත් මේ වගෙ අප්පිරියා සහගත කතා ලියන්ඩ හොදයිද?

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....