Friday 5 October 2012

ලංකාවේ ෂර්ලොක් හෝම්ස් !

මේ බ්ලොග් අඩවියට එන ඔබ සමහරවිට පිවිසිලා ඇති "රචිත්‍රගේ නිදහස් අඩවියට". ඒ බ්ලොග් අඩවියට මම දාපු පෝස්ට් වලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වුණාට මට ඒ බ්ලොග් අඩවිය හරියට පවත්වා ගන්න හම්බ වුණේ නෑ. ඒ මම 2012 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නිසා. ඒ හින්දා පාඩම් වැඩත් එක්ක බ්ලොග් එක හරියට කරගෙන යන්න අවස්ථාවක් ලැබුණේ නෑ.  මගේ නමින්ම නම් කරලා තිබුණු ඒ බ්ලොග් එක එච්චර හොඳ නෑ කියලා මම දන්න අඳුනන අය කිව්වා.(හැබැයි දාලා තියෙන පෝස්ට් ටිකනම් හොඳයි කියලා කිව්වා)  ඉතින් මම කල්පනා කළා අළුත් අදහසකින් බ්ලොග් එකක් පටන් ගන්න. 

1890 - 1910 කාලවල එංගලන්තයේ  ලියවෙච්ච ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීක්ෂක කතා මම ගොඩක් ආස කරපු කතා මාලාවක්. මම ඉතින් ඒ කතාවල ප්‍රධාන චරිතය ට ගැලපෙන විදිහට "221 බී, බේකර් විදිය , ලන්ඩනය" (ෂර්ලොක් හෝම්ස් චරිතය ජීවත් වූ නිවසේ ලිපිනය) කියලා මගේ බ්ලොග් අඩවිය නම් කළා. බ්ලොග් එක ලියන මම තමයි ෂර්ලොක් හෝම්ස්.

මගේ පාසලේ මාත් එක්ක එකට ඉගෙන ගන්න මගේ යාළුවෙකුත් මේ බ්ලොග් සයිට් එක ලියන්න එකතු වෙනවා කියලා කිව්වා. එතකොට එයා තමයි "දොස්තර වොට්සන්" (ෂර්ලොක් හෝම්ස් ගේ මිතුරා). ඔහුටත් මට වගේම කියන්න ලස්සන ලස්සන කතා ගොඩක් තියෙනවා. එයා ලියන කතාත් කියවන්න ඔයාලා ගොඩක් කැමති වෙයි.

ඉතින් කොහොම කොහොම හරි ඔයාලට ආයෙත් ආකර්ශනීය බ්ලොග් එකක් ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. මගේ පරණ බ්ලොග්  එකට මම ලියපු කතා ඔක්කොම අයෙත් මේ බ්ලොග් එකටත් දාන්න හිතාගෙන ඉන්නවා. ඒත් එක්කම මම කියන්න කැමතියි ඔයාලට පුළුවන් කමක් තියෙනවානම් කමෙන්ට් එකක් ලියලා තියලා යන්න. හැබැයි මම දන්නවා ඔයාලට කාලය ගොඩක වටින බව. ඒ හින්දා කමෙන්ට් නොකර ගියයි කියලා මගේ හිතේ තරහක් නම් නෑ.

2 comments:

  1. සුබපෑතුම් මල්ලි...දිගටම ලියන්න වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අසංක අයියෙ. මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නම්. කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි

      Delete

මේ කතාව ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් මොනවද කියලා දැනගන්න මම හරිම කැමැත්තෙන් ඉන්නේ....