Friday, 28 June 2013

බස් එකේ හිටපු කපල් එක

මම මාස ගානකින් මේ බ්ලොග් එකට ලියන්නේ.. ලියන්න බැරි උනාට තරහා වෙන්න එපා... මේ දවස් ටිකේ මම හෙන බිසී... මට ළඟදි වෙච්ච පුංචි කතාවක් ලියලා යන්නං දැනට...

ගිය සෙනසුරාදා මම ක්ලාස් ඇරිලා ගෙදර එන්න බස් එකට නැග්ගා..

ඉඳගන්න සීට් එක්ක තිබුණේ නෑ..

මම ඉතිං "මැද්දේ පොල්ල" අල්ලගෙන අයිනේ තියෙන සීට් එකක් ගාවට ගියා...

එතන අයිනේ දැකලා පුරුදු එකෙක් හිටියා... ඊට එහා පැත්තේ කෙල්ලෙක්.. අරූගේ අත අල්ලගෙන.. කොල්ලගේ නම අචින්ත.. ඉස්සර අපිත් එක්ක ඕ/ලෙ පන්ති ආපු එකෙක්... ඌ ඉස්සර කළේම අපිව කෙල්ලෝ ඉස්සරහ බයිට් කරපු එක..

මට ඌ ඉන්න විදිය දැක්කම හිතට මහා කුප්ප අදහසක් ආවා.... ඌ ඉස්සර අපිව දාගෙන බයිට් කරපු එකට, මූව බයිට් කරන්න අද හොඳ චාන්ස් එක්ක තියෙනවා කියලා හිතුණා...

ඌ මාව අඳුන ගත්තා.. මාත් එක්ක ටික්ක කතා කළා.... මම ඒ කතා කරන අතරමැදදී කෙල්ලටත් ඇහෙන්න මෙහෙම ඇහුවා..

"ඒ මචන් අර උඹ ඉස්සර කෙල්ලෙක් කරා නේද සචිනි කියලා.... ඒ කෙල්ලක් එක්කත් උබ මෙහෙම ගියා නේද බන් බස් වල....? කොහොමද ඒ කාලේ ඒ කෙල්ලක් එක්ක ගත්ත ෆන් එක...? දැන් ඒ කෙල්ලට මොකද උනේ බන්??"

දැන් අරූට කරගන්න දෙයක් නෑ.. කෙල්ල මං දිහා ඔරවලා බලනවා... මම කෙල්ලව දැක්කෙ නෑ වගේ මූත් එක්ක කතා කරනවා....

"උබට මතකද බන් උබ ඒ කෙල්ලත් එක්ක එක දවසක් පන්ති කට් කරලා ගෝල් ෆේස් එකට ගියා.. ? උබ අපිට නං කිව්වේ එදා පට්ට ආතල් එකක් ගත්තා කියලා නේද? එදයින් පස්සෙ වෙන කොහෙවත් ගියෙ නැද්ද බන්?"

දැන් අචින්තයා මගේ කකුල පාගනවා... උගේ ඇ‍ඟේ මුලු ශක්තියම දාලා පාගනවා... ඌ මාර විදියට බයිට් වෙලා ඉන්නේ.. මට පස්සේ ඌ ගැන දුක හිතුණා... අන්තිමට බහින්න ළං උනාම ඌගේ කෙල්ලට කිව්වා ඉස්සෙල්ලා කිව්ව ඒවා ඔක්කොම විහිලුවට කිව්වේ කියලා... ඒ කෙල්ල මට කිව්වා ඔයා කියපු විදියට ඔයා කිව්වේ විහිලුවට කියලා තේරුණාලු.... ඒත් ඒ වැඩෙන් අචින්තයා නං අම්බානෙකට බයවුණා.... මට තාම ඌව කොහෙදිවත් හම්බවුණේ නෑ... හම්බුනොත් හොඳට කුණුහබ්බ දෙක තුනක් අහගන්න පුලුවන්..

5 comments:

  1. මොනවා වුණත් පව් බං :D අචින්තයගේ සර්වාංගමෙ තෙත් වෙලා යන්න ඇති . . .

    ReplyDelete
    Replies
    1. ඔය වගේ විහිලූ මේ කාලේ කොරන්නැතුව ආයේ කොයි කාලෙක කරන්නද?

      Delete
  2. Melo rahak ne. Achinthayata kalisame choo yanna athi maye hithe.. Hii... Hiiii....

    ReplyDelete
    Replies
    1. එච්චර වෙලා බයිට් කළේ නෑනේ... එච්චර අවුලක් ගියේ නෑ ඌට...

      Delete
  3. කතාවනං නියමයි... හැබැයි ඔය වගේ වැඩ කරන එකනං නුවණට හුරු නෑ...

    ReplyDelete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....