කාලයක් තිස්සේ ඔයාලා බලාගෙන හිටපු
රහස් පරීක්ෂණ කතාවේ පස්වෙනි කොටස මෙන්න අද මම අරගෙන ආවා. ගොඩ කාලෙකින් කතාව බලපු
නැති හින්දා පහුගිය කොටස් කියවලා කතාව මතක් කරගන්න.
පළමු කොටසට
දෙවන කොටසට
තුන්වන කොටසට
හතරවන කොටස
දෙවන කොටසට
තුන්වන කොටසට
හතරවන කොටස
එදා සෙනසුරාදා
දවසකි. මම මාගේ පෞද්ගලික කටයුත්තක් සඳහා නිවසින් පිටව ගොස් සිට නැවත නිවසට
පැමැණියෙමි. නමුත් මාගේ මව කිසියම් කාර්යයකට නිවස අගුලු දමා නිවසින් පිටව ගොස්
සිටියාය. නිවසේ යතුරද වෙනදා තබන ස්ථානයේ
නොතිබූ හෙයින් මම මව පැමිණෙන තුරු සිටීමට විසල් ගේ කාමරය වෙත ගියෙමි.
මා යන විට විසල් තමාගේ පරිගණකයෙන්
කිසියම් කාර්යයක් සිදු කරමින් සිටියේය. කාමරයේ දොරද විවෘත කර තිබූ හෙයින් මම දොරට
තට්ටුවක් දමාගෙන කාමරයට ඇතුළු වීමි.
“ආ.....
කවිශ්ක.... කොහොමද?” මෙසේ පැවසූ විසල් මා දිහා ස්වල්ප
වේලාවක් එක එල්ලේ බලා සිට නැවත ඔහුගේ
කාර්යයට යොමු විය.
“හොඳයි
විසල් අයියෙ. අද නං මට මාර විදියට මහන්සියි. අම්මත් කොහෙද ගිහිල්ලා. ගෙදර යතුරත් නෑ. ඒක හින්දා මම අම්ම එනකං මෙතනට
වෙලා ටික වෙලාවක් ඉන්නං.”
“ආ ඒක අවුලක් නෑ. ඔහොම ඉන්නකෝ.”
විසල් එසේ පැවසූ පසු මම ඔහුගේ කාමරයේ තිබු අසුනක වාඩි වීමි.
“ඔයාට
ගර්ල් ෆ්රෙන්ඩ් එක්ක ගෝල් ෆේස් එකේ අයිස්ක්රීම් කාලා මහන්සිත් ඇති නේද?”
විසල් එක් වරම ඇසූ එම ප්රශ්නයෙන් මා
වාඩිවී සිටි පුටුවෙන් නිකම්ම නැගිට්ටවිනි.
“ඔයා
කොහොමද දන්නේ මම එයත් එක්ක අද ගෝල් ෆේස් එකට ගියා කියලා? ඔයා කාවද එව්වේ මං ගැන
ඔත්තු බලන්න?”
“අනේ මං
වගේ පොඩි මිනිහෙක් කොහොමද ඔයා පස්සෙන් ඔත්තු කාරයෙක් එවන්නේ? එච්චර වත්කමක් නං මං ගාව
නෑ.”
“එහෙනං
කොහොමද ඔයා දැන ගත්තේ මම ගියපු තැනයි, ගිහින් කරපු දේවලුයි?” මම ඇසුවෙමි.
“අනේ කොල්ලෝ!
පොඩ්ඩක් බලන්න ඔයාගේ ඩෙනිම් කලිසමේ පහල. සුදුපාට හීනි වැලි හැමතැනම. ඔයාගේ ඔය නිල්
පාට ඉරි ගියපු සුදු පාට ෂර්ට් එකේ තියෙන රෝස පාට පැල්ලම. ඔය දෙකම දැක්කම හිතාගන්න
පුළුවං කොල්ලා කොහෙද ගියෙ කියලා.”
“ඒ කොහොමද?
කලිසමේ වැලි තිබ්බ එකෙන් හොයාගන්න පුළුවං බීච් එකට ගියා කියලා කියන්න. ඒත් මම ගියේ
ගෝල් ෆේස් එකට මයි කියන්නේ කොහොමද? අනික ගර්ල් කෙනෙක් එක්ක අයිස්ක්රීම් කැවා
කියන්නේ කොහොමද? මට තනියම අයිස් ක්රීම්
කන්නත් පුළුවන්නේ.”
“ඔයා ගියේ
ගෝල් ෆේස් එකට කියලා මම කිව්වට මට ඒක එච්චරම ෂුවර් තිබුණෙ නෑ. ඒ වුණාට ඉතිං අපි ඉන්න තැනට ළඟින්ම තියෙන්නේ ගෝල්
ෆේස් එක. අනික එතන ඔයාලා වගේ අයට ප්රසිද්ධ තැනක්නේ. මේ වයසේ කොල්ලෙක් මේ කට්ට
අව්ව පායලා තියෙන වෙලාවේ ගෝල් ෆේස් එකට ගිහින් තනියම අයිස්ක්රීම් කැවා කියලා
හිතන්න බැ. එහෙම කරනවනං එක්කෝ එයාට මානසික ලෙඩක්. කවිෂ්ක ට මානසික ලෙඩක් නෑ කියලා
මම හොඳටම දන්නවා.”
“දැන්නේ
තේරෙන්නේ ඔයා ඒක දැනගත්තේ කොහොමද කියලා...ඒක නෙමෙයි විසල් අයියේ.....ඔයාගේ අර
පරීක්ෂණේ එහෙම දැන් කොහොමද?” මම ඇසුවෙමි.
“ඒ
ගැන වැඩක් තමයි මං මේ දැන් කර කර හිටියෙත්. ඔයාලගෙ අම්මත් මේ පොඩ්ඩකට කලින් එළියට
ගියේ. එන්න තව ටිකක් පරක්කු වෙයි. මොකද කියන්නේ මාත් එක්ක යන්න කැමතිද පොඩි ගමනක්?”
“කොහෙද?”
“ඔයා
කැමතිනං විතරක් එන්න. අපි ටක්ගාලා අර මර්ඩර් එක වෙච්ච ගෙදරට ගිහිල්ලා එමු. මට ඒ
ගෙදර තව වුවමනා දේවල් ටිකක් තියෙනවා බලාගන්න.”
මා ද බලා සිටියේ මෙවැනි අවස්ථාවක් උදාවන
තුරුය. මිනිමැරුම සිදු වූ හැටි ගැන විසල් ගෙන් අසා දැන ගත්තත් එය සිදුවූ ස්ථානය
නැරඹීමට මා සිටියේ නොඉවසිල්ලෙනි. මා එක එල්ලේ යෝජනාවට කැමැත්ත ප්රකාශ කර
සිටියෙමි.
එම සිදුවීමෙන් හරියටම විනාඩි 15ට පමණ
පසු අප දෙදෙනා සිටියේ විසල් ගේ බයිසිකලයේ නැගී වේගයෙන් මිනිමැරුම සිදුවූ නිවස දෙසට
යමින්ය. සුළු වේලාවකට පසු එම නිවසට පැමිණි අප බයිසිකලය ගේට්ටුව අසල නවත්වා නිවස
වෙතට පියනගන්නට විය. නමුත් ගේට්ටුව අසලදි විසල්ට ඇතුලට යා හැකි වුවද මා හට ඇතුලට
යාමට පොළිස් නිළධාරීන් ඉඩ දුන්නේ නැත.
“එයාට
එන්න දෙන්න.”
විසල් පැවසුයේ එපමණකි. මා හට ඇතුලට යාමට අඅවසර ලැබුණී.
“සර්..........” මා
පරික්ෂාකල පොළිස් නිළධාරියෙකු විසල්ට කතා කළේය. “සර් එනකං
වික්රමරත්න සර් බලාගෙන ඉන්නවා. සර් ආපු ගමන් එයා ගාවට එවන්න කියලා කිව්වා”
“ඕකේ.”
විසල් කීවේය. “කවිශ්ක
එන්න මාත් එක්ක.” විසල් මාද කැටුව උසස් පොළිස් නිළධාරියා
හමුවට ගියේය.
“අයියෝ
විසල් ඔයා විනාඩි 5ක් පරක්කුයි.” උසස් පොළිස් නිළධාරියා පැවසුවේය.
“එච්චරම
පරක්කුවක් නෑ. අපි කෙලින්ම කතාවට බහිමු. දැනට දවස් ගානක් තිස්සේ සීඅයිඩී එකෙන්
පරීක්ෂණේ කරනවා ඒත් අපරාධකාරයා ගැන කිසිම හෝඩුවාවක් නෑ. මම හිතන්නේ ඔබතුමා මට එන්න
කියන්න ඇත්තේ මට මේ පරීක්ෂණේ භාරගන්න කියන්න වෙන්න ඇති.”
“හරියට
හරි මිස්ටර් විසල්. මේ කේස් එක හින්දා මුළු පොළිස් ඩිපාට්මන්ට් එකේම සායම ඉවරයි.
පත්තරකාරයො අපිට පට්ට ගහනවා. අපිටත් කරගන්න දෙයක් නෑ. මුළු රටේම පොළිස් ස්ටේෂන්
වලට අර සුරංග කියන මිනිහා ගැන දන්වලා තිබුණට තාම කිසිම හෝඩුවාවක් නෑ.” උසස්
පොළිස් නිළධාරියා කීවේය.
“මට මේ කේස් එකට කළින් එන්ටර් වෙන්න බැරි වුණේ මම ඒ දවස් වල කර කර හිටපු වෙන කේස් එකක්
හින්දා. මම මට පුළුවන් වෙලාවක ඇවිල්ලා මේ ගෙදර අයගෙන් කට උත්තර අරගෙන ගියා. ඒත් මේ
ගැන උනන්දු වෙන්න වෙලාවක් තිබුණේ නෑ. මමත්
හිතුවේ මේ කේස් එකේදිත් වෙන කේස් වලදී වගේ ඒ මිනිහව අල්ලගෙන තියෙයි කියලා. ඒත් මේ
පරීක්ෂණේ හිතුවට වඩා දුරදිග යනවා කියලා මට තේරෙනවා.”
විසල් කීවේය.
“කවද
ඉදංද මිස්ටර් විසල් දැන් පරීක්ෂණේ පටන් ගන්නේ?”
“මේ
දැං ඉඳන්”
විසල් පිළිතුරු දුන්නේය.
“එතකොට
විසල් මේ කවුද?” උසස්
පොළිස් නිළධාරියා විසල්ගෙන් මා පෙන්වමින් ඇසුවේය.
“ආ...
ඒ මගේ අලුත් යාලුවෙක්. එයාටත් මාත් එක්ක මේ කේස් එකට කනෙක්ට් වෙන්න ඕනෙලු.”
විසල් පැවසීය.
“තාම
පොඩි කොල්ලෙක්නේ.....” උසස් පොළිස් නිළධාරියා මා පෙන්වා
පැවසුවේය. “එහෙනං
විසල් දැන්ම වැඩේ පටන් ගන්න. මම යනවා. මොකක්හරි උදව්වක් ඕනෙනං හරි මොකක් හරි ප්රශ්නයක්
නං හරි මට කෝල් කරන්න. මගේ නම්බර් එක තියෙනවනේ.” එසේ
පැවසූ පොළිස් නිළධාරියා එතැනින් පිටව ගියේය.
“එහෙනං
විසල්... මගේ බයික් එකේ කැබි එකේ තියෙනවා පොඩි බෑග් එකක්. මෙන්න යතුර. ගිහින් ඒක
අරගෙන එන්න. අපි වැඩේ පටන්ගමු.”
මේ පාර ෂර්ලොක් හෝම්ස් ඇක්ට් කොරන්නෙ වොට්සන්ගෙ රෝල් එක වගේ. :ඩී
ReplyDeleteෂර්ලොක් ගේවිදියට ලිව්වනං ඒනේ කිසිම ගතියක් නෑ. එතකොට අර කුතුහලයද මොකක්ද එක එන්නේ නෑ.
Deleteකොහොම හරි ගර්ල් ෆ්රෙන්ඩ් ගැනත් ලිව්වා ඈ එහෙනම් බ්ලොගේ? :)
ReplyDeleteමගේ එකා ගැන නෙමෙයි ලිව්වේ..ඔය නිකං හිතුනා...ලිව්වා....
Deleteඅඩේ එල ඇ.......... ඉක්මනට දාපන් ඊලඟ කොටසත්
ReplyDeleteඕකේ මචං......උඹලගෙ කමෙන්ට් හින්දා තමයි කතාව ලියන්න ගැම්ම එන්නේ
Deleteනියමයි යාලු.දිගටම කතාව ලියන්න.
ReplyDeleteජය වේවා..!
බොහොම ස්තූතියි ඔයාට මේ පැත්තේ ඇවිල්ලා යනවට...
Deletesuper ...super....kiyawannamai hitanna...:)
ReplyDelete